බැදුම්කරය ගැන ඇමති ගම්මන්පිලගෙන් අමුතු කථාවක් එයත් තලගොයා වෙයිද???

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා තුරු බැදුම්කර හොරු අල්ලන්න බැහැ ගම්මන්පිල අමුතු වටයකට පසිගිය ආණ්ඩුව සමයේ සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට විපක්ෂය මගින් දැඩි ලෙස ආණ්ඩුවට පහර දෙමින් ලංකා ඉතිහාසයේ විශාලතම සොරකම සිදුකල බව සදහන් කරන ලදී මේ සම්බන්ධයෙන් මෙරට මුද්‍රිත මාධ්‍ය පිටු ගන්නන් පුරවමින් වාර්තා කරන ලදී විද්‍යුත් මාධ්‍ය මගින් ද තම පුවත් විකාශයේ වැඩිම කාලයක් ඒ සදහා ලබාදෙන ලදී 2015 වසරේදී සිදුවූ අදාල වංචාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ආයතන වසර එකහමාරක් පමණ තම දවසේ ප්‍රධාන පුවත බවට බැදුම්කර වංචාව වාර්තා කිරීම සුලබ දසුනක් විය

මෙරට කුඩා දරුවා දක්වා බැදුම්කරය ගම් දනව් සිසාරා පැතිර යන ලදී බැදුම්කරය ගැන හය හතර නොදත් ජනතාවට බැදුම්කරය කුමක්ද කියා කොටා පොවන තත්වයට පුවත් වාර්තා කරන ලදී බදුම්කරයේ අවසන් ගිණුම් වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගතවීමට දිනක් තිබියෙදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී ඒ අනුව පාර්ලිමේන්තුවේ බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කල කෝප් කමිටුව අහෝසි වන ලදී.

එළඹෙන ජනවාරි 3 වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වන අතර පෙර පැවති කෝප් කමිටුව අහෝසි වීම නිසා නැවත කෝප් කමිටුවක් ස්ථාපිත කිරීම මගින් අදාල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය. විශාල මුදලක් වැයකරමින් සැකසු බදුම්කරයේ අවසන් විගණන වාර්තාව අවසන් මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව පවතී කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කරන ලදී එහෙත නව පාර්ලිමේන්තුව ආරම්භයේදී නැවත කෝප් කමිටුවක් පිහිටුවා අදාල වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරන බව වර්තමාන ආණ්ඩුව සදහන් කරන ලදී

තත්වය එසේ පවතින මොහොතක බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වැඩිම මාධ්‍ය හමු ප්‍රමාණයක් කැදවූ එවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන උදය ගම්මන්පිල මහතා අද දින මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පළකරමින් කියා සිටියේ එම බැදුම්කර වංචාවේ පාලම සැකසු අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා තුරු එම වංචාවේ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට බාධාවක් ඇති බව සදහන් කරන ලදී

මෙනිසා දේශපාලාන වේදිකාවේ කථාවට පමණක් බැදුම්කර වංචාව හෙළි කලාද යන්න ජනතාවට ගැටළුවක් සහ සැකයක් ඇතිවී ඇත බැදුම්කරය ගැන දැඩි ප්‍රහාරයක් එල්ලකළ උදය ගම්මන්පිල මහතා ඇතුළු එදා විපක්ෂයේ කාර්ය භාරය අද ආණ්ඩුවේ සිටිමින් සම්බන්ධ පිරිස් වහාම නීතිය හමුවට ගෙන ඒමට කටයතු කිරීම තුලින් ඔවුන්ගේ දේශපාලන භාවිතයේ සුජාත භාවය රැකගැනීමට ඉවහල් වනු නොවනු මානය

බැඳුම්කර වංචාවේදි නිලධාරින් හා දේශාපාලනඥයින් අතර පාලම බවට පත්වුණේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගන්නා තුරු මේ දේශපාලන සබඳතාවය හෙළි කරගන්න බැහැ. පහුගිය ආණ්ඩුව පාඨළී හිටපු ඇමැතිතුමාගේ ද සහය ඇතිව තමයි අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා ගියේ. ඔහුව සිංගප්පුරුවෙන් පිටුවහල් කරනේන කියලා ලංකා රජයෙන් ඉල්ලිමක් කරලා තිබෙනවා. එය ක‍්‍රියාත්මක වන තුරු එහි ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යන්න බැහැ.

දැන් බැඳුම්කරයට, පාස්කු ප‍්‍රහාරයවට වඩා ඉක්මනට පාඨලීට නඩු පැවරෙන්නේ ඇයිද කියලා සමහරු අහනවා. ඒ දෙකේම විමර්ශන අවසන් නැහැ. ඒවා අවසන් කරලා තිබුණා නම් අපිට පහසුවෙන්ම නඩු කටයුතු කරගෙන යන්න තිබුණා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැන් තමයි ඇත්ත තොරතුරු එළියට එන්නේ. පාඨලීගේ නඩුවේ විමර්ශන කටයුතු අවසන් වෙලා තිබුණේ. එකේ සිදුවුණේ පොලිසිය තොරතුරු වසන් කරලා අධිකරණයට වාර්තා කිරිමයි. ඒ නිසා ඒ කරපු විමර්ශන තොරතුරු මත තමයි පාඨලීව අත්අඩංගුවට ගැනීම ඉක්මණින් කරන්න හැකි වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *