රජයෙන් ඉවත් වූ 16 දෙනා නැවත රජයට සම්බන්ද කරගත යුතුයි.- අමාත්‍ය මහින්ද සමරසිංහ.
බෙදීමක් නැහැ 39 දෙනාම ජනාධිපති තුමාගේ නායකත්වයෙන් ඉන්න ඕන කියනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිලිබඳ දැනුම් දීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්ෂ මුඋලස්ථානයේ පුවත්පත් සාකච්චාවක් පැවැත්වුවා.එහිදී අමාත්‍ය වරයා ප්‍රකාශකලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම බෙදීමක් නැති බවයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 39 දෙනාම ජනාධිපති තුමාගේ නායකත්වය පිළිගන්නා අතර තමා ඇතුළු 23 දෙනෙකුගේ අදහස තවදුරටත් ආණ්ඩුවේ සිටිය යුතු බව වුවත් අනිත් 16 ආණ්ඩුවෙන් ඉවත් වීමට අදහස් කරන අතර ඒ සඳහා ඔවුන් විසින්ම තීරණයක් ගෙන ක්‍රියාත්මක කල හැකියි.මධ්‍යම කාරක සභාවට ඒ සඳහා කිසිම යෝජනාවක් ඉදිරිපත් නොවූ බවද ඒ මහතා සඳහන් කලා.ආණ්ඩුවෙන් ඉඅත් වූ 16 තව දුරටත් ආණ්ඩුවේ සිටිය යුතු බවත් ඒ සඳහා තමන් පෙනීසිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.