පොහොට්ටුවට එපානම් මිරිගම රතන හිමිට

ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක සුනේත්‍රා සමරකෝන් මහත්මිය දැක්වු අදහස්

මම ශ්‍රිලනිපයෙන් දේශපාලනයට ඇවිල්ලා වසර දෙකක් ගතවන මේ මොහොතේ විශාල බලාපොරොත්තුවක් තිබුණා ජනතාවට සේවයක් කරන්න. මම සමාජ සේවිකාවක් විදිහට ජනතාවට හුඟක් සේවය කරපු කෙනෙක්. දේශපාලනය හරහා ඊටත් වඩා සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වුණා.

නමුත් එහෙම හිතාගෙන මා වැඩ කරනකොට, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා දීමේදී මට ලොකු අසාධාරණයක් වුණා. මා ජනතාවට හුඟක් වැඩ කරන කෙනෙක් වෙලත් හිතුවේ නැති විදිහට මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ශ්‍රිලනිපයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබුණේ එක් අපේක්ෂක අවස්ථාවක් පමණි. ඒ මොහොතේ මට ගරු රතන ස්වාමීන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වන “අපේ ජන බලය” පක්ෂයෙන් මට ආරාධනාවක් ලැබුණා, ඒ පක්ෂයෙන් නාම යෝජනා ලබා දෙන්න කියලා.. මා බැලුවේ ජනතාවට මා සිදුකරන නොනිමි මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යාමට. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා

පාට පක්ෂ නෙවෙයි කොයි විදිහට හෝ ජනතාව මේ සේවය කරන්න ඕනෑ කියලා. ඒ නිසා මම උන්වහන්සේගේ ඉල්ලීමට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ අනුව මම නාමයෝජනා දුන්නා “අපේ ජන බලය” පක්ෂයෙන්. එහි ලාංඡනය කොඩිය.
ඒ වගේම මා දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනිවාර්යයෙන්ම තුන්දෙනෙකුට පාර්ලිමේන්තුවට යන්න වරම් ලබා ගන්න පුළුවන්බව.

විශේෂයෙන් මීරිගම ජනතා මෙහෙවරට සුදුසුම කෙනා තමයි මම. ජනතාව ඒකට සාක්ෂි දරනවා. මා දේශපාලනයට ඇවිල්ල වසර 02 ක් පමණ වෙනවා. දැනට වසරකට පමණ පෙර මා හට ශ්‍රීලනිප මීරිගම ආසන සංවිධායක ධුරය ලැබුණා. ඒකට හේතුව මා දක්ෂ ලෙස ජනතාවට සේවය කිරීමයි. මා ජනතාවගේ ආදරයට පාත්‍ර වුණා. හිටපු ජනපති, අපේ ශ්‍රිලනිපයේ සභාපතිතුමන් මාගේ දක්ෂතාවය දැකලයි මීරිගම සංවිධායක ධුරය බාර දුන්නේ. ඇත්ත වශයෙන්ම මා කාන්තාවක් වුවත් පිරිමි කෙනෙකුට වඩා එහා ගිය සේවාවක් ජනතාවට කරලා තියෙනවා.

මා බලාපොරොත්තු වුණා 2020 මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය මට ලැබෙයි කියලා. එක මම විතරක් නොවෙයි ජනතාවත් බලාපොරොත්තු වුණ දෙයක්. නමුත් මීරිගම නායකත්වම ඒකට හුඟක් පාර හරස් කළා. ඒගොල්ලෝ දන්නවා මා ජයග්‍රහණය කරන බව. එවිට ඔවුන්ට තැනක් නැති වෙයි කියලා ලොකු බයක් තිබුනා. නමුත් ඒ දේ සිදු වුණේ මට නොවෙයි, මගේ ජනතාවට. මට දුක මගේ අහිංසක ජනතාව ගැන ජනතාව ගැන. ඔවුන් මට හරියට ආදරය කරනවා. අදටත් මට ජනතාව ආදරෙයි. අපේක්ෂකත්වය නොලැබෙන විට, ඒගොල්ලො හිතුවා මා දේශපාලනයෙන් සමුගනී කියලා .
නමුත් මා දේශපාලනයෙන් සමු ගන්නෙ නැහැ. මා කල්පනා කරමින් සිටින විට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මගේ නිවසටම ඇවිල්ලා මට ආරාධනාවක් කළා, අපේ ජන බලය පක්ෂයෙන් නාම යෝජනා බාර දෙන්න කියලා. ඇත්තෙන්ම මා ඒක ආදරෙන් පිළිගත්තා. මට වෙනත් දේශපාලන පක්ෂ කතා කළා .නමුත් ඒ එකකටවත් කැමැති වුණේ නැහැ. නමුත් මා රතන හිමියන්ගේ ආරාධනාව පිළිගන්න හේතු වුනේ, අතිගරු ජනපතිතුමාට ශක්තියක් වන්න ඕනේ කියා මට හිතුන නිසායි.
රතන හිමියන්ගේ අපේ ජන බලය පක්ෂය දූෂණ වංචා වලින් තොර හොඳ පක්ෂයක්. හොඳ කණ්ඩායමක් සිටින පක්ෂයක්. ඒ කණ්ඩායම ඇතුලේ සත්‍යවශයෙන්ම දුෂිතයෝ වංචාකාරයෝ ආත්මාර්ථකාමී මිනිසුන් නැහැ. ඒ නිසා මං ගොඩාක් සතුටු වෙනවා, මම අද ඉන්න හොඳ තැනක කියලා. මා මෙවර දේශපාලනයෙන් ඉවත් වුනානම්, මට නෙවෙයි ඒක බලපාන්නේ. මා සැපසේ ජීවත් වෙයි. නමුත් මාගේ අහිංසක ජනතාව අසරණ වෙනවා.

මම කවදාවත් ජනතාව අසරණ කරන්නේ නෑ. මා ඒගොල්ලන්ට ශක්තියක් වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය අපේක්ෂකයින් හතර දෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න බලාපොරොත්තු වෙනවා. තිදෙනෙක් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යනවා කියලා කියන්න පුළුවන් . ඒ අතර මමත් ඉන්නවා. මා එසේ කියන්න හේතුව ජනතාව මට කියනවා ” කොඩිය නොවෙයි කඩුවෙන් ඉල්ලුවත් දෙනවා ” කියලා . ඒ තරමටම ජනතාව මට ආදරෙයි. මමත් ජනතාව ගොඩක් ආදරෙයි.

මා ජනතාවට කිට්ටු වී ඇත්තේ අද ඊයේ නොවේ.මම ව්‍යාපාරයක උප සභාපතිනිය විදිහට සේවය කරන කාලයේ සිටම ජනතාවට උදව් කළ කෙනෙක්.. නැති බැරි දුප්පත් අයට, රෝගීන්ට, පන්සල් වලට පාසල් වලට මා කරපු උදව් පොතක් ලියලා වත් ඉවර කරන්න බෑ. දැන් මිනිස්සු කියනවා 225ම එපා කියලා. එසේ කියන්න හේතුව කුමක්ද? ජනතාව දැකලා තිබෙනවා දූෂණය වංචාව. නමුත් මා දේශපාලනයට ආවේ ජනතා මුදල් රුපියලක්වත් මාගේ දෙයකට ගන්නේ නැහැ කියලා. මට අවශ්‍යත් නැහැ. මා මුදල් උපයා තිබෙනවා .මට කියලා රකින්න කෙනෙක් නැහැ. මාගේ දරුවන්ගේ කටයුතු ඉවරයි. මා හොඳ බෞද්ධයෙක් පින්-පව් හරියට විශ්වාස කරනවා . මට ඕනේ මොනවා හරි දෙයක් කරලා පින් රැස් කරගන්න. මා හිතන්නේ දේශපාලනයෙන් මා හට ලබාගන්න තිබෙන තිබෙන්නේ පින් කියලා. මා ඒ දේ ලබාගන්න තමයි මේ දේ කරන්නේ. ජනතාවට ගොඩක් සේවය කළ යුතුයි. බොහෝ ජනතාව අසරණයි. ගම් ඇතුලට ගියහම ජනතාව ජීවත් වන්නේ කොහොමද කියලා අපිට හිතෙනවා. පුංචි දරුවෝ දැක්කහම ඒ දරුවන්ට අනාගතයක් කෝ කියලා හිතෙනවා. ඒකට අපි වගේ දරු දුක දන්න කාන්තාවෝ ඉදිරිපත් විය යුතුයි.
අපේ කාන්තා ප්‍රතිශතය දේශපාලනයට එන ප්‍රමාණය වැඩි විය යුතුයි . කාන්තාවෝ තමයි දරුවන්ගේ දුක දන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *