මිනුවන්ගොඩ නගර සභාවේ බලයට සීතල යුද්ධයක්

රණතුංග පවුලේ සහෝදරයන් අතර ඇති විරසකය නිසා

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිනුවන්ගොඩ නගර සභාවේ වැඩි බලය පොදුජන පෙරමුණ ලැබුවද විපක්ෂයේ මන්ත්‍රී ආසන
සංඛ්‍යාව වැඩිවීම නිසා ඔවුන්ට සභාවේ බලය පිහිටු වීමට වෙනත්  පක්ෂයක සහය අත්‍යවශ්‍ය වී ඇත. පොදුජන පෙරමුණ 7 එජාපය 5
ශ්‍රී ල නි ප 2 ජවිපෙ 1 ආසන බෙදී ගොස් ඇත. දැනට වාර්තාවන පරිදි නගර සභාවේ බලය එජාපය සහ ශ්‍රී ල නි ප සමග එක්ව පිහිටු වීමට
එකග වී ඇත. එහි නගරාධිපති දූරය හිටපු විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ මහතාට ද උප නගරාධිපති දූරය ශ්‍රී ල නි ප යේ කෝඩු කාරයෙකු
වන කලණ මනමිණ මහතාට ද ලබා දීමට එකග වී ඇත.එසේම නගර සභාවේ ජේෂ්ඨතම මන්ත්‍රී වරයෙකු වන පොදුජන පෙරමුණේ නීල්
ජයසේකර මහතාද නගධිපති දූරය අපේක්ෂාවෙන් සිටී.

කෙසේ හෝ රණතුංග පවුලේ සහෝදරයන් අතර ඇති විරසකය නිසා නීල් ජයසේකර මහතාගේ නගරාධිපති දූරය අවිනිශ්චිත තත්වයක
පවතී. ප්‍රසන්න රණතුංග මහතාගේ සහ රුවන් රණතුංග මහතාගේ පාර්ශවයන් එකතු කිරීමට ඇතැමුන් නොයෙක් උත්සාහයන් ගන්නා ලදී.
එහෙත් පසුගිය මහ මැතිවරනයෙදී දෙදෙනා අතර වූ විරසකය තවදුරටත් ක්‍රියාත්මක වීම නිසා මේ තත්වය ඇතිවන ලදී. මේ හේතුවෙන්
ශ්‍රී ල නි ප යෙන් නම් කරණ ලද මන්ත්‍රී වරුන් දෙදෙනා තෝරාගැනීමේදී වඩාත් පරිසම් වීමට රුවන් රණතුංග මහතා කටයුතු කිරීමක්
දක්නට ලැබුණි. නගර සභාවේ වැඩි ප්‍රතිශතයක් ලබාගත් නියෝජිතයින් වෙනුවට තම සමීපතමයන් දෙදෙනෙකු මන්ත්‍රී වරුන් ලෙස නම් කිරීම එයට හේතුවක් විය.

ඒ අනුව මිනුවන්ගොඩ නගර සභාවේ බලය පොදුජන පෙරමුණෙන් ගිලි හීම සිදුවන්නේ ඡන්ද තුනක් නිසාය ඒ මැද මිනුවන්ගොඩ බහු
කොට්ඨාශය පොදුජන පෙරමුණ පරදින්නේ ඡන්ද තුනකිනි ඔවුන් මැද මිනුවන්ගොඩ කොට්ඨාශය ජයග්‍රහණය කලානම් තනි බලයක්
පොදුජන පෙරමුණට හිමිවනු ඇත.නගර සභාවේ ජවිපෙ මන්ත්‍රී දූරයද තීරණාත්මකය මන්ද එම මන්ත්‍රී වරයා ගේ හැසිරීම සභාවේ ඉදිරි කටයුතු වලදී තීරණාත්මක වන නිසාය.ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකිරීම වෙනුවෙන් නගරයේ හෙටදවස වෙනුවෙන් මේ සියලු දෙනා වඩාත් විශ්වසනීය සේවාවක් මිනුවන්ගොඩ නගර වාසීන්ට ලබාදීම යුතුකමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *