නිරෝධායනය කරන්න හැදුවයි මන්ත්‍රී මහජන පරික්ෂකවරයාට තර්ජනය කරලා.

බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රි කංකානම් පතිරණගේ ශාන්ත යන අය තමාට දුර කතනයෙන් බැණ වැදුන බවට බෙලිඅත්ත පුවක්දණ්ඩාව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.පී.හෙට්ටිආරච්චි මහතා අද (17) සවස පැමිණිල්ලක් කල බව බෙලිඅත්ත පොලිසිය පවසයි.

සැකකාර මන්ත්‍රිවරයා පසුගිය ඊයේ(16) ගම්පහ ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් පැමිණ ඇති බවට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ලැබුන තොරතුරක් අනුව ඒ පිළිබඳව සොයා බැලිමට පැමිණිලිකාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ තවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිහිප දෙනෙකුද සමග එම නිවසට ගිය අවස්ථාවේ තමන් එවැනි මළ ගෙදරකට නොගිය බව මන්ත්‍රිවරයා පැවසිම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිටව ගොස් ඇත.

එසේ පිටව යාමෙන් පසු සැකකාර මන්ත්‍රිවරයා තමාට දුර කතනයෙන් බැණ වැදුන බවද මහජන සෞඛ්‍ය පරික්ෂක හෙට්ටිආරච්චි මහතා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *