සිංහල දමිල මුස්ලිම් දරුවන්ගේ තෙලි තුඩින් හැඩවන මාවනැල්ල

සටහන හා ජායාරූප කෑගල්ල සමන් විජය බණ්ඩාර

පොස්ටර් වලින් වැසි ගත් අපේ රටේ මාර්ග දෙපස පිහිටා ඇති තාප්ප, බිත්ති, පාලම්, අම්බලම්, ඔර්ලොසු කණු අලංකාර චිත්‍ර වලින් හැඩ ගැන්වෙන අයුරු ප්‍රදේශ කිහිපයක සංචාරය කර අපිට දැක ගැනිමට හැකි විය. ඒ අතරේ මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ හෙම්මාතගම සිට ගම්පොල දක්වා ගමන් කරන මාර්ගය දෙපස බැම් කිහිපයක බෞද්ධ චිත්‍ර රැසක් සිංහල තරුණ තරුණියන් කිහිප දෙනෙකු සමග මුස්ලිම් හා දමිළ තරුණ පිරිමි කාන්තා දරුවන් එක්වි අලංකාර ලෙස එකමුතුකමින් හැඩ ගැන්වෙන අන්දම එහි ගිය අපිට දැක ගත හැකි විය.


මෙලෙස චිත්‍ර වලින් හැඩ ගැන්වෙන්නේ මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගයේ ඇති බැම් කිහිපයක් තෝරා ගෙනයි. මෑතකදි මං තීරු දෙකක් ලෙස සංවර්ධනය වු මෙම මාර්ගය කදු සහිත මාර්ගයකි.
කඩුගන්නාව පළතුරු කඩ පේළිය අසළින් යන විට ඔබට දැකිමට හැකි අවට සුන්දර පරිසරයට සමාන ඊට වඩා වැඩි අලංකාර පරිසර පද්ධතියක් ඇති ස්භාවික දිය පහරවල් සහ වන සතුන් කුරුල්ලන් විවිධ ශාඛ වර්ග ඈතින් පෙන කදු පන්ති ගණනාවකින් සමන්විත මෙම පරිසර පද්ධතියේ මැදින් වැටි ඇති පාර වෙනුවෙන් සකස් කරන ලද විශාල දිගකින් යුත් ආරක්ෂිත බැම් රැසක් පිහිටා ඇත. මේ වන විට එම බැම් වල චිත්‍ර ඇඳිම ආරම්භ වි ඇති අතර එහි පළමු චිත්‍රය මේ දින වල එම මාර්ගයේ කෙහෙල්පන්නල මං සන්දියේ නිර්මාණය කිරිම අරඹා ඇත්තේ දින 5 කට පමණ කලින්


කෙහෙල්පන්නල, බලත්ගමුව, අම්බලාව වැනි ප්‍රදේශවල තරුණ තරුණයන් එක්විමෙනි. ඒ සඳහා ඔවුන් උනන්දු කර ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මංජුල අධිකාරි මහතායි. චිත්‍ර ඇඳිමට පෙර එම බැම් වල සුදු තීන්ත අලේප කර ඇති අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගෙන් හෙම්මාතගම මුස්ලිම් තරුණ තරුණියන් කිහිප දෙනෙකු විසින් ඉල්ලා ඇත්තේ තමන්ට මෙම බැම්මේ චිත්‍ර ඇඳිම සිදු කර හැකි බවයි. ඔවුන් සියලූ දෙනා හෙම්මාතගම මුස්ලිම් කලා සංන්සඳයක සමාජිකයන් වන අතර ප්‍රදේශවාසීන්ගේ හා මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත මෙම මුස්ලිම් දරුවන් මේ වන විට මෙම තාප්පයේ චිත්‍ර ඇඳිමට යොමු වි ඇත.


මෙම බැම්ම පුරා ඇති සිතුවම් මගින් පැරණි බිතු සිතුවම් කලාව ලාකීය ඉපැරණි උඩරට පහත රට චිත්‍ර බෞද්ධාගමික මුහුණුවරක් ගත් මේ සියලූ සිතුවම් මුස්ලිම් තරුණ තරුණයන්ගේ අතින් නිර්මාණය කිරිමත් මෙහි ඇති සුවිශෙAෂි සිද්ධියකි. ඒ අතර ඇති තවත් සිතුවම් කිහිපයකින් අපිට දක්නට ලැබුණේ වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරන ලද සෙබළුන් සිහිපත් කිරිමේ අරමුණින් ඇඳ ඇති සිතුවම්ය. එක් පසකින් ධර්ම චක්‍රය සහ අනික් පසින් සබරගමු කොඩිය නිරූපනය වෙයි. එමෙන්ම අලංකාර පෙරහැරක අංග ඇතුලත් චිත්‍ර පෙළකින්ද යුක්තයි.


එම චිත්‍ර ඇදිමේ කටයුතු වලදි සහ පාට කිරිමේ කටයුතු වලදි සිංහල තරුණ තරුණියන් සමග අදහස් හුවමාරු කර ගනිමින් මුස්ලිම් තරුණ තරුණියන් සාමුහිකව ඒකා මෙන් වැඩ කරගන්නේ සහෝදරත්වයෙනි. තවද මෙම බැම්ම පිහිටා ඇත්තේ සිංහල ගමක් මධ්‍යයේය. චිත්‍ර අඳින මුස්ලිම් තරුණ තරුණියන්ට කෑම බිම මෙන්ම තමන්ගේ ඇදුම් ඇද ගැනිමට වැසිකිලි යෑමට නෑමට පවා අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ අවට පිහිටා ඇති සිංහල අයගේ නිවෙස් වලිනි.


දින පතා මුස්ලිම් තරුණ තරුණියන් 15 දෙනෙකු පමණ මෙම ස්ථානයේ දෛනිකව මෙම අලංකාර චිත්‍ර අඳිමින් කාලය ගත කරන අතර මෙම මාර්ගයෙන් නුවරඑළිය, ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්වය සංකීර්ණය සහ හැටන්, නාවලපිටිය, නුවර පේරාදෙණිය වැනි ප්‍රදේශවලට යන දෙස් විදෙස් සංචාරකයන්ද මෙම කටයුත්ත අගය කරමින් එම ස්ථාන වල නැවති මෙම චිත්‍ර පාට කරන අය සමග සුහඳ කතා බවක නිරත වි යන්නට ඔවුන් අමතක කරන්නේද නැත.


සමහර විදේශිය ජාතිකයන් අපේ රටේ පැරණි සිතුවම් කලාවට විශාල කැමැත්තක් දක්වන අතර ඔවුන් ඒවායේ ජායාරූප ගෙන ජාතින් කිහිපයක් එක් වි සහයෝගයෙන් යුතුව කටයුතු කිරිම ගැනද ඔවුන් දක්වන්නේ පුදුම කැමැත්තකි. ඒ නිසාම දෛනිකව මෙම ස්ථානයෙන් ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට සේම විවිධ තාරාතිරම් වල අය පවා මේ ස්ථානයේ මේ සිතුවම් සමග සම වැදි මොහොතක් ගත කරන්නට අමතක නොකරයි.


අපි එහි ගිය 15 වැනිදා පැය ගණනාවක් එහි රැඳි සිටි අතර මුස්ලිම් තරුණ තරුණියන් සිය කලා සංන්සදය හරහා එළිමහනේ සිදු කරන පළමු නිර්මාණය සමරමින් පාට පෙට්ටියක හැඩය ඇති කෙක් එකක් ගෙනවිත් එම ස්ථානයේදි කපා සිංහල මුස්ලිම් ජාති භේදයකින් තොරව එකිනෙකාට කවා ගනිමින් මෙම එකමුතුවේ සැබෑ සහෝදරත්වයේ අරුත රටටම කිවේ හෙම්මාතගම ප්‍රදේශයෙන් තවත් ලොකු ආදර්ශයක් රටට පෙන්වා දෙමිනි.
මාවනැල්ල හෙම්මාතගම නගර සහ ඒ අවට ප්‍රදේශවල මුස්ලිම් සිංහල ජනතාව වැඩි දෙනෙක් සිටින අතර රටේ විවිධ කාල සීමාවලින් හොඳ මෙන්ම නරක සිද්ධින්ද රැසක් වාර්තා වුයේ මෙම ප්‍රදේශයන් වලිනි.

එක කාල වකවානුවක බුදු පිළිමේ කැඩිමේ සිද්ධියකින් මුළු ලෝකයේම අවදානය මාවනැල්ල ප්‍රදේශයට යොමු වු අතර ඊට පෙර සිංහල මුස්ලිම් කලකෝලාහලයක් ගොස් නගරයේ ගැටුමක් පවා නිර්මාණය විය.
සිංහල මුස්ලිම් ජනතාව මිට අවුරුදු 10 කට 20 කට පෙර ඉතා හොඳ සමගියක් කාලය ගත කර ඇති අතර මිට වසර කිහිපයකට කලින් එම සමගියට විවිධ වු වක්‍ර බලපෑම් ඇති විය. නමුත් තාක්ෂණයත් බලයත් සමග මෙ වෙනස් විම ඇති වු අතර රටේ පවතින දේශපාලන හැසිරිමත් මිට තදින්ම බලපෑ අතර දැන් දැන් ඒම තත්වය මග හැරි සියලූ දෙනා අමුතු නිදහසකින් සතුටකින් කාලය ගත කරයි.


විවිධ කට කතා ප්‍රචාර මැද්දේ වෙන් වි මුළු ගැන්වි සිටි මුස්ලිම් තරුණ පිරිස මේ හරහා එම සමාජ වළල්ලෙන් මිදි සමාජිය කටයුතු වලට පැමිණිමේ පියවරක් ලෙස මෙම චිත්‍ර ඇඳිම පෙන්වා දිය හැකියි.
මෙම කටයුත්ත ගැන මුලින්ම අපිට අදහස් දැක්වුයේ දැනට කොළඹ විශAව විද්‍යාලයේ ජනසංන්නිවේදන උපාධිය හදාරන වයස අවුරුදු 22 ක් වන ෂායිලා රිස්වි නම් තරුණියයි.


අපිට මේක අලූත් අත්දැකිමක් දැන් රටේ අය අලූත් විදිහට හිතනවා අපිට දැනෙනවා ලොකු නිදහස් වාගේ දෙයක්. මිට කලින් අපි නිකම් හිර වේලා හිටියේ දැන් තියෙන තත්වය මට කියන්න තේරෙන්නේ නැහැ සිංහලෙන්. මම කොළඹ විශAව විද්‍යාලයේ මාගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් ඉන්නේ සිංහල අය අපි එකට තමයි බත් එක පවා කන්නේ. අපිට මේ වාගේ එළිමහනේ නිර්මාණ කරන්න ලැබිම අපේ හැකියාවන් වර්ධනය කර ගැනිමටත් හොඳ අවස්ථාවක්. මම පාසල් ගියේ හෙම්මාතගම අල්අස්හර් මහා විද්‍යාලයට පාසලේදි මේ වාගේ නිර්මාණ කලා නමුත් අපි එළිමහනේ මේ වාගේ විශාල තාප්පයක මුලින්ම තමයි මෙවැනි නිර්මාණයක් කරන්නේ ඒ නිසා තමයි අද අපි කෙක් එක්ක කපලා මේ සතුට අපේ සිංහල සහෝදරයන් එක්ක ඛෙදා ගත්තේ.


අපි කාලයක් ආගමික වශයෙන් වෙනස් වුනා ජාතීන් වශයෙන් වෙනස් වුනා රටේ තාක්ෂනයත් එක්ක විවිධ වැරදි මත නිසා අපි වෙනස් වේලා ඛෙදිලා හිටියා නමුත් අපි දැන් මේ හැම දෙයක්ම තේරුම් ගෙන ඉස්සර හිටියා වාගේ අපි දැන් එකා මෙන් ජිවත් වෙනවා. අද අපි මෙතන වැඩ කරනවා නමුත් අපේ ආගමෙන් හෝ අපේ ජාතියෙන් අපිට වෙන් කරලා නැහැ. අපේ වැඩිහිටි දෙමාපියේ මුස්ලිම් වුනාට සිංහල අය සමග සමීප ඇසුරක් පවත්නවා ඒ අය අදටත් සිංහල අය සමග ඉතා ලග නෑකමින් කටයුතු සිදු කරනවා. මම ආරාධනා කරනවා අපේ මුස්ලිම් අනික් සහෝදරයන්ටත් මේ වාගේ ඇවිත් අපි එකමුතු කමින් මේ රට ලස්සන කරමු කියලා.


දැන් පොස්ටර් වෙනුවට ලස්සන චිත්‍ර දකිනවා. අපි දැක්කා මේ දවස් කිහිපයේදි මේ චිත්‍ර බලලා සංචාරකයන් බොහෝ දෙනෙක් සතුටින් යන්න යනවා. දැන් අපේ විශAව විද්‍යාලයේ නිවාඩු කාලයක් ඒ නිසා මේ නිර්මාණ වලට දායකත්වය දක්වන්නට ලැබිම ලොකු වාසනවාක් යැයි පැවසිය.
ඔබලා දැන් මේ සිතුවම් කරන්නේ බෞද්ධ චිත්‍ර ඒ ගැන මොකද හිතෙන්නේ ? අපිට ලොකු සතුටක් දැනෙනවා මේ අපේ රටේ කලාව ගැන මේ කලාව ගැන අපි අධ්‍යාපනයේදි පවා හදාරනවා ඒ නිසා අපිට නම් දැනෙන්නේ මේ වාගේ නිර්මාණ වලට දායක විමට ලැබිම සතුටක් කියලා විතරයි.


ෂායිලා රිස්වි මෙසේද පැවසිය.
අපේ කණ්ඩායමේ ඉන්නවා තවමත් පාසල් අධ්‍යාපනය හදාරණ සහෝදරයන් ඒ අයට මේක අලූත් අත්දැකිමක් වාගේම ඔවුන්ගේ නිර්මාණ වැඩි දියුණු කර ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වාගේම මටත් මාගේ ගමට නගරයට සේවයකයක් කරන්න ලැබිමත් එක අතකට ලොකු වාසනාවක් අපි සියලූ දෙනාම කැමැතියි ඉදිරියටත් මේ වාගේ නිර්මාණ වලට දායකත්වය ලබා දිලා සහයෝගයෙන් වැඩ කරන්න අපි කැමැතියි යැයි පැවසිය.


අෂ්ෆා රෂ්ලාත් යන යුවතියට අවුරුදු 21 කි. ඇයද අදහස් දක්වමින් මෙසේ පැවසිය.
අපි දැන් දවස් 5 ක් විතර මේ කටයුතු වලට සහභාගි වෙනවා අපි වැඩ වලට එක්කරගෙන එන්නත් සහයෝගය දක්වන්නේ මේ සිංහල සහෝදරයන්ගේ වාහාන අපි නැවත වැඩ අවසන් වුනාට පස්සේ ගෙවල් වලට එක්කරගෙන යන්නෙත් මේ සිංහල සහෝදරයන් අපිට කන්න බොන්න දේවල් අපේ හැම කටයුත්තකටම සහයෝගය දක්වන්නෙත් මේ සහෝදර සහෝදරියන් මමත් අධ්‍යපානය හදාරන ශිෂ්‍යාවක් මේ වාගේ කටයුත්තකට මම සහභාගි වෙන්නේ මුල් වතාවට ඒ නිසා මේක අලූත් අත්දැකිමක් වාගේම අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න අපේ හැකියාවන් වැඩි දියුණු කරගන්න ලැඛෙන වේදිකාවක්.


අල්අස්හර් මහා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය හදාරණ එම්. ආර් රාසි නම් පාසල් සිසුවා අදහස් දක්වමින් මෙසේ පැවසිය.
මම පාසලේ උසස් පෙළ විෂයක් හැටියට චිත්‍ර කලාව කරනවා ඒ නිසා මේ අවස්ථාව මාගේ නිර්මාණ වැඩි දියුණු කරගන්න ලැබුණු හොඳ අවස්ථාවක් අපේ නිර්මාණ රටට පෙන්වන්නට අවස්ථාව උදා කර දුන් සියලූ දෙනාටත් අපි වැඩේ පටන් ගත්ත දවසේ ඉදන් උදව් කරන සිංහල සහෝදරයන්ටත් මාගේ ස්තුතිය පුද කරන්න කැමැතියි.


එම්.ටි.එම්. පායාෂ්ට අවුරුදු 27 ක් වන අතර ඔහු මේ වන විට ව්‍යාපාරිකයෙකු ලෙස සේවය කරන අතරේ මෙම කටයුත්තට සහාය පල කරමින් මෙම සිතුවම් ඇදිමට සහය දක්වයි. ඔහුද අදහස් දක්වමින් කිවේ මෙවැනි කතාවකි.


අපි මේ වැඩේ කරන්නේ හරිම සතුටින් ලංකාවේ මිනිස්සු හැම කෙනෙක්ම සමගියෙන් සහයෝගයෙන් වැඩ කරනවාට මම හරි කැමැතියි. මට පුළුවන් හැම අවස්ථාවකම මේ වෙනුවෙන් සහය පල කරලා මේ සිතුවම් ඇඳිමට එක් වෙනවා. පාසල් කාලයේ මම විෂයක් ලෙස චිත්‍ර ඇඳිම සිදු කලා ඒ නිසා අපේ හැකියාවන් වර්ධනය කර ගන්නත් රටේ හැම කෙනෙකුටම පෙන දකින තැනක සිතුවම් අදින්න පාට කරන්න ලැබිම කරන්නේ ඉතා කැමැත්තෙන් යැයි පැවසිය.


මෙම සිතුවම් ඇදිමට ඒවා වර්ණවත් කරන්නටත් මුස්ලිම් සහෝදර සහෝදරියන් බොහෝමයක්ම මෙහි දින කිහිපයක් පුරාවට මහන්සි වෙන අතර ඔවුන් අතර හෙම්මාතගම දෙල්ගහදොනියේ පදිංචි ඒ.එස්. සක්කා තරුණිය දැනට යාපනය විශAව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අතර මෙම කටයුතු වලට කැමැත්තෙන් ඇය කටයුතු කරන්නේ විශAව විද්‍යාලයේ නිවාඩු කාලයේ තමන්ට ගමට සේවක් කරන්නට ලැබුණු හොඳ අවස්ථාවක් නිසායැයි පැවසිය.


එමෙන්ම එ.එස්. ෂිමා ද මෙම කටයුතු වලට සහාය දක්වමින් මෙම ස්ථානයේ චිත්‍ර පාට කිරිමට හා අනිකුත් අයට සහාය වෙමින් සතුටින් සිනාමුසු මුහුණින් යුතුව කටයුතු කරන අතර ඔවුන් පවසන්නේ රට පුරා මෙලෙස වෙනදා වැසි ගිය තාප්ප අලංකාර විම රටේ සංචාරක ආකර්ශණයට මෙන්ම තරුණ තරුණියන් අතර එකමුතුකම මෙන්ම ජාතින් අතර සංහිඳියාව වර්ධනය විමටද මෙම අවස්ථාව අගය කරන වැඩ සටහනක් වන බවයි.


මෙම කටයුතු වලට සහාය වෙමින් මෙම අවස්ථාව සිදු කිරිමට මග පෙන්නු මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී මංජුල අධිකාරි මහතා මෙසේ පැවසිය.
රට අලූත් වෙනසකට ගමන් කරමින් සිටිනවා මේක හොඳ වැඩපිළිවෙලක් අපිත් කෙහෙල්පන්නල මං සන්දියේ චිත්‍ර ඇඳිම ආරම්භ කලා ඊට පස්සේ අපිට මුස්ලිම් සහෝදර සහෝදරියන්ද සහාය දක්වමින් මෙකට සම්බන්ධ වෙන්න ඔනෑ කියලා මාගේ සහෝදර හිදාතුල්ලා මුස්ලිම් සහෝදරයා කියපු නිසා අපි සියලූ දෙනාගේ කැමැත්ත ඇතිව අපි ඔවුන්ටත් ආරාධනා කලා. ඇත්තෙන්ම මෙතන සිංහල මුස්ලිම් මේ ගමේ කෙළවරේ වත්තේකඩේ හා අම්බලාව වාගේ දෙමළ අය ජිවත් වෙනවා ඔවුන්ද මේ කටයුතු වලට සහාය පල කරමින් චිත්‍ර අදින්න සහාය දක්වනවා හැම කෙනෙක්ම සහෝදරයන් වාගේ වැඩ වල යෙදිලා ඉන්නේ තමන්ගේ දෙයක් කරගෙන.
මේ වාගේ දේවල් කරන්නට රටේ නිදහස් වතාවරණයක් ඇති කරපු අපේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ස්තුතිය පුද කරනවා ඒ වාගේම එතුමා මේවා අගය කරමින් ලබා දෙන සහයෝගය වැදගත්. සිංහල මුස්ලිම් දමිළ ජනතාව ඉන්න මාවනැල්ල හෙම්මාතගම වාගේ ප්‍රදේශයක සියලූ ජාතීන් එකතු වේලා කරන වැඩ වලින් ජාතින් අතර සමගිය වර්ධනය වෙනවා. ඉස්සර එහෙම තිබුණු රට යලි ඒ විදිහ වෙනවාට බොහෝ දෙනෙකු කැමැතියි ඒ තුළින් අවංකබව, එකමුතුකම ඇති වේලා රටක් ලෙස ඉදිරියට යන්නට ලොකු තල්ලූවක් ලැඛෙනවා. අපි මේ බැම්මේ චිත්‍ර ඇදලා ඉතිරි බැමි වලත් මේ වාගේ ලස්සට චිත්‍ර අදින්න බලාපොරොත්තුවෙන් ඉන්නේ යැයි පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *