අභිරහස් ඝාතකයා වසරකට පසු කොරෝනා වසංගතයෙන් ගම් වැදී සිටියෙදී අත්අඩංගුවට

ගාල්ල ,ඇල්පිටිය, කරන්දෙණිය දකුණු මාගල ප්‍රදේශයේදි මීට වසරකට පෙර හැට දෙහැවිරිදි වැන්දඹු කාන්තාවක් ඝාතනය කරන ලදැයි කියන සැකකරු ඊයේ (70 ) ඌරගස්මංහන්දිය උතුරු මාගල ප්‍රදේශයේ සැඟව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව කරන්දෙනිය පොලීසිය පවසයි.

බාහිරින් කිසිදු තුවාලයක් නොපෙනෙන්න මේ කාන්තාව ඉතා අභිරහස් ආකාරයට ඝාතනය කර තිබූ බවත් මරණ පරික්ෂණය සඳහා මෘත දේහය විච්චේදනය කල අවස්ථාවේදි ඇය ඝාතනය කර තිබුනේ මුගුරකින් (පොල්ලකින් )  පහරදීමෙන් බවද අනාවරනයවූ වී තිබිණි.

මේ ඝාතනයත් සමගම අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් විවිධ ප්‍රදේශවල විවිධ රැකියාවල් කරමින් සැඟව සිට ඇති බවත් අවසානයේදි ඔහු දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ වගාවේ නිරතව සිට ඇත.කොරෝනා වසංගතය මෙරටට පැමිණිමත් අස්වැන්න ගෙනයාමට මේ ප්‍රදේශයෙන් ගිය ලොරි රථයක නැගි ඉතා සුක්ෂම ආකාරයෙන් සිය ගම්පලාතට පැමින ඇති බව පොලිස් පරික්ෂන වලින් තහවුරු වි ඇත.

සැකකරු සිය නිවසේ නොසිට උපන් ගමේ තැනින් තැන ගැවසෙන බවට තොරතුරු ලැබීමත් සමගම ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කරන්දෙනිය පොලීසිය පවසයි.

අදාළ ඝාතනයේ සැකකරු මීට පෙර ගාලු දිසාවේ සුරා සැල් දෙකක් කඩා මුදල් පැහැර ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරදකරු වු අයෙක් බවද පොලිසිය කියයි.සැකකරු ඊයේ (7 ) දහවල් ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කරන්දෙනිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ,උපදෙස් පරිදි  අපරාධ අංශයේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක නදුන් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුලු නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *