ෆොන්සේකා ජනපති හමුවේ සමාව ගනී

තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස්

පසු ගියදා එකසත් ජාතික පක්ෂය විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාන්ගණයේ සංවිධානය කර තිබුණු 2018 මැයි දින සැමරුම් උත්සවයේදී ජනාධිපති වරයා ලෙස පත්කර ගත්තේ වැරදි පුද්ගලයෙකු බව පවසමින් තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජනපතිවරයාගෙන් සමාව ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

සරත් ෆොන්සේකා මහතා ඉකුත් 3 වැනි දා නව අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබු අතර,ඔහු පසුගිය ඉරිදා පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබිණි.ඔහු අද දහවල් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *