ජනාධිපති තුමා කියන්නේ නිකන්ම පඹයෙක්

විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකලේ කොළඹ අභයාරාමයේ පවතී මාධ්‍ය හමුව අතර දීය

වෙනම රටක් නිර්මාණය වීමේ අවධානම මතුවෙලා ඉවරයි

රටේ තිබෙන රටට බදු ලැබෙන පනත් 14 ටම ඇතුලත් නැහැ

අද කොළඹ වරාය නගරය චීනයට දෙන්න හදනවා

දැන් මහින්ද මහත්තයා පැත්තකට දාලා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා කියන්නේ නිකන්ම පඹයෙක්

මේ සියල්ල කරන්නේ මිස්ට 20% ප්‍රසන්ට් බැසිල් රාජපක්ෂ

රට විකුනවා ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙක් එකතුවෙලා තමන්ගේ දරුවන්ට ඇමරිකාවේ අනාගතය හදලා අපේ රටේ දරුවන්ගේ අනාගතය විදෙස් රටකට විකුනන්න හදනවා මංකොල්ල කන්න හදනවා 2010 දී අවුරුදු හයකට ආපු මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු හතරෙන් ගෙදර යැව්වෙත් බැසිල් ඇතුළු කණ්ඩායම ගෝඨාභය ජනාධිපති තුමාට අවුරුදු දෙකවත් යන්න බැරි තැනට පත්වෙලා ඔය ගම සමග පිළිසදර විහිළුවක් ජනධිපති තුමා රට වටේ යන්න අවශ්‍ය නැහැ එකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා ඒකනිසා රට විහිලු සපයන්න එපා කියලා ජනාධිපති තුමාට කියන්න කැමතියි මහින්ද මහත්තයා පැත්තකට දාලා තියෙන්නේ එතුමා කියන කිසිවක් අහන්නේ නැහැ

මේ වරාය නගරය හදන්නේ අපේ රටේ මුහුද ගොඩකරලා තමයි එතකොට මේ අක්කර 1100 ක ප්‍රමාණය අයිති වන්නේ අපිට මොකද අපේ මුහුද ගොඩකරලා හැදුවට ඒක අපිටයි අයිති මේ පනත ගෙනත් තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරී පනත දේශීය අදායම් පනත කොළඹ මහනගර සභා පනත බස්නාහිර පළාතට අයිති නැහැ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නැහැ ආයෝජන පනතට අයිති නැහැ මේ රටේ බදු ගන්න තිබෙන පනත් 14 ටම අයිති නැහැ පනතෙන් කොමිසමක් හදන්න යනවා ඒ චීනයට නැතිනම් ආයෝජකයාට අවශ්‍ය විදියට තමයි මේක සිද්ද වෙන්නේ

මේ සියල්ලෙන් ආණ්ඩුවට එන්නේ 1% පමණයි මේ භුමිය වෙනුවෙන් හදන පනත් පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ කිසිම විගණනයක් වෙන්නේ නැහැ මේ පනතේ වපසරිය විග්‍රහ කිරීමෙන් පෙනෙන්නේ 1933 මොන්ටි වීඩියෝ පනත අනුව වෙනම රටක් නිර්මාණය කිරීමේ සියලු අවශ්‍යතවයන් සපිරෙනවා ඒ සදහා අවශ්‍ය කරුණු හතර සපිරෙනවා වෙනම භූමියක් තිබෙනවා වෙනම පාලන තන්ත්‍රයක් තිබෙනවා මුදල් ඒකකයක් තිබෙනවා වෙනත් රාජ්‍යන් සමග ගිවිසුම් ඇතිකරගන්න පුළුවන් මේ සියල්ල මෙහි තිබෙනවා චීනයේ කොලනියක් බවට පත්කරන්න තමයි මේ පනත හොර රහසේ හංගලා ගෙනාවේ අප්‍රේල් 8 වෙනිදා පාර්ලිමේන්තුවට එනවා 12 වෙනිදා එලියට දමනවා දවස් පහක් පනිනවා දවස් 7 ඇතුලත නඩු පැවරුවේ නැතිනම් නඩු පවරන්න බැහැ ඒ නිසා මුරුත්තෙට්ටුවේ හිමියන් සහ අපි එකතුවෙලා අද නඩු පැවරුවා තවත් නඩු 15 විතර දමලා තිබෙනවා හම්බන්තොට වරාය විකුනුවෙත් මේ විදියට හිටපු අමාත්‍ය වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකලේ කොළඹ අභයාරාමයේ පවතී මාධ්‍ය හමුව අතර තුළදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *