මිනුවන්ගොඩ නගර සභාව මේ වසරේ සිට වරිපනම් බදු 500% කින් වැඩිකරයි!!!

බදු මුදල් වැඩිකිරීම අසාධාරණයි විපක්ෂනායක කියයි!! නගර සභාවේ අරමුදල තර කරන්න කල යෝජනාවක් සභාපති කියයි!!

නව ජනාධිපතිවරයා සහ  රජය  පත්වීමෙන් අනතුරුව බදු ප්‍රතිශතයන් අඩුකරමින් ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නා ලදී එහෙත් පැවති වරිපනම් ගාස්තුව 500% වැඩි කිරීමට මිනුවන්ගොඩ නගර සභාව කටයුතු කර ඇත මේ අනුව මිනුවන්ගොඩ නගරසභා  ඉතිහාසය අලුත් කරමින් නගර සභා ඉතිහාසයේ ඉහලම වරිපනම් බදු ගෙවීමට සිදුව ඇත ඒ පැවති වරිපනම් ප්‍රතිශතය 500% වැඩි කිරීමට තීරණය කිරීමත් සමගය වර්තමානයේ මිනුවන්ගොඩ නගර සභාවට වරිපනම් ගෙවන ව්‍යාපාරිකයන්  සහ නිවාස හිමියන් මෙම වරිපනම් බදු ගෙවීමට යටත්වෙයි මේ සම්බන්ධයෙන් තම අප්‍රසාදය සහ විරෝධය දක්වන පසුම්බිමක මේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමනාත් දොලමුල්ල යන මන්ත්‍රීවරුන් පමණක් ය  අනෙක් සියළු නාගරික මන්ත්‍රීවරුන් වරිපනම් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට පක්‍ෂව චන්දය ලබාදී ඇත 

මිනුවන්ගොඩ නගර සභාවේ වත්මන් නගරාධිපති නීල් ජයසේකර මහතා අදාල බදු  500% වැඩි කිරීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලදී  මේ සම්බන්ධයෙන් අදහස් පලකල විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ මහතා සදහන් කලේ නගරයේ ව්‍යාපාරිකයන් නව වරිපනම් වැඩිකිරීමේ යෝජනාවට දැඩි විරෝධයක් පලකරන බවත් ව්‍යාපාරිකයන් සෑම අතින්ම බැටකන කාලයක මේ ආකාරයෙන් නගර සභාව වරිපනම් බදු වැඩි කිරීමට තීරණය කිරීම පුදුම සහගත ක්‍රියාවක්   නගර සභාව ජනතාවගේ සුබසාදනය වැඩි කරලද මේ නගර සභා පාලනයෙන් වුණේ අපේ ආණ්ඩුව දීපු මුදල් වලින් ලකුණු දාපු එක විතරයි එහෙම රජයෙන් මුදල් අරගෙන නැවත ජනතාවට 500% බදු ගහන එක සාධරණ නැහැ අනෙක සාමාන්යෙන් රුපියල් 3000ක බදු මුදලක් ගෙවපු ව්‍යාපාරිකයෙකු  වැඩිවීම නිසා රුපියල් 20000ක් විතර වෙනවා නගර සීමාවේ නිවෙස් හිමියන්ගේ වරිපනම් 200% වැඩිකරලා මේවා කාගේ වුවමනාවට කරන දේවල්ද 

නවක මන්ත්‍රීවරුන්ට සභාවේ සිදුවන ක්‍රියාවලිය ගැන අවබෝධය අඩුයි නගර සභාවේ වරිපනම් වැඩිකරලා කරන්න හදන්නේ කඩ කාමර හදන්න මේ මිනුවන්ගොඩ නගරය පුරාම හැම තැනම කඩ කාමර තියෙනවා මේ නගරය තමයි ගුවන් මගීන්ට පළමුව ලංකාවට එනකොට හමුවන නගරය ඒවගේම විදේශිකයන් රටින් පිටවන අවස්ථාවේ අවසානයට හමුවන නගරයත් මිනුවන්ගොඩ මේ වගේ වටිනා නගරයක් කඩකාමර වලින් පුරවලා පලය කුමක්ද මේක හොදයි කඩකාමර අයිති කරගන්න බලන් ඉන්න කණ්ඩායමට මිනුවන්ගොඩ නගරයේ නව නගරාධිපති වරයෙකු පත්කරගෙන ජනතාව සහ ව්‍යාපාරිකයන් බලාපොරොත්තු ඉටු වුනාද කියල අහන්න කැමතියි 

මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති නීල් ජයසේකර මහතා අදහස් පළකරන ලදී ඔහු නගර සභාවේ වරිපනම් 500% කින් වැඩි කර ඇතිබව සදහන් කළා මේ සදහා සභාවේ බහුතරය පක්ෂ වීම නිසා අනුමැතිය  ලැබුණා මේ සදහා අපේ මන්ත්‍රීවරු හත්දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහයෝගය ලබා දුන්නා මේ වරිපනම් වැඩිවීම අවුරුදු 10 ඉදලා මග හැරපු දෙයක් තමයි අපි කලේ මේකෙන් නගර සභාවේ අරමුදල් තර වෙනවා එහි වාසිය ලැබෙන්නේ නැවත ජනතාවට තක්සේරු දෙපාර්තමේන්තුව තමයි මෙම වැඩිවීම තක්සේරු කලේ මෙම වැඩිවීමට එරෙහිව අභියාචනා දමන්න අවස්ථාව දීලා තියෙන්නේ එහෙම අභියාචනා වලින් ලොකු ප්‍රමාණයක් අඩුකරන්න බැරිවෙයි අපි මෙම සංශෝධන කමිටුව මගින් සිදුකරාවී මම නගරාධිපති විදියට නගරයේ ජනතාවගේ සුභසාදනය වෙනුවෙන් කටයුතු කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී පද්මලාල් දොලමුල්ල මහතා සදහන් කලේ මෙම යෝජනාව ඉදිරිපත්කලේ නගර සභාවේ සභාපති තුමා එතුමා කල යෝජනාව නිසයි නගර සභාවේ වරිපනම් වැඩි වුනේ තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කළ බවත් නගර සභාවට යෝජනා ගේන්නේ සභාපති බවත් සදහන් කරයි මෙම යෝජනාවට ඡන්ද විමසීමක් නොකළ බවත් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය සභිකයින් ප්‍රමාණය නොමැති නිසා තමන් නිහඩ වූ බවයි එහෙත් ඉදිරි නගර සභා වාරයකදී තමන් මෙම බදු මුදල් වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද සදහන් කරන ලදී

මින් පෙර නගර සභාවට ගෙනෙන ලද අසාර්ථක යෝජනා වෙනුවෙන් සටන් කල බවත් මිනීකනත්ත සංවර්ධන යෝජනාව ඉන් එකක් බවත් එවැනි ස්ථාන විශාල මුදලක් යොදවා සංවර්ධනය කිරීමේ අවශ්‍ය තාවයක් නොමැති බවත් තමන් එයට විරුද්ධ වුවද එම කටයුත්ත සිදුකරන බවත් සදහන් කරන ලදී මෙම බදු මුදල් 500% වැඩිකිරීමේ යෝජනාවට තමන් විරුද්ධ බවද සදහන් කරන ලදී

නගර සභාවේ අරමුදල් වලින් කලයුතු වැඩ ප්‍රමුකත්වය දියයුතු වැඩ වෙනුවට මේ කරන බොරු සංවර්ධන ව්‍යාප්ති තුලින් නගර වැසියන්ට හෝ ව්‍යපාරිකයන්ට සෙතක් නොවන බවද සදහන් කරන ලදී පලදායී යෝජනා වශයෙන් නගර සභාවට අත්‍යවශ්‍ය ගිණි නිවන ඒකකයක අවශ්‍යතාවය තමන් පෙන්වා දුන් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගින්නක් ඇති වූ විට ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගෙන්වා ගත යුතු නිසා හදිසි අවස්ථාවකදී ගම්පහ සිට ගිනි නිවන රථ පැමිණෙන විට සියල්ල සිදුවී අවසන් වන නිසා මිනුවන්ගොඩ නගර සභාවට ගිනි නිවන ඒකකයක අවශ්‍යතාවය තදින්ම දැනී ඇති බව සදහන් කරයි පසුගිය දා මිනුවන්ගොඩ නගරයේ ඇතිවූ වෙළදසැල් ගිනිගනීමේ අවාසනාවන්ත සිදුවීම වන අවස්ථාවේ නගර සභාව සතු කිසිම සැලසුමක් නොමැතිවූ නිසා විශාල විනාශයක් ඇතිවූ බවද සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *