මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ අසාධිතයන් ගණන 700 ඉක්මවයි !!

අද සවස් වන විට මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් ගණන 700 ඉකමවා ඇත මේ අනුව සමස්ථ සේවකයින් 1600 අතරින් හරි අඩකට ආසන්න ප්‍රමාණයකට කොරෝනා අසාධනය වී ඇත ඊයේ දිනයේ ලබාගත් නියැදි ප්‍රමාණයෙන් 80% වඩා කොරෝනා අසාධනය වී ඇතිබව හෙළි වෙයි තවත් පිරිසක් අද දිනයේද PCR පරීක්ෂණ සදහා යොමු කල අතර ඔවුන්ගේ වාර්තා හෙට දිනයේදී ලැබීමට නියමිතය මේ අනුව මෙරට බිහිසුනුම කොරෝනා පොකුර නිර්මාණය වී ඇතිබව කිව හැකිය මෙම අසාධිතයින් අතරින් බහුතරයක් පසුගිය සති දෙක තුල සමාජයේ බොහෝ ස්ථානවල ගැවසීම නිසා මෙහි අනතුර දෙගුණ තෙගුණ වී ඇත

තවත් කරුණක් වන්නේ මෙලෙස අසාධිතයින් බවට පත්වූ බොහෝ දෙනා තමන් පසුගිය සති දෙක තුල ගිය ගමන් විස්තරයන් නිවැරදිව ලබානොදීම නිසා තත්වය තවත් භයානකය එකක් කිව හැකිය ඒ කොරෝනා දෙවැනි රැල්ල ලෙස හමුවන ඇගලුම් කරමාන්ත ශාලාවේ පොකුර නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක අංශයන් දැඩි අසීරු තාවයකට පත්ව ඇත මිනුවන්ගොඩ අවට නගරය තුල මේ බොහෝ පිරිසක් සංචාරය කර ඇත පොදු ස්ථාන රැසක සංචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වෙමින් ඇත අදාලා ඇගලුම් කරමාන්ත ශාලාව සහ මිනුවන්ගොඩ නගරය අතර දුර 3km වන අතර ඔවුන් දෛනික අවශ්‍ය තාවයන් සදහා නිතර නගරයට පැමිණීමේ අවස්ථා නිර්මාණය වන තර විශේෂයෙන් මිනුවන්ගොඩ සතිපොළ ඇතුළු ප්‍රධාන ආර්ථික මද්‍යස්ථාන සන නගරයේ බොහෝ වෙළදසැල් වෙත ඔවුන් පැමිණ ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *