බොදු බලයෙන් ජන බලය ගොඩනගන මීරිගම ජන බල මෙහෙයුම අරඹයි

ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ජන බල පක්ෂයේ පළමු ජන බල රැස්වීම මීරිගම දී පවත්වන ලදී නිරෝධායන නීතීන් අනුව සෞඛ්‍ය අංශවල පුර්ණ අධීක්ෂණය යටතේ මෙම ජන හමුව සංවිධානය කර තිබුනේ අපේ ජන බල පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන සුනේත්‍රා සමරකෝන් මහත්මිය විසිනි බොදුබල සංවිධානයේ නායක අපේ ජන බල පක්ෂයේ සභාපති පුජ්‍ය ගලබොඩ අත්තේ ස්වාමීන් වහන්සේ සහ පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ ජනබල පක්ෂේ ස්වාමීන් වහන්සේලා ඇතුළු මීරිගම ප්‍රදේශයේ ඡන්ද පොළ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වන ලදී

මෙහිදී අදහස් පලකල අපේ ජන බල පක්ෂයේ අපේක්ෂිකා සුනේත්‍රා සමරකෝන් මහත්මිය අදහස් පළකරමින් සදහන් කලේ

මම මීරිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරිය වශයෙන් වත්මන් ජනධිපති ගෝඨාභය මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකලා එම කැපකිරීම නිසා සහ මීරිගම ජනතාවගේ විශාල ශක්තියක් ලබාගන්න මම කරපු කැප කිරීම නිසා මීරිගම ජනතාව තුල ලොකු බලාපොරොත්තුවක් තිබුනා මෙවර මැතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය මට ලැබෙනු ඇති බවට මටත් මීරිගම ජනතාවටත් ලොකු බලාපොරොත්තුවක් තිබුනා

ඒත් මීරිගම පොදුජන පෙරමුණේ අවස්ථාවාදී මීරිගම ඇතැම් කණ්ඩායම් මගේ ගමන වලක්වන්න කටයුතු කළා මගේ දේශපාලන ගමන නවතන්න කරපු දේවල් මම මෙතන කියන්නේ නැහැ හැබැයි එකක් මම ඒ අයට කියනවා මම කියන්න කැමතියි මම දේශපාලන වශයෙන් කුමන්ත්‍රන තුලින් නවතන්න බැහැ මගේ ගමන මේ තුලින් නවතින්නේ නැහැ අද මම අපේ ජන බල පක්ෂයෙන් කොඩිය ලකුණින් තරග කරනවා

ස්ථිරවම අපි ගම්පහ ජන බලය පෙන්වනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලාපොරොත්තු සපල කරනවා එතුමා හිතන පාර්ලිමේන්තුව අපි ගොඩ නගනවා මේ යන ගමන මීරිගම ඇතුළු ගම්පහ දිසවේම ජනතා මනාපයෙන් අපි ජන බලය ගොඩනගන මේ ජන පවුර ඉදිරියේදී දකින්න පුළුවන් ඒ සදහා පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ මහා සංඝ රත්නය පෙරටු කරගනිමින් ගමින් ගමට යනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *