“ගෙදර ගියොත් අඹු නසන මග සිටියොත් තා නසන” ඇමරිකාවේ MCC ගිවිසුම .

පසුගිය ජනධිපතිවරණ වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් වූ ඇමරිකාව විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත MCC ගිවිසුම නැවත නව ආණ්ඩුව සමග එකගත්වයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු රජය බලාපොරොත්තුවන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ සාමය පුරා විවිධ කතා මෙන්ම විවිධ වීඩියෝ වැඩසටහන් ප්‍රචාරය වන ලදී.මේ සම්බන්ධව මෙරට ජන සමාජයේ දැඩි කථාබහක් ඇතිවීම තුල එම ගිවිසුම මැතිවරණය වෙනුවෙන් බලපෑමක් ඇතිකරන ලදී ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම නුදුරේදීම ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් මහත්මිය සඳහන් කිරීමෙන් පසු මෙරට සමාජ මාධ්‍ය වෙතින් ඒ සදහා දැඩි ප්‍රතිචාරය එල්ලවීම මේ දිනවල දක්නට ඇත

ඒ නිසා වර්තමානයේ පත්වූ නව ජනාධිපති වරයා ඇතුළු නව ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී සමාජ විරෝධය තැකීමට සිදුවනු ඇත එම තත්වය තුල ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය හද ගසා ගැනීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස MCC ගිවිසුම ස්ථානගතව ඇත. නව ජනපතිට සහ අගමැති ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනා ඇමරිකානු ගිවිසුම අත්සන්කිරීම තුල ඇතිවන සමාජ ප්‍රතිචාරයන්ට ලක්වීම නතරකර ගත නොහැකි වනු ඇත මේ නිසා දන නව ජනපති ඇතුළු නව ආණ්ඩුවට මග සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී තත්වය ඇතිවීම වැළකිය නොහැක

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් මහත්මිය මේ බව පවසා ඇත්තේ පසුගිය දා වොෂින්ටන් නුවරදී පැවති, ආසියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධව පැවති හමුවකදී ය.එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආර්ථික පදනමක් නොමැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහී යන බවය. එවැනි ව්‍යාපෘති හරහා ස්වාධිපත්‍ය ගිලිහීගිය රටක්වන ශ්‍රී ලංකාව තුළ නුදුරේදීම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එමඟින් සිදුවන ඉඩම් ලියාපදිංචිකිරීම හරහා ආර්ථිකය පුළුල් කරන බවත් ඇය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *