හමුදාවට චෝදනා කල මන්ත්‍රී ගජේන්ද්‍රන් ෆොන්සේකාගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!!

ශ්‍රීලංකා යුධ හමුදාව විසින් එල්ටීටී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා ඝාතනය කල බවට පා.ම. සෙල්වරාජන් ගජේන්ද්‍රන් මහතා කල ප්‍රකාශයකට ගරු. පා.ම. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමන් පාර්ලිමේන්තුවේදී සිය අදහස අපූරුවට පැහැදිලිකරන ලදී

ප්‍රභාකරන්ගේ මුළු පවුලම ත්‍රස්තවාදීන් ප්‍රභාකරන් සංවිධානයේ නායකයා බිරිද සැපයුම් අංශයේ පර්ධනියා පුතා එම සංවිධානයේ ප්‍රබලම ඒකකයේ ප්‍රධානියා දුව කාන්තා බලකායේ ප්‍රධානියා ඔය ඝාතනය කල බවට චෝදනා කරන පොඩි පුතා ළමා සොල්දාදුවන්ගේ ඒකකයේ ප්‍රධානියා එහෙම කණ්ඩායමක් නැතිනම් පවුලක් ත්‍රස්තවාදීන් නොවන්නේ කොහොමද අවසන් සටනේදී ප්‍රභාකරන් සහ ඔහුගේ ලොකු පුත්‍රයා මියගියා ඔවුන්ගේ සිරුරු හමු වුණා එහෙත් ඔය කියන පොඩි පුතාගේ සිරුර හමුවුනේ නැහැ එයා අවසන් වරට රැදී සිටින බංකරයක් ගැන කීවා එතන ෆොටෝ එකේ ඉන්න අනෙත් කෙනා ඇදගෙන ඉන්නේ ඉන්දියන් හමුදාව අදින ඇදුමක් අපේ හමුදාව එහෙම ඇදුම් අදින්නේ නැහැ ඒ නිසා මෙතන ඔබ තුමා බොරු කියන්න එපා අපේ හමුදාව විනය අතින් ඉහලින්ම ඉන්න හමුදාවක් කියලා මම කියනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *