මාවතගම ව්‍යාපත්ත වන්නේ අප්‍රිකානු පළගැටියා ද? ඉන්දීය දේශසීමා පළගැටියා ද?

පසුගිය මාස කිහිපය පුරා අප්‍රිකානු පලගටියෙකු හේතුවෙන් එම කලාපයේ බොහෝ රටවල වගාවන් සම්පුරන්යෙන් විනාශ වන ලදී එම පළගැටියා කාන්තාර පලගටියෙකු වශයෙන් හදුන්වන ලදී මෙම පලගටියාට සමාන පලගටියෙකු පකිස්ථාන් සහ ඉන්දීය දේශ සීමාවේදී සැරි සැරීම නිසා එම පරදේශවල වගාවන් රැසක් හානියට පත්වන ලදී මෙම පළගැටි විශේෂයෙන් මෙරට සදහා බලපෑම් ඇතිකරන බව කෘෂි පර්යේෂකයන්ගේ අදහස වන ලදී

මේ අනුව කුරුණෑගල මාවතගම නගරය ආසන්නයේම පිහිටි මීපල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ප්‍රැන්සිස්කෝවත ප්‍රදේශයේ පුරා වගාවට හානි කරමින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .ඉතා කුඩා වශයෙන් වර්ධනයවූ මෙම පළගැටි විශේෂය අද වන විට ලක්ෂ ගණනින් ව්‍යාප්තව ඇත මේ නිසා ප්‍රදේශයේ බෝග රැසකට හානි කරමින් ඇත මෙම අනතුර කුරුණෑගල දිස්ත්‍රික්කයට මෙන්ම රට පුරාද ඇතිවීමේ අවධානමක් ඇති බව වාර්තා වෙයි

හසුවෙන සෑම ශාකයක්ම කා දමමින් දහස් ගණනින් පැතිරෙමින් පවතින මෙම පළඟැටි විශේෂය මේවනවිට ප්‍රදේශයේ පොල් වගාවටද හානි කිරීමට පටන්ගෙන තිබීම දැඩි අනතුරුදායක තත්ත්වයක් වී තිබේ .

ලා කහ පැහැයෙන් සහ කළු වර්ණයෙන් සමන්විත මෙම ආගන්තුක පළඟැටි විශේෂය පිළිබඳව මාවතගම ප්‍රදේශයෙන් පළමු වරට වාර්තා වීමත් සමගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.එ්.වීරකෝන් මහතා ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා අද එම ප්‍රදේශයට ගොස් මෙම සත්ත්ව හානිය නිරීක්ෂණයට ලක් කළහ .

ප්‍රදේශවාසින් පෙන්වා දුන්නේ දැනට මාසයක පමණ කාලයකට පෙර ඉතා සුළුවෙන් ⁣වාර්තාවූ මෙම පළඟැටි විශේෂය මේවනවිට දහස් ගණන් රංචු ලෙස පැතිර ගොස් සියළුම වගාවන් ආක්‍රමණය කරමින් සිටින බවය .

අප රටට ආගන්තුක වන මෙම පළඟැටි විශේෂයේ මේ වනවිට ගතවෙමින් තිබෙන්නේ එම සතුන්ගේ වර්ධනයේ තුන්වැනි පියවර වන බැවින් අවශ්‍ය කෘෂි රසායනික යෙදීමෙන් උන්ව යම් පාලනයකට ලක්කළ හැකි බව පෙන්වා දුන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වීරකෝන් මහතා හතරවන පියවර වන එනම් මෙම සතුන්ට පිහාටු ඇතිවී පියඹා යාමේ තත්ත්වයක් දක්වා සතුන් වර්ධනය වුවහොත් තත්ත්වය භයානක විය හැකි බව පෙන්වා දුන්නේය .

විශේෂයෙන්ම මේවනවිට පීදෙමින් පවතින වී වගාවට හානියක් කිරීමට පෙර මෙම ආගන්තුක සත්ත්ව වර්ගය පාලනයකට ලක්කළ යුතු බව අවධාරණය කළ ආචාර්ය වීරකෝන් මහතා ඒ සම්බන්ධයෙන් නිලධාරීන් සහ ජනතාව දැනුමිවත් කර පළඟැටි විශේෂය මර්ධනයට අවශ්‍ය කෘෂි රසායන යොදන ලෙස උපදෙස් දුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *