ඇමති බන්දුල ඇදිරි නීතිය මැද මත්තේගොඩ නගරයේ සංගීතයක් තබයි!!!
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් අමාත්‍ය දුරයක් හොබවන තොරතුරු සහ සංනිවෙධන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා ඇඳිරි නීතිය සහ නිරෝදායන නීති නොතකමින් ජනතාවගේ මානසික ආතතිය නැතිකිරීමේ අරමුණින් සංගීත මය වැඩසටහනක් මත්තේ ගොඩ නගරයේදී පවත්වන ලදී එහිදී සංගීත සංදර්ශනය මෙහෙයවූ නිවේදකයා සෑම අවස්ථාවකම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නම කියමින් ගුණ වයමින් සංගීත සංදර්ශනය පවත්වන ලදී මෙලෙස සිය ප්‍රතිරූපය ප්‍රවර්ධනය වන අයුරින් මත්තේගොඩ නගරයේ ඊයේ (16) දින සහරා ෆ්ලැෂ් සංගිත සැදෑව නමින් දැවැන්ත සංගීත සනදර්ශනයක් පවත්වා තිබිණි.
මේ දිනවල පොලීසිය සහ යුධ හමුදාවේ සංගීත කණ්ඩායම් නිරෝධායනය කරන ලද මහල් නිවාස අසල සංගීත සංදර්ශන පැවැත්වුවද කිසිම පුද්ගලයෙකුට එම ආසන්නයට පැමිණීමට ඉඩ ලබා දීමක් සිදු නොකරන අතර මෙම සංගීත සංදර්ශනය නැරඹීමට ප්‍රදේශයේ ජනතාව වීදියට පැමිණ සිටින ලදී.
වන මහල් නිවාස අසළ ආරක්ෂක අංශ විසින් විවිධ සංගීතප්රසංග පවත්වන අතර එයට මුවා වෙමින් තම පාක්ෂිකයන්ගේ ආතතිය දුරලීම සදහා යැයි පවසමින් එවැනි කිසිම නිරෝධානයන නීතියක් පනවා නැති මත්තේගොඩ නගරයේදී මෙලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇත.
සහනාධාර බෙදන දේශපාලකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන සමයක ප්‍රසිද්ධ ස්ථානයක සංගීත සංදර්ශන පැවැත්වීම පුදුමයකි එම ස්ථානයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන්ද යොදවා සිටින ලදී සහනාධාරයක් හෝ නොලැබී බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව පාරට බැස විරෝධතා දක්වන ජනතාව අත්අඩංගුවට ගන්නා රටක් මෙවන් ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම බරපතල කනගාටුදායක තත්වයක