මීරිගම ජනතාවගේ අනාගත ජනතා හඩ වෙනවා!!! ශ්‍රීලනිප නව සංවිධායිකාව කියයි

දේශපාලන ඉතිහාසයේ ප්‍රබල චරිත රැසක් නියෝජනය මීරිගම සංවිධායිකාව වීම භාග්‍යක්

මීරිගම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ සුවිශේෂී ඡන්ද බල ප්‍රදේශයකි එම ප්‍රදේශයේ බහුතරයක් දෙනා අති දුෂ්කර ජීවිත ගෙවන අතර ගොඩ සහ මඩ ගොවිතැන සිදුකර දෛනික ජීවිතය ගත කරන ගොවි ජනතාවකින් සැදුම්ලත් ප්‍රදේශයකි. සැමදා එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත මීරිගම ආසනය වර්තමානයේ ප්‍රගතශීලී දේශපාලන ව්‍යාපාරයට බර ඡන්ද දායකයන් බහුතරයක් සැදුම්ලත් ආසනයකි.

මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රබල චරිත රැසක් නියෝජනය කල මීරිගම ආසනය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා පවා නියෝජනය කරන ලද ආසනයයි සේනානායක වරුන්ගේ ජන්ම භූමියකි ඓතිහාසික දේශපාලන සංවාදයන් ඇතිකළ එක්සත් ජාතික පක්ෂයේ උපත සදහා පාදකවූ බෝතලේ වලව්ව තවමත් නිරුපද්ධිතව ඇත.එමෙන්ම එජාපයේ අමාත්‍ය වරයෙකු වූ මනෝ විජේරත්න මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල චරිතයක් වූ ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා ද වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මැතිතුමාද මීරිගම ආසනය නියෝජනය කරන ලදී .

එහෙත් වර්තමානයේදී මීරිගම දේශපාලනය ආගිය අත යමින් කිසිදු සාර්ථක නායකත්වයක් මීරිගම ආසනයට නොමැති සමයක මීරිගම උපන් මීරිගම ජනතාව සමග උපන්දා සිට ගැටෙමින් ඔවුන්ගේ දුක සැප සොයමින් කටයුතුකළ කාන්තාවක් වශයෙන් තම යුතුකම තම උපන් ප්‍රදේශයට ලබාදුන් මීරිගම දිරිය කතවන සුනේත්‍රා සමරකෝන් මහත්මියට මීරිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක දූරය පසුගියදා ජනාධිපතිතුමන් විසින් ලබාදෙන ලදී. 

 ඇය සමාජයේ කුඩා තැන සිට ඉහළට පැමිණි කොෂීබා සමුහ ව්‍යාපාරය ඇතුළු තවත් ව්‍යාපාර රැසකට නායකත්වය ලබාදෙන කාන්තාවකි. වසර ගණනාවක සිට මීරිගම ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාශය දිනාගත් ආයතනයක් වශයෙන් කොෂීබා සමුහ ව්‍යාපාරය හදුන්වා දිය හැකිය.පසුගිය පළාත්පාලන මැතිවරණයේදී කීනදෙණිය ප්‍රදේශය නියෝජනය කරමින් ප්‍රථම වතාවට දේශපාලනයට පැමිණෙන ඇය මීරිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීමට වරම් හිමිකරගන්නා ලදී.

සමාජීය ආගමික මෙහෙවර පුළුල් කිරීමට පියවර

එතැන්පටන් ක්‍රියාශීලී දේශපාලනයේ නිරතවන ඇය මීරිගම ජනතාවට වඩාත් සමීප වීම තුළින් විශාල ජනප්‍රසාදයක් ඉතා කෙටි කාලයකදී ලබාගන්නා ලදී.දේශපානයට පැමිණීමට පෙර තම පුද්ගලික මුදල් යොදවා සමාජ ආගමික සේවාවන් රැසක් සිදුකරමින් ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ප්‍රජාව අතර ඉහළ ප්‍රසාදයක් හිමිකරගන්නා ලද කාන්තාවකි මෙම වසරේ සිට කොෂීබා මනුසත් ප්‍රජා සත්කාරක පදනම පිහිටුවමින් සිය සමාජීය ආගමික මෙහෙවර පුළුල් කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව ඉදිරියේදී මීරිගම ප්‍රදේශයේ ජනතාවට වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දීම සමාජ සත්කාරක පදනම හරහා සිදු කිරීම මෙන්ම ජනාධිපතිතුමන්ගේ ආශීර්වාදය තුලින් තවත් සේවාවන් රැසක් ලබාදීමට ආසන සංවිධයක දූරය ලැබීම තුලින් හැකිවන බවත් ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව සුනේත්‍රා සමරකෝන් මහත්මියගේ අදහසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *