විශ්වාශ බංගය ජනපති පිළිගන්නේ නැහැ ඇමති සුසිල් කියයි

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ

අද පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කර විනාඩි 15 යන්නට මත්තෙන් එය සම්මත වූ බවත් එසේ සම්මත කලේ කටහඬ අනුව බවත් කතානායක කරු ජයසුරිය විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන්ම විකාර රූපී බව අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ.

ජනාධිපතිගේ ස්ථාවරය වන්නේද .ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් ඇමති මණ්ඩලයද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන් සදහන් කලහ.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරයට එය ඉදිරිපත් නොකළ බවද ඔහු පැවසීය. එය ඉදිරිපත් වූයේ සෙංකෝලය වේත්‍රධාරි විසින්ම ඉවත් කර තිබුණ අවස්ථාවක බවද සෙංකෝලය පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක සභාවක් ක්‍රියාත්මක විය නොහැකි බැවින් මෙම විශ්වාසභංගයට කිසිම බලයක් නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

විශ්වාසභංග යෝජනාවේ අඩංගු දෙවැනි කාරනාව කිසිදු නිශ්චිත භාවයක් රහිතව ඉදිරිපත් කර තිබූ අතර එය විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මහලේකම්ට භාරදුන්නද කථානායකවරයා එතුමාගෙන් එය ලබානොගෙනම ඡන්ද විමසීමකට ගිය බවද ඔහු පැවසීය.

විශ්වාසභංග යෝජනාවක තිබෙන්නේ කුමක්දැයි යන්නවත් කියවා නොබලා ඡන්ද විමසීමකට කටයුතු කිරීම තුළින් කථානායකවරයා සිය පක්ෂපාතීත්වය පෙන්වා ඇති බවද ප්‍රේමජයන්ත මහතා එහිදි සඳහන් කළේය.

කථනායකවරයා විශ්වාසභංගය සම්මත වූ බව කියන්නේ හඬ අනුව බහුතරය විශ්වාසභංගයට පක්ෂව ප්‍රකාශ වූ බවට සලකන්නේ යැයි කියමින් බවද හඬ අනුව ඡන්ද ගණන් කිරීමක් ඉතිහාසයේ කිසි දිනක සිදුව නැති බවද ඒ අනුවද මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ බවට පිළිගත යුතු නැතැයිද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *