ඇදිරි නීතිය නොතකමින් ගිය යතුරුපැදිය ගිලන් රථයේ ගැටී තරුණයෙකු මරුට

ඇදිරි නීතිය නොතකමින් ගමන්ගත් යතුරුපැදියක් ගිලන් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අයෙකු මනරණයට පත්වීමේ පුවතක් වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි අද පස්වරු 12.30 ට පමණ යතුරු පැදිකරු පුද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස ගනගත් තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සදහන් කරයි ඇදිරිනීති පනවා ඇති අවස්ථාවේ පොලිස් අණ නොතකමින් යතුරු පැදිය ධාවන කර ඇත මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් යතුරු පැදිය නැවතීමට උත්සහ කලද අණ නොතකමින් එය ධාවන කර ඇත.

යතුරු පැදිය වේයන්ගොඩ සිට කලගෙඩිහේන දෙසට ධාවනය කරමින් තිබියෙදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ගිලන්රත්යේ ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි පසුපැදි කරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරු පැදිය පැදවූ තරුණයාට සුළු තුවාල ලබා වතුපිටිවල මූලික ඇතුලත් කර ඇත මියගිය තරුණයා වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ පදිංචි 21 ක් හැවිරිදි තරුණයෙකු බව වාර්තා වෙයි අනතුරින් පසු ගිලන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *