ඇමති ඩලස් අකුරැස්සේ ජන හමුවක // සමාජ මාධ්‍යයෙන් ප්‍රහාරයක්
ලොව පුරා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව එක්රැස් කිරීම නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර මෙරට රජය මගින් සහ සෞඛ්‍ය අංශ මගින් පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය නිසා ජනතාව එක්රැස්වන කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙස දැනුවත් කර ඇත එවැනි තීන්දු රජය විසින්ම ගෙන ඇත. එම තීන්දුව ගනු ලැබූ රජයම නියෝජනය කරන විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍ය දූරය හොබවන ඩලස් අලහපෙරුම මහතා විසින් මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් ඇත මෙම අවස්ථාවට අකුරැස්ස ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් පිරිසක් සහ ආසන සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ද සහභාගී වී සිටින ලදී