කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නිරෝධායනය කිරීමේ ස්ථානයට නගරාධිපති එරෙහි වෙයි!!

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු වෙලංගොල්ල ප්‍රදේශයේ නිවසක නවතා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා අද දින එම ස්ථානයට පැමිණ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස දැනුම් දෙන ලදී මෙම ස්ථානයේ වෛද්‍ය වරුන්ට නවාතැන් ලබාදී නිරෝධායනය කිරීම නිසා අවට නිවෙස් වල ජනතාව දැඩි බීතියකට මෙන්ම අපහසු තාවයකට පත්ව ඇති නිසා මෙහි නිරෝධායන කටයුත්ත නවතා දමන ලෙස දැනුම් දෙන ලදී විපක්ෂයේ දේශපාලඥයෙකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා විසින් මෙම ස්ථානයේ ඇති ගොඩනැගිල්ල වෛද්‍යවරුන්ගේ නිරෝධායන කටයුතු සහ හදිසි අවශ්‍ය තාවයන් වෙනුවෙන් ලබා දී ඇත කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වරයා සදහන් කලේ නගරාධිපති වරයා හරි හැටි කරුණු නොදැන මෙම ස්ථානය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන බවත් විපක්ෂයේ දේශපාලකයෙකු ලබාදුන් නිවසක නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් නගර්ධිපතිවරයා විරුද්ධ වුවද තමන් නිසි බලධාරීන්ගේ අනුමැතිය ඇතිව මෙම කටයුත්ත කල බවත්දේශපාලනඥයා අදාළ නැහැ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීමට සහ වෛද්‍යවරුන්ට නේවාසික පහසුව ලබාදීම පහසුකම් ලබාදීමට කරලා තියෙන්නේ වෛද්‍ය නිර්දේශ මත බවත් මෙම රෝහලේ වෛද්‍යවරුන්ට බලපෑම් කිරීම වැරදියි එහෙම උනොත් ඔවුන් තම සේවාවලින් ඉවත් වෙයි. මේක නගරාධිපතිවරයා තනිකර දේශපාලන මැදිහත් වීමක් බවද කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වරයා සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *