2020 වසරේ පාසල් විවෘතවීම ගැන අධ්‍යාපන ඇමති කියයි!!

කොරෝනා වෛරසය නිසා මෙරට පාසල් පද්ධතිය තුල දැඩි කල්ම්බීමක් හටගෙන ඇත පසුගිය වසර පුරාම පාසල් සිසුන්ට පාසල් හෝ උපකාරක පන්ති සදහා සහභාගී වීමට නොහැකි වන ලදී අවස්ථා කිහිපයකදී ශිෂත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය කල් දැමුණු අතර කොරෝනා අවධානම මැද අදාල විභාගයන් පවත්වන ලදී මේ වසරේ අග භාගයේ පැවැත්වීමට නියමිතව තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු දක්වා කල් දමා ඇත. සිසුන්ට වසරේ පාසල් යාමට හැකිවුයේ මාස හටහරක් පහක් පමණි ඉතිහාසයේ පළමු වරට පාසල් සිසුන්ට නිවසේ සිටීමට සිදුවූයේ 2020 වසර තුළදීය පවතින තත්වය හමුවේ 2021 වසරේ පාසල් ආරම්භය ප්‍රමාද වන අතර අධ්‍යාපන අමාත්‍ය වරයා නිවේදනයක් නිකුත් කරමින් 2020 වසරේ පාසල් ආරම්භ වන ආකාරය සදහන් කරන ලදී

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඉහත සඳහන් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද අදාළ දිනයේදී විවෘත කිරීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *