මිනුවන්ගොඩ කඩ පෙළ දෙවන වරටත් ගිණි ගනී නගර සභාවට ව්‍යාපාරිකයන් චෝදනා කරයි

මිනුවන්ගොඩ නගරාධිපති අප ගැන බලන්නේ නැහැ ව්‍යාපාරිකයන් පිරිසක් කියයි!!

ඊයේ රාත්‍රී 9 ට පමණ මිනුවන්ගොඩ නගරය තුල ඇති කඩ පෙළක හදිසි ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නෙන් වෙළදසැල් කිහිපයකට හානි සිදුව ඇත මීට මස හතකට පමණ පෙර මිනුවන්ගොඩ නගරයේ ඇතිවූ සිද්ධියෙන් ද ගිනි ගැනීම් නිසා මෙම වෙළදසැල් වලට හානි සිදුවන ලදී. නැවත එම වෙළදසැල් වලට ඇතිවූ ගින්න නිසා විශාල පාඩුවක් වූ බව වෙළද සල් හිමියන් සදහන් කරයි මෙම ගිනිගැනීම කඩාකප්පල් ක්‍රියාවක් බවත් නගර සභාව තම ව්‍යාපාරික ස්ථාන සමග තරහකින් පසුවන බවත් මේ වෙළදසැල් සමග නඩු කටයුත්තක් පවා පවතින නිසා මෙම ක්‍රියාව තම වෙළදසැල් ඉලක්ක කර එල්ලවූ තර්ජනයක් බවද සදහන් කරන ලදී

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළදසැල් හිමියන් පැවසුවේ මෙවන් අදහසකි

අපේ කඩ පසුගිය කොලහලයෙදී ඇතිවූ ගින්නෙන් විනාශ වුනා ඊට පස්සේ මෙතන ව්‍යාපාරයන් කරගෙන ගිය මිනුවන්ගොඩ නගර සභාව අපේ කඩ සමග අමනාපයෙන් ඉන්නේ මේවට නඩු දාලා තියෙන්නේ නගර සභාවෙන් මේවට අපි වරිපනම් ගෙවනවා නගර සභාවට ඕන අපේ කඩ අත්පත් කරගන්න අපේ එක විනාශයකින් වැටිලා ඉන්න වෙලාවක් ඔලුව උස්සන කොටම මෙහෙම දෙයක් වුනහම ගොඩ එන්නේ කොහොමද අද මිනුවන් ගොඩ නගර සභාවේ සභාපති අපේ දුක බලන්න එන්නේ නැහැ

එයාගේ ගෙවල් තියෙන්නේ නගර සභාවේ ඉදලා මීටර් සීයක් විතර දුරකින් මේ සිද්ධිය ඔහු දන්නේ නැද්ද පෙන්නේ නැද්ද නගරයේ ප්‍රධාන පුරවැසියා කියා තමන් හදුන්න්වනවා එහෙමනම් මේ නගරයේ ගින්න බලන්න එන්න තිබුනා මේ මිනිස්සු බොහොම අමාරුවෙන් ඔලුව උස්සගෙන ව්‍යාපාර පටන් ගත්තා විතරයි ගමපහ මහා නගර සභාවෙන් ඇවිත් ගින්න නිවනකම් නගරාධිපති මොනවද කලේ නගර සභාවේ වතුර බවුසරය එවන්න බැරිද අද හවස නගර සභා ටැක්ටරය මේ වටේ කැරකුනා ඇයි අපෙන් බදු ගන්න හොදනම් වතුර බවුසරය සහ සේවකයන් යොදවා මෙවැනි දේවල් වලකන බැරි අපි කියනවා නගරාධිපති මේ ගින්න දැනගෙන මගහැරියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *