ගම්පහ පොහොට්ටු අපේක්ෂක සටනේ ජය කාටද?? නගරාධිපති එරංග සුදුසුකම් ලබයිද??

ගම්පහ ජනතාවගේ අපේක්ෂාව ඉටු වෙයිද ??ගම්පහ නගරාධිපති එරංග සේනානායක පොහොට්ටු ලැයිස්තුවට ඇතුළත් වෙයිද??

ගම්පහ පොහොට්ටු ලැයිස්තුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයින් සම්බන්ධව ඇතිවූ ගැටළුකාරී තත්වය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ

මේ හේතුවෙන් පොහොට්ටුව අපේක්ෂකයින් දෙදෙනෙකුට නැවතත් අවස්ථාව උදා වී ඇත මේ සඳහා තිදෙනකු ලැයිස්තුවට ඇතුළත්වීම සඳහා තරඟ වදිමින් පවතින අතර ඔවුන් තිදෙනා වන්නේ ලලිත් පියුම් පෙරේරා එරංග සේනානායක හා නලින් ප්‍රනාන්දු යන අයයි ගම්පහ නගරාධිපති එරංග සේනානායක ගේ නාමය තහවුරු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ

පසුගිය 2019 වසරේ ජනාධිපතිවරනයේදි ගම්පහ දිස්ත්රික්කයේ කැපීපෙනෙන ආසනය වූයේ ගම්පහ ආසනයයි. ගමිපහ ආසනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 84507 ක් (67%) ලබා ගැනීමට හැකි වූ අතර ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 31984 ක් පමණි

විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කැපී පෙනෙන ආසනය වන්නේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයයි. සඳහා මෙම ආසනය සඳහා පොහොට්ටුව මගින් අපේක්ෂක ලයිස්තුවට ඉදිරිපත් කර තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් ගුණවර්ධන ගේ නාමයයි. නමුත් ඒ සඳහා ජනතාව ගම්පහ මහනගර සහ අධිපති එරංග සේනානායක ඇතුළත් වනු ඇති බවට විශ්වාසයෙන් සිටියේය. මේ හේතුවෙන් දැන් ජනතා අපේක්ෂාවන් ඉටුවන තත්ත්වයක් ඇති වෙමින් පවතින බව වාර්තා වේ. බොහෝ විද්වතුන් ද පෙන්වා දී ඇත්තේ එරංග සේනානායක ගම්පහ ඇතිවී තිබෙන හිඩස සම්පූර්ණ කිරීමට දැනට සිටින අපේක්ෂකයා බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *