මැච් හිට් කරන ක්‍රීඩකයන් ගෙදර තබා මස්ත බාල්දුවෙන් ක්‍රිකට් ගැසීම

මැච් හිට් කරනවුන් ගෙදර තබා මස්ත බාල්දු ක්‍රීඩකයන්ගෙන් ගහන ක්‍රිකට් අපේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා ඕනෑවටත් වැඩ සුදුසුකම් ඇති ක්‍රීඩකයන් ගෙදර තබා තරග 10 කින් 9 ක්ම අසාර්ථක ක්‍රීඩකයන් යොදවා තරග දිනන්නට හදහ වැලේ වැල් නැති අසන්තද මේල් ඕක පොඩි එකෙකුට දීපන් නැතිනම් ක්‍රිකට් උඹම කරගනින් අපි නැතිබව ක්‍රීඩා ලෝලීන් නිතර කියන කියමනකි සත්‍ය වශයෙන්ම තරගය ශ්‍රී ලංකාව දිනුවේ වනිදු නිසාය ඔහුගේ උත්සහ වන්ත ඉනිම නොවන්නට ලංකාවට පරාජය නියතය

පසුගිය එක්දින තරග වලදී අසාර්ථක මැදපෙළ ක්‍රීඩකයන් තවදුරත් තබාගනිමින් කුමන ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යනවාද ගැටලුවකි ලංකාවේ තණතිලිවල ක්‍රීඩාකරන අවස්ථාවක තරගයක් අපහසුවෙන් ජයග්‍රහණය කිරීම පුදුමයකි පිතිකරුවන්ට පාරාදීසයක් බදු ssc තන්තිල්ලේ දෙවනියට පන්දුවට පහරදෙන කණ්ඩායමට ඉතිහාසයේ සිට ඉතා වාසි දායකය එම තණතිල්ලේ අපහසුව ඇත්තේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට පමණි එයත් තරගය ආරම්භවී පළමු පැය තුලදී පමණි එවන් පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන් පරදා එක කඩුල්ලක ජයග්‍රහණය මහා මෙරක් නොවෙති

අනෙක පූල් ටොස් පන්දුවට පහරදීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් තුල තිබූ අලස භාවය තුලින් පැහැදිළි වන්නේ තවත් වසර 10 ක් අවස්ථාව දුන්නද තරගයක් දිනවීමට තරම් හැකියාවක් නොමැති එක්දින පිතිකරුවෙකුගේ ලක්ෂණ නොවේද ??? ඇන්ජලෝ මතිවුස් ගැන කථා කිරීමට දෙයක් නොමැත මෙම පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩා කල අවසන් ඉනිම් ගෙන බැලීමේදී එක්දින කණ්ඩායමට කොතරම් සුදුසුද යන්න ගැටළුවකි මීට වසර 10 කට පෙර එක්දින තරග රටාවට ගැලපෙන මෙම පිතිකරුවන් දෙදෙනා වර්තමාන තරගකාරී පිටියට ගැලපීමට හැකිද ?? මෙම පිතිකරුවන් දෙදෙනා තවමත් එක්දින පිටියට සුදුසුද ???

පුහුණු තරග දෙකේදී වැඩිම ලකුණු ලැබූ අසේල ගුණරත්න තරගා වලියේ කොනකවත් නැති තත්වයක මේ ක්‍රිකට් කරවන ඇත්තන් කරන්නේ කව්රුන් රැවටීමද නිසැකවම අවසන් එක්දින තරගයේ අවස්ථාව අසේල ගුණරත්නට දීමට ඉඩ ඇත ඒ ලෝක අප වාදයෙන් බේරීම සදහාය නැතිනම් සමාජ විරෝධය සමනය කිරීම සදහාය එම තරගයේදී අසේල හරියට තරගය නොකළහොත් එය ඔහුගේ අවසන් එක්දින තරගය වනු ඇත එවිට ඔය ක්‍රිකට් පරිපාලනය කියන්නේ අසේලට අවස්ථාව දුන්නා ඔහු දක්ෂතා අතරට පැමිණියේ නැති නිසා කණ්ඩායමේ අවස්ථාව අහිමි වූ බවයි තේරීම් කමිටුව එම හැන්දෙන් අනිත් ක්‍රීඩකයන්ටත් බෙදුවනම් අද වනවිට මෙන්ඩිස් සහ මැතිව්ස් එක්දින පිටියෙන් සමුගෙන හුගකල්ය

අවාසනාව නම් දේශීය පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයන් අමතක කර දිගින් දිගටම අසාර්ථක ක්‍රීඩකයන් තරග සදහා ආදේශ කිරීමෙන් ක්‍රිකට් වැටීම නැවතිය හැකිද ??? ලක්ෂාන් සදකන් ට දුන් අවස්ථා ගන්න අපමණය ඔහු නිරන්තරයෙන් එක්දින පිටියේ බැටකන පන්දු යවන්නෙකි ඔහු තම පන්දුවාර 10 ලකුණු 40 නට අඩුවෙන් තබාගත් අවස්ථා ගණන අල්පය දේශීය පිටියේ වර්තමානයේ දස්කම් දැක්වූ සචිත්‍ර සේනානායක අමතක කිරීම පුදුමයකි ජාත්‍යන්තර අත්දැකීම් සහිත සචිත්‍ර එක්දින තරග රටාවට ඉතා සුදුසු ක්‍රීඩකයෙකු බව පේනවා ඇත

ක්‍රිකට් තේරීම් කමිටුව අදුරේ අතපත ගාන තත්වයක මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් වලපල්ලට යාම නැවතිය හැකිද එළඹෙන ට 20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වලට පවා ඇද වැටුණු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අපලය ගෙවෙන්නට හොද බලි තොවිලයක අවශ්‍යතාවය අවස්ථා ගණනකදී පෙන්වා දෙන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *