මුරුත්තෙට්ටුවේ හිමියන් රාජිත සමග ඩීල් දාලා MGOA චෝදනා කරයි!!!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ සුවදුක් බැලීම සදහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහල වෙත පැමිණීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළකරයි මේ නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් බවයි.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්න රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙලි කල යුතු බවත් ලේකම්වරයා කියා සිටියේය.

කෙසේ නමුත් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තමා රෝහලට ගියේ ගියේ කුමන්ත්‍රණයකට හෝ පණිවුඩ රැගෙන නොවන බවත් රෝගියෙකු බැලීමට පමණක් බවත් එය තම යුතුකම ඉටුකිරීම වෙනුවෙන් පමණක් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *