මිනුවන්ගොඩ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයි!! ජනතාව කියයි!!

ගෑස් බෙහෙත් එළවලු නොමැතිව පීඩාවට

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයන් සදහා පොලිස් ඇදිරිනීතිය පනවා අද වන විට දින තුනක් ගතවී ඇත එහෙත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට කිසිම අවස්ථාවක් ලැබී නොමැති බව මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සදහන් කරයි මෙම පොලිස් කොට්ඨාශයන් දෙකම ආවරණය වන පරිදි දින තුනක් පුරාවට පොලිස් සහ හමුදා මාර්ග බාධකයන් යොදවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇත එහෙත් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සලසා ගැනීමට නොහැකි වීම නිසා දැඩි පීඩාවකට පත්ව ඇතිබව සදහන් කරයි

හිටි හැටියේ ඇදිරිනීතිය පැනවීමත් සමග මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර මීට සමගාමීව ගම්පහ අනෙකුත් පොලිස් බල ප්‍රදේශයන් වල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට ඕනෑතරම් අවස්ථාව හිමිවන ලදී විශේෂයෙන් මෙම පර්දේශයන් දෙකෙහි ඖෂධ අලවිසල් වසාදැමීම නිසා රෝගී ජනතාව අපහසු පත්ව ඇත. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගෑස් හිගයක් ද ඇතිවීම නිසා ජනතාව තවත් අසීරුතාවයකට පත්ව ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගෑස් හිගයක් ද ඇතිවීම නිසා ජනතාව තවත් අසීරුතාවයකට පත්ව ඇත ලංකාවේ ඇති විශාලතම සතිපොළක් වන මිනුවන්ගොඩ ඉරිදා පොළ පැවති දිනයේම ඇදිරිනීතිය පැනවීම නිසා ජනතාවට භාණ්ඩ ලබාගැනීමට නොහැකි වන ලදී දහවල් 1 පමණ වන විට පොලෙහි සියලු වෙලදාම් නැවතීම සිදුකර වෙළදුන් බොහොමයක් තමන් ගෙනා එළවලු පලතුරු පොළ භූමියේම දමා ගොස් තිබුණි සාමාන්යෙන් මිනුවන්ගොඩ ජනතාව සතියකට අවශ්‍ය භාණ්ඩ සපයා ගනු ලබන්නේ මිනුවන්ගොඩ සති පොලෙනි එහෙත් මෙවර පවතින තත්වය නිසා ජනතාවට භාණ්ඩ ලබාගැනීමට නොහැකිවීම ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයට තදින් බලපෑ ඇත

පසුගිය අවස්ථාවේදී ජංගම අලවි රථ නිවෙස් අසලට පැමිණියද මෙවර එම අවස්ථාවද අහිමිව ඇත රටේ වෙනත් පළාත් එදා වසා දැමූ අවස්ථාවල රජය මගින් ආධාර අහාර ලබාදීම දක්නට ලැබුනද මේ වනවිටත් එවැනි තත්වයක් දක්නට නොමැත කිසිදු ජංගම රථයක් රජයෙන් හෝ පුද්ගලිකව පැමිණ නැත ජනතාව දැඩි අසීරු තාවයකට පත්ව ඇති මේ මොහොතේ පරදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් පොලීසිය සහ හමුදාව යොදවා මාර්ග බාධක දමමින් ජනතාවගේ සංචරණය සීමා කිරීම වගේම ජනතාවගේ අවශ්‍ය තාවයන් කෙරෙහි රජය සහ නිලධාරීන් වග බලාගත යුතු බවත් ජනතාව චෝදනා කරයි .

අපි කොරෝනා බලෙන් දමා ගත්තේ නැහැ මේක කරමාන්ත ශාලාවේ සිදුවුණු සිදුවීමක් මෙතනට කොරෝනා අවේ කවද්ද කියලා කවුරුත දන්නේ නැහැ මෙතන තියෙන ප්‍රශ්නය තමයි ජනතාව ජීවත් වීමට ලොකු අරගලයක් කිරීමට් සිදුවෙලා දේශපාලකයෝ නිහඩයි ඡන්දේ දවස්වල දිවා රෑ මිනුවන්ගොඩ කරක් ගහපු දේශපාලකයා කිහිද කියා ජනතාව ප්‍රශ්න කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *