ලක්සල දුෂිත නිලධාරිණියන් දෙපළට ඇමති බතික් දමයි!!!

ලක්සල සේවක ශිල්පී එකමුතුව චෝදනා කරයි!!

ලක්සල ආයතනය තුල 2010 වර්ෂයේ සිට 2015 දක්වා සිදුකල දුෂණ වංචා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි එම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරිනිය සහ එහි ප්‍රධාන මුල්‍ය අධ්‍යක්ෂිකාව සම්බන්ධයෙන් වසර 5 හකට ආසන්න දීර්ඝ කාලයක් පුරාවට පැවති අභ්‍යන්තර විනය පරීක්ෂණයේ ප්‍රතිපලය අනුව අදාල සියලු චෝදනාවන්ට වැරදි කරුවන් බවට පත්කර අදාල නිලධාරින්යන් දෙදෙනා සේවයෙන් පහකිරීම සිදුකල යුතු බව අදාල විනය පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත මෙම විනය පරීක්ෂණයට අදාල තීන්දුව සලකා බැලූ ලක්සල ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාල නිලධාරිනයන් දෙපලට එරෙහි තීන්දුව අනුව ක්‍රියා කිරීම සදහා ඔවුන් සේවයෙන් පහකිරීමට සුදුසු බව තීරණය කිරීමෙන් පසු අදාල තීන්දුව වෙනුවෙන් දැනට ලක්සල ආයතනය භාරව කටයුතු කරන බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම තීන්දුව ලබාදීම පමා කරමින් ඇති බව ලක්සල සුරකීමේ ශිල්පී සේවක එකමුතුව සදහන් කරයි

ලක්සල ආයතනය තුල 2010 වසරේ සිට බරපතල මුල්‍ය වංචා සිදුව ඇති බව විගණකාධිපති වරයා ,පාර්ලිමේන්තු කෝප් කමිටුව,අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් කරුණු තහවරු කර ඇති තත්ත්වක අදාල නිලධාරිනියන් දේපල වෙත ලැබුණු අදිසි දේශපාලන මැදිහත් වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා ලක්සල සේවක ශිල්පී එකමුතුව විසින් කරුණු ගණනාවක් ඉදිරිපත් කර ඇත

මෙතරම් දුෂණ වංචා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක සියලු චෝදනාවන් සැකයකින් තොරව ඔප්පු වී ඇති තත්වයක මෙම නිලධාරිනියන් දේපල වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැනි උගත් වැදගත් නීති වේදියෙකු සහ පිරිසිදු දේශපාලකයෙකු වශයෙන් වයඹ ඇතුළු රටේ පිළිගැනීමක් ඇති කෙනෙකු වශයෙන් මැදිහත්වීම සම්බන්ධයෙන් තම සංගමයේ කණගාටුව ප්‍රකාශ කරන බවත් එවැනි චුදිතයන් ආරක්ෂා කිරීම තුලින් සිදුවන්නේ තව දුරටත් දුෂණයට වංචාවට එළිපිටම සහය දැක්වීමක් බවත් පෙන්වා දෙන අදාල සංගමය මෙවැනි ක්‍රියාවන් තුලින් රටේ ජනතාවට ආණ්ඩුව සහ ඔබතුමා ගැන දැඩි අප්‍රසාදයක් ගොඩනැගෙන නිසා අදාල සිදුවීම සම්බන්ධයෙන් නැවත විමසා බලන ලෙසත් ඒ සදහා මැදිහත්ව කටයුතු කිරීමේ වැදගත් කම සංගමය විසන් පෙන්වා දෙයි.

අදාල නිලධාරිනයන් දෙපලට මේ වන විට අල්ලස් කොමිසම මගින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බවත් එම නඩු කටයුතු අවසන්ව නොමැති බවත් සංගමය මගින් පෙන්වා දෙයි.2010 වසරේ සිට 2015 දක්වා ලක්සල ආයතනයේ සේවකයන් 60 අධික ප්‍රමාණයක් බලෙන් විශ්‍රාම ගන්වමින් තවත් සේවකයන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ආයතනය තුල ඇති මුදල් සහ සම්පත් හිතු ලෙස අපයෝජනය කිරීමට කටයුතු කල බවත් අදාල නිලධාරිනියන් දේපල මැදිහත්ව අදටත් සේවය අහිමි එම සේවකයන් විදවමින් ඇත ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර තැනකට තල්ලු කිරීම තුලින් තමන්ගේ ජීවිකාවට දැඩි බලපෑමක් සිදුකල බවත් තමනට සේවය කිරීමට අවස්ථාව තිබියෙදී බලෙන් විශ්‍රාම ගැන්වීම සිදුකිරීමට මෙම නිලධාරිනින් දේපල සෘජුව මැදිහත් වූ බවත් සංගමය පෙන්වා දෙයි.

තම හිතවත් ශිල්පීන් යයි කියාගන්නා තැරව් කරුවන් පිරිසක් මගින් ලක්සල ආයතනයට භාණ්ඩ ලබාගත් බවත් සැබෑ ශිල්පීන් මහපාරට ඇද දැමු බවත් ආයතනයේ වසර 50 කට ආසන්න කාලයක් සැපයුම් සිදුකල පාරම්පරික ශිල්පීන් ආයතනයට අහිමි කිරීම සිදුකල බවත් තමනට අවශ්‍ය සැපයුම් කරුවන් පමණක් ලංකර ගැනීමත් ශිල්පීන්ගේ භාණ්ඩ ලබාගන්නා තැරව් කරුවන් පමණක් ලංකර ගැනීම නිසා පාරම්පරික ශිල්පීන් රැසක් ආයතනයට අහිමි කිරීමේ වගකීම මෙම නිලධාරිනියන් දේපල විසින් දැරිය යුතු බවද පෙන්වා දෙන ලක්සල සේවක ශිල්පී එකමුතුව වැඩි දුරටත් කියා සිටින්නේ මේ සියලු කටයුතු වෙනුවෙන් හිටපු සභාපති වරයාගේ සෘජු මැදිහත්වීම ලැබුණු බවත් මේ සියලු කරුණු කාරනා ඉදිරියේදී සවිස්තරව ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වන බවද සාදන් කරයි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා විපක්ෂ නායක වරයා සහ පක්ෂ නායකයන් පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කරන බවත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *