බන්දුල හා දයාන් රෝ ඔත්තු කරුවන් // ජානිපෙ

විධායකයට එරෙහි ඒ නිසයි  වසන්ත බණ්ඩාර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි සහිතව සහය පළ කිරීමට තීරණය කළහොත් ඒ සඳහා තම පෙරමුණ විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ඊයේ(20) මහනුවර දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තමන්ද එකග බව පැවසීහ. විවිධ මත පැවතිය හැකි වුවත් තමන් දරන්නේ විධායකයට විරුද්ධ මතයක් බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.

මේ අතර පසුගිය දා කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවද ඇතුළත් වන්නේ නම් තම පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සහය ලබාදෙන බව ප්‍රකාශ කර සිටියේය.

මෙම තත්වයතුල නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වු වහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ කොන්දේසිය මත ඊට සහය දක්වන බවට ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ වනවිට ප්‍රකාශ කර ඇති බවයි.එසේ සහය පලකරන්නේ නම් ඊට තම පෙරමුණ විරෝධය පළකරන බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

විමල් වීරවංශ හා ඔහුගේ නියෝජිතයින් විසින් මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ විධායක ජනාධිපති ධූරයට විරෝධී පිරිස් වෙත ‘රෝ ඔත්තුකරුවන්’ යන ලේබලය අලවමින්ද සිටියි. ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත බණ්ඩාර පසුගිය දිනක මාධ්‍යය වෙත කියා සිටියේ දයන් ජයතිලක හා බන්දුල ගුණවර්ධන රෝ සංවිධානයේ ඔත්තුකරුවන් බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *