මන්ත්‍රීකම තනතුරු අහිමි කලත් දේශපාලනය කරනවා මන්ත්‍රීකම පිණට ගත්තේ නැහැ

අපේ ජීවිතයේ වැඩිම කොටසක් කැප කලේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වසර 20 ක් විපක්ෂයේ කාර්ය භාර්ය කළා එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ පදනම හැදුවා එය රැකගෙන ඉදිරියට පැමිණියේ ඉතාමත් අසීරු ගමනක එදා පක්ෂය වෙනුවෙන් හිටිය මිනිස්සු එකා දෙන්නා ආණ්ඩුවට එකතු වුනා අපි පක්ෂ ආරක්ෂා කලේ දිවි පරදුවට තියලා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිනුවන්ගොඩ නගර සභාවට තරග කල කොට්ටාශය ජයගෙන තමයි නගර සභාවට අවේ පිනට මන්ත්‍රීකම ගත්තේ නැහැ අද අපිව අයින් කරලා එක්සත් ජාතික පක්ෂය හදන්නේ කොට්ටාශය දිනන්න බැරි ය නගර සභාවට පත්කරන එක එක හොදයි මොකද ජනතාව තේරුම් ගෙන තියෙන්නේ සත්‍ය අපි ජනතාව සමග ඉන්නේ

මගේ ජීවිතයේ හොදම කාලය දේශපාලනයට කැප කළා පක්ෂය වෙනුවෙන් කැප කළා රැකියාවක් කරන්න ඕන කාලේ දේශපාලනය කළා එහෙම වුනා කියලා අපි සැලෙන්නේ නැහැ අවුරුදු 20 ක් විපක්ෂයේ සිටි අපි මන්ත්‍රීකම නැතිව තව මාස 6 ක් 7 ක් ඉන්න වෙයි එන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීන්දුව දෙවි මේ කරන වැඩ වලට එකසත් ජාතික පක්ෂයට වෙන මිනිස්සු නැතිවද මේ අය දාන්න තරම් බංකොලොත් වෙලා තියෙන්නේ මේක තාවකාලික සමුගැනීමක් විතරයි මිනුවන්ගොඩග නගරයේ මිනිස්සු දන්නවා අපි මොනවද කලේ කියලා අපිට හැම ආණ්ඩුවකින්ම අරාධනා ලැබුනා අපි පක්ෂය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ ජනතා තීන්දුවට අපි හැමදාම විශ්වාස කළා මෙවරත් එහෙමයි බලමු එන මැතිවරණයේදී වෙන්නේ මොකද්ද කියලා

ඔය පිනට මන්ත්‍රීකම හිගකන දෙන්නා මාස කිහිපයක් ගියතැන වැටෙන තැන හිතා ගන්න පුළුවන් අපේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේම මේ පත්වන මන්තීවරු දෙන්නත් පිළිගන්න ආණ්ඩු පක්ෂය බලන් ඉන්නේ ජනතා පිළිගැනීම කොතනද මාරසිංහ එතන කියන එක මතක් කරන්න කැමතියි මොන රැලි පෙරලි ආවත් දේශපාලන සුනාමිය හමන්න සුදානම් මන්තීකම විපක්ෂ නායක කම අහිමි කලාට අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ

කවුරුත් දන්නවා මිනුවන්ගොඩ ආණ්ඩුවේ දේශපාලනයේ තරම ඒ තරම දැනගෙන තමයි අපි වැඩ කරන්නේ නැවත මන්ත්‍රීකම ගන්නේ ජනතා ඡන්දයෙන් අපිගාව ඩීල් නැහැ ජනතා ඩීල් විතරයි තියෙන්නේ අපි පුංචි තැන ඉදලා දේශපාලනයට පැමිණියේ ර ගමනේ ලැබුණු අභියෝග අපි ජයගත්තා මේකත් එම අභියෝගයේ දිගුව වෙන්න පුළුවන් අලුත් වැඩපිළිවෙලක් නව නකයෙක් සමග අපි පිවිතුරු ගමනක් යනවා ජයග්‍රහණයෙන් කෙලවර කරනවා මිනුවන්ගොඩ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන බව මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ශ්‍රී මාල් මාරසිංහ සදහන් කරන ලදී සමගි ජන බලවේගයේ විරෝධයට එක්වෙමින් මෙම අදහස් පලකරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *