කාගෙවත් ජයග්‍රහණ උදුරා ගන්නේ නැහැ ජනතාව අපිව ඔසවා තබනවා // නාලක ගොඩහේවා කියයි

කියන්නේ ගම්පහ අවුරුදු 45 ක ඉදලා ඉන්න කෙනෙක් එහෙම කෙනෙක් ගම්පහ දාලා යන්න අවශ්‍ය නැහැ මම ගම්පහ ඉදලා තමයි ස්කොලේ ගියේ ගම්පහින් තමයි බැන්දේ ඉතින් මම පිටස්තරයෙක් වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ මේ මනාප දේශපාලනය නිසා එකම පක්ෂයේ කණ්ඩායම් විරසක වෙනවා මේවා ජනතාව තේරුම් ගත යුතුයි අපි මනාප පොරයට යන්නේ නැහැ නාලක ගොඩහේවා කියන්නේ කවුද කියලා මැතිවරණ ව්‍යාපාරය පුරාම ජනතාව දුටුවා අපි කිසිවෙකුට හිංසා කලේ නැහැ මඩ ව්‍යාපාර ගෙනගියේ නැහැ ප්‍රතිපති සහිත දේවල් ජනතාව අතරට ගෙන ගියා කාටවත් මනාප දෙන්න එපා කියලා නාලක කියන්නේ නැහැ

හැබයි එකක් කියනවා පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රතිපති සම්පාදනය කරන තැනක් එතන ඉන්න ඕන කවුද කියලා ජනතාව තීරණය කල යුතුයි .සියනෑවේ ලෙන්ගතු මිනිසුන් නාලක ගැන සහ ඔහු මේ මැතිවරණයේ තබන තැන පිලිබදව මට ලොකු විශ්වාසයක් තියෙනවා එම විශ්වාසය වෙනුවෙන් පෙරලා සියනෑවේ ලෙන්ගතු මිනිසුන්ට සේවය කරන්නේ කොහොමද කියන දේ ගැන මම සැලසුම් කරලා ඉවරයි ගම්පහ මිනිස්සු වෙනුවෙන් කලයුතු වැඩ කොටස ඉදිරි අවුරුදු පහ තුල ඉටු කරන්න නාලක ගොඩහේවා කැපවෙලා ඉවරයි

අපිට මඩ ගහන අපහස කරන මිනිසුන් ගැන මම අනුකම්පා කරනවා වැඩ පිළිවෙලක් නැතිව වැඩක් නොකරපු ගම්පහ මිනිසුන් අතර ප්‍රතික්ෂේප වුණු දේශපාලකයන් තමන්ගේ අඩුපාඩු වහගන්න අනෙකාට චෝදනා කරනවා මේ තියෙන්නේ හීන මානය මේක තමයි අපි නැති කරන්න ඕන මම දේශපාලනයට ආවේ කාගෙවත් ජයග්‍රහණයක් උදුරගන්න නොවෙයි ජනතාවට ජයග්‍රහණය ලබාදෙන්න එක ඉවසගන්න බැරි තැන සිදුකරන අවලාද වෙනුවෙන් අපි කාලය වැයකරන්න අවශ්‍ය නැහැ ඒ සියලු දෙනාට අගෝස්තු 5 වෙනිදට ජනතාව නිසි පිළිතුර ලබාදෙනු ඇතැයි කියා මා සිතනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *