ගාල්ලේ තැපැල් ජන්දය ඇස ගසන මාර සේනාවෝ රාජ්‍ය ආයතන වටලති..!

මහින්ද රනිල් සජිත් කියන කතා අසා ගාල්ලේ රාජ්‍ය සේවකයන්ට චූ බර හැදෙන්නේ ඇයි!

දියවන්නාවට ගාල්ලෙන් යන පප්පලාගේ කියන කතා

සජිත්, මහින්ද, රනිල් කියන අමුතුම කතා දන්නවාද මෙන්න ඒ කතා….

ගාල්ලේ තැපැල් ජන්දය ඇස ගසන මාර සේනාවෝ රාජ්‍ය ආයතන වටලති.! 

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු  අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම තාරකගෙන් අමුතු වැඩක් ගාල්ලටම එකයිද හයයි ද ?

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු  අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම ලෙසින් නීතිඥ  තාරක නානායක්කාර ගේ අලුත් හුස්ම සය වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව ජනගත කෙරුණා.ආකල්ප සංවර්ධනය සහ අවස්ථා සහ විෂය මාලා අතර ඇති හිදැස ආවරණය කෙරෙන ජාතික අධ්‍යාපනය නව්‍යකරණය,වෘත්තීය මාර්ගොපදේශනය හා පුහුණුව හරහා රැකියා අවස්ථා සහ පුහුණු සමපාත කිරීම,අපරාධ සහ වංචා දූෂණ හෙළිදරව් කරන්නන් සුරැකීමේ ප්‍රතිපත්ති (Whistleblower Protection),කෘෂිකාර්මික නව්‍යකරණය සහ ගොවි, ධීවර සුරක්ෂාව ,නවෝත්පාදන මූලික කරගත්, වෙළදපොළ ඉලක්කගත කර්මාන්ත සංවර්ධනය ,සහ         තොරතුරු තාක්ෂණ සංවර්ධනය ,යනාදී මූලික කරුණු පිළිබද තාරක ගේ අනාගත දැක්ම මෙහි අඩංගු වනවා.. මේ සදහා දේශපාලන විචාරක, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික,  NextGenSLකැදවුම්කරු මෙන්ම SJBYouth ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ, දකුණු පලාත් හිටපු මන්ත්‍රිවුරු විශාල පිරිසක්ද, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, Tharaka4Parliament 2020 ගාල්ල සම්බන්ධීකාරකවරුන්, තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්වුණා.. මෙහි විශේෂ අවස්ථාවක් වූයේ අලුත්හුස්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත තාරක නානායක්කාර දේශපාලනය ඇරඹි 2013 වර්ෂයේ දී ප්‍රථමයෙන්ම ඔහු හා එක්වූ දැන් 71 වියැති ජ්‍යේෂ්ඨ එක්සත් ජාතික පාක්ෂික ලක්ෂ්මන් දයානන්ද මහතා වෙත පිරිනැමීමයි.

ගාල්ලේ තැපැල් ජන්දය ඇස ගසන මාර සේනාවෝ රාජ්‍ය ආයතන වටලති.!   

මැතිවරණ කාලයේතැපැල් ජන්දය අත ලඟ නිසා තැපැල් මාමාලාට වෙනදා මෙන් නොව රාජකාරි වැඩි වී ඇත්තේ තෑපෑලෙන් මනාපයට ඉල්ලා පත්ත්‍රිකා බෙදිම නිසාය. සමහර අපේකෂකයෝ තමාට ජන්දය ඉල්ලා තැපෑලයෙන් පත්ත්‍රිකා එවීම නිසා කාලයකට පසුව සමහර රාජ්‍ය නිලධාරින්ට ගෙදරට ලිපියක් එනවා යැයි ගෙයි හිමියෝ පවසති. අපේකෂකයෝ සමහරු රාජ්‍ය ආතනවලට ගොස් රාජය නිලධාරින්ගේ මනාපයට කොක්ක ගහන්නට කටයුතු කරති.

කොරොනා දෙවන කැරැල්ල රටේ ඇති වෙමින් පවතින්දී කොමල දමන ජන්ද අපේක්ෂකයෝ

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම රටපුරාම මහ මැතිවරණ අපේක්ෂකයෝ ජන්දය මනාපය ඉල්ලා මේ දිනවල රාජ්‍ය ආයතනවලට ගොස් කොමල දමති ඔමරි දමති අත මිරකති. ඇස් ගසති. මේ රාජ්‍ය නිලධාරින්ගේ මනාපයට කෑදර දේශපාලඥයේය.

සමහර හිටපු මැති ඇමතිවරු රාජ්‍ය ආයතනවලට එන විට රාජ්‍ය සේවක සේවිකාවන්ට චූ බර හැදෙන්නේ යැයි මයා….!

ගාල්ලේ සූත්ර පුංචා වු වජිර අබේවර්ධන සමහර රාජ්‍ය ආයතනවලට යන විට සමහරු වොස් රූම් වෙතට දිව යන්නේ ය.සමහරු දිව යන්නේ කැංටිමටය. සමහරු වජිර ආවා දැක්කේ නැ වාගේ සිටින්නේ අලියා ට අදරය කළ අලියාට හිතවත් වු රාජය සේවකයෝය.  පොහොට්ටුවේ දොස්තර හොඳහිත රමේෂ් පතිරණද,මෙහාන් පී ද සිල්වා ද, චන්දිම ද දැන් අනෙක් අපේක්ෂකයන් වාගේම ඔපිස් යති. කාර්යාල සේවයේ නිරතවෙති.මේ රාජ්‍ය සේවකයන්ගේ මනාපයේ හිමිකරුවා හා සහකාරුවා තමා බව පසක් කරන්නටය.

චන්දිම වීරක්කොඩි යළිත් රාජ්‍ය සේවයට එක්වෙයි!

හතර වටින් සතර දිගින් සිවි කොනත් කඳවුරු ලා චන්දිමට සියලුම ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ මනාප දෙන්න එපා කියද්දි රාජ්‍ය සේවකයෝ විශාල පිරිසක් චන්දිමට සහයෝගය දෙන බැව් මනාප හිගමනේ යන අපේක්ෂකයන් අතරේගත් කල ගාල්ලේද දැකිය හැකි ප්‍රවණතාවයකි. චන්දිම වීරක්කොඩිට රාජ්‍ය සේවකයන්ගේ වැඩි කැමැත්තක් දක්වන බව චන්දිම කීවේය.

චන්දිම වීරක්කොඩි පෙරකදොරු බෑනා රාජ්‍ය සේවකයන්ගේ ආදරවන්තයෙක් වෙයි ! චන්දිම 2000න් අරබයි! අනිත් ඈයෝ 01 ක් වැඩ අරභයි!

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති කමේ සිට මන්ත්‍රි, නියෝජ්‍ය කතා නායක, ඇමති ආදි වශයෙන් තනතුරු රැසක් දැරූ චන්දිම රාජ්‍ය සේවයට  2000 කට අධික පිරිසකට රස්සා දී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කය මුලික කරගෙනය. ඒ නිසා චන්දිම කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ ආදර වත්තෙයෙකි. මේවර රාජ්‍ය සේවකයන්ගේ වැඩිම මනාපය තමා සතුව ඇති බැව් චන්දිම යන යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිචාරයෙන් දැකිය හැකිය.

හද පයන්ගේ තරුකා බබලන්නේ ද පෝයදාටද පොන් කාරයෝ අසයි!

ගයන්ත,තාරක නානායක්කාර,මනුෂ,සියසේන ගමගේ, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ ආදි පෝන් කාරයොද හද පායනවා වාගේ සිනා සෙමින් රාජ්‍ය ආයතවල රාජය සේවකයන්ගේ මනාපයට කොක්ක ගහන්නට විරත්තමන් යන්නේය.

තරකට හා ගයන්තට මේ රාජ්‍ය සේවකයන්ගේ සිනාව තුලම සජිත්වාදි රාජ්‍ය සේවකයෝ තාරකටද ගයන්තටද වැඩි මනාපයක් දක්වන්නේය. තාරක නානායක්කාර උපාධිධාරියෙක් මෙන්ම ගාල්ල රිච්මන්ඩි විද්‍යාලයේ ආදි සිසුවෙක් මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ සටන් සගයෙක් නිසා තාරක ට ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවලට හා පොලිසියේ හා ත්‍රිවිද හමුදාවේ විරුවන්ගේ මනාපය ඉහලින් ලැබෙන බැව් රාජ්‍ය සේවකයෝ පවසති.

රටපුරා රාජ්‍ය සේවකයන්ගේ කියවිල්ල මෙන්න.

මේ දිනවල ගෙදර කුස්සියේ නාන කමරයේ කඩ පිලේ පොදු නාන ලිඳ ලග රේස් බුකියේද කතා රන්නේ රාජ්‍ය සේවකයන්ගේ මනාපය කාටද කියාය. මෙහිදි චන්දිම වීරක්කඩෙි, ගායන්ත , තාරක නානායක්කාරට රාජ්‍ය සේවකයන්ගේ මේව්වා එක මනාපය වැඩියෙන් ලැබෙන බවනම් බස් එකේ කැංටිමේ බේසම් හොඳන අපේ සහෝදර රාජ්‍ය සේවකයන් මමත් ඇතුලුව දැකිය හැකිය. මෙහිදි තාරක, ගයන්ත, චන්දිම මේ රාජ්‍ය සේවකයන්ගේ මනාපයට වැඩි වැඩියෙන් මනාපයට මේව එකකට පත්ව ඇති බැව් කියති.

රාජපක්ෂ බේබිලාගේ සුරතලා දිල්ෂාන් විදානගමගේ අතිනත ගනිති.

රාජපක්ෂ බාබාලගේ සුරතලා වු හබරාදුවේ පොහොට්ටුවේ දිල්ෂාන් විදානගමගේ අතින් අල්ලන් රමේෂ යන්නේ ඇයි. මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙක් පොහොටු පාක්ෂිකයන්ටද අපේක්ෂකයන්ටද ප්‍රණ්නයකි.රමේෂ් එහෙම කරන්නේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මත යැයි සම්පත් අතුකෝරාල හෙවත් රාජපක්ෂඅප්පච්චිගේ ගාළු පුතා සම්පත් අතුකෝරාල කියයි.රමේෂ් දිල්ෂාන්ගේ  අතින් අල්ලන් යනවා වැඩේ කැතැයි ඒ දෙන්නට මනාප හොරකමට මනාපයට කුරුමානම් අල්ලන එක අපි බලා ගන්නම් යැයි පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික්කයෝ අපේකෂකයෝ විරෝධය දක්වති.  

මට ගහන්න නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ අයට රහසේ කයන්නේ ඇයි!

රාජපක්ෂ සුරතලා වු දිල්ෂාන් විදානගමගේ සමගින් රාජපක්ෂ පවුල ලඟින් ඇසුරු කරන නිසා මහින්ද රාජපක්ෂ මෙන්ම චමල් රාජපක්ෂ ද,නාමල් රාජපක්ෂද දිල්ෂාන් බේබිට චන්දය මනාපය වැඩි වැඩියෙන් දෙන්න යැයි නාමල් රාජපක්ෂ නිල් බලකායේ නාමල් බේබි ගාල්ලේ පොහොට්ටු උන කාරයන්ට දන්වා ඇත්තේ මම වෙනුවෙන් දිල්ෂාන්ට මනාපයක් ගහන්න කියලාය.

ගාල්ලේ මනාප පොරය මැද මුලන වලව්ව දක්වාම යයි!

නාමල්ගේ මේ මනාප රගර් ගැසිම නිසා පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික්යේ ඈයෝ අන්දුන් කුන්දුන් වි ඇත්තේ සමහරු විට මේහෙම ගියොත් චන්දිමටත් වාඩා රමේෂටත් වඩා දිල්ෂාන් විදානගමගේ දොස්තර කොල්ලා මනාපට ගාල්ලෙන් ගනීද කියාය.මේ නිසා දැඩි රාජපක්ෂ වාදින් පිරිසක් කැඳවන සටනේ නියැලි සිටින රාජපක්ෂවරු ගාල්ලෙන් තෝරාගෙන ඇත්තේ දිල්ෂාන් විදානගමගේය. මේ නිසා ගාල්ලේ මනාපයේ දොංකාරය. මැද මුලන වලව්වටම ගොස් ඇතැයි ගීතා කියන්නීය.

අනේ මල්ලි මටත් දෙන්න! දෙනවා දෙනවා අක්කී ගීතාට කොලේලෝ කියයි!

අනේ මල්ලි මට සපෝට් කරන්න ගිතා අක්කා ගාල්ල දිස්ත්‍රික්කයේ ගමින් ගමට යමින් කියන්නීය.

මට මනාපද ගයන්ත පාක්ෂිකයන්ගෙන් අසයි!

ගයන්ත කරුණාතිලක පොන් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 10 තුළම ගොස් මනාප අංක 04 ට මනාපයක් ගහන්න යැයි කියන්නේ එළි පිටමය.මෙහිදි ගයන්න හරි අපුරු කටයුත්තක් සිදු කරන්නේය. ඒ සියලුම ගාල්ලේ පෝන්  අපේක්ෂකයන්ගේ නම් මෙන්ම අංකයද කියමින් මටත් ඉතං මනාප නම් අංක 04 ට මනාපයක් දෙන ලෙසද අවසානයේ කියන්නේය.මම නම් හැමෝටම මනාපයක් දෙන්න කියනවා ඒ මම දේශපාලනය කරන හැටි යැයි ගයන්ත කියයි.

ගාල්ලේ පෝන් එකේ තාරක නානායක්කාර කොණ්ඩේ කපන්නට කොළඹ යයි!

තාරක නානායක්කාර සති ගණනාවක් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනහමු අමතමින් සිට කොණ්ඩය කපන්නට කොළඹ ගියේ ය. ඒ කොළඹ ගෙදර සති ගණනාවක් නොගිය නිසාය. හේමකුමාර නානායක්කාර තාත්තා ද දැන් සජිත් සමඟ ගිවිසුම් ගහගෙන තම පක්ෂයේ ද සහයෝගය ඇතිව සජිත් අගමැති කරන්නට රට වටේ යන අතරේ පසුගිය සති අත්තයේ සිට තාරක නානායක්කාරට හේමකුමාර නානායක්කාර තාත්තාද එක්ව ගාල්ලේ තම හිතවතුන්ට කීවේ තාරකට සහයෝගය දෙන ලෙසයි. මේ සත් අන්තයේ තරක හා මනුෂ ගාල්ල දිස්ත්‍රික්යේ ගාල්ල ආසනයේ ගෙයින් ගෙට ගොස් ජන්ද සටනට පන පෙවීය.

තාරකගේ තාත්තා හේමකුමාර නානායක්කාර සජිත් ප්‍රේමදාස හමුවුයේ ඇයි!

සජිත් මුණ ගැසුණු හේමකුමාර නානායක්කාරට සජිත් කියා ඇත්තේ තාරකට දිනන්න හැකිය කියලාය.මේ නිසා මේ දිනවල ගාල්ල රිච්මන්ඩ් විදුහලේ  ආදරවන්තයන් හමු වු තාරකගේ පත්ති මිතුරෝ කිහිප දෙනෙක් හමු වුයේ  ගාල්ලේ දීය. මචං තාරක උබට හොඳයි මෙන්න පහක් කියාය. අතින් පහක් දැම්මේය. මචං බ්‍රෝලා පහක් නෙවියි මගේ අංකය හය දාපල්ලා 06ක්ම මනාපයට කියාය. එහෙනම් මෙන්න අයක්ම කියා තාරකගේ මිතුරෝ මහ හයියෙන් සිනා සෙන්නට වුහ. 

චන්දිම වීරක්කොඩිගේ වතු රැස්වීම්වල පාක්ෂිකයෝ වැඩි ඇයි මක්කැයි දොඩංනේ…!

චන්දිම වීරක්කොඩිගේ අටේ කල්ලිය නැතිනම් ආවා කල්ලිය ගාල්ල දිස්ත්‍රික්කය දෙවනත් කරමින් යන ගමනේ දී සෑම වතු රැස්විමකටම පන්සියක් දාහක් හත්සිය පනහක් ආදි වශයෙන් වැඩිපුර චන්ද දායකයන් සිටින බැව මේ සටහන ලියන ලියුම් කරුටද දැක ගත හැකි වුහ.

චන්දිම වීරක්කොඩිගේ රැස්වීම්වලට කොල්ලොත් වැඩියි! කෙල්ලොත් වැඩියි! රාජපක්ෂ කාන්තා වශිය චන්දිමට දුන්නාද ?

චන්දිමද සජිත් මෙන් දැන් පය පලදින්නේ රබර් සෙරෙප්පුයි.තවත් විශේෂත්වයක් චන්දිම වීරක්කෙඩිගේ රැස්වීම්වල දැකිය හැකිය. කොල්ලෝ වැඩියි නේද මම අප ගිය වාහනයේ ඒ.සී එක වැඩි කරමින් මගේ මිතුරා කීයා. නෑ එක හරි බලපන් චන්දිමට ගැණුත් වැඩියි. ඒ කිවේ මහින්ද රාජපක්ෂට වගේ කාන්තාවෝ චන්දිමටත් වශි වෙනවා වාගේ බලපන් කෝ චන්දිමගේ රැස්වීම්වල කාන්තාවන් චන්දිමගේ මනාපයට ලබා දෙන ගැම්ම කියමින් කතාව අවසන් කරන විටම චන්දිම වාහනය අසලට ආවේ ගේමක් නෑ කියමිණි.මොකද්ද උබල කියන වශිය මොන වශියද චන්දිම ඇසීය. චන්දිමගේ ලේකම් පෙරකදෝරු උදය ශාන්ත දැඩල්ලගේ කීවේ වශියද ඒක ගැන මම ස්ර්ට පස්සේ කියන්නම් කියාය.    

සමගි ජන බලවේගය දිනවන්නට ගාල්ල මාතර ව්‍යාපාරිකයෝ එක්වෙයි!

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා මාතර ට හා ගල්ලට ආවේ ව්‍යාපාරිකයන් හමුවන්නටය. මෙහි දී ගාල්ල මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයෝද එක්ව සිටියේ ය.සමගි ජනබලවේගයට පුර්ණ සහයෝගය දක්වන බව මෙහි දී සජිත් ඉදරියේ ව්‍යාපරිකයෝ සපත කර සිටියේ ය.

ගයන්ත කරුණාතිලක මහතා ගෝනියක් ගෙන්න කීවේ ඇයි!

සජිත් අද ගාල්ලට එනවා ගෙදර ගෝනි තියනවාද තාරකගෙන් ගයන්ත විමසීය.ඔව් සර් ගෝනි තියනවා. එහෙනම් ගෝනි කිහිපයකුත් වාහනයයේ දාගෙන එන්න ගයන්ත කීවේය. මොකටද ගෝනි තාරක ගයන්තගෙන් ඇසීය. සජිත් නායක තුමා සමහර විට සල්ලි දෙන්න හැකියි. ඒවා අරගෙන යන්න ගෝනි අරගෙන එන්න යැයි ගයන්තට තාරකට කීවේ රස්විමට එන ලෙස මතක් කරමින් විහිළුවක්ද කරමිනි.

ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂගේ කොළ බෙදිල්ල

මනුෂ නානායක්කාර මේ දිනවල කොලයක් බෙදන්නේ ය. මම කොලයක් බෙදනවා මේ කොලය පුරවා මට දෙන්න මම ඇමති කම් අරගෙන සජිත්ගේ ආණ්ඩුවේ කටයුතු කරනවිට හරියටම පෝන් කාරයෝ කව්ද කියලා මම හදුන ගන්න තමයි එය ගන්නේ.

මහින්ද රාජපක්ෂ මාතර දී කී කතාව…

මහින්ද රාජපක්ෂ මාතර ජන රලි කිහිපයකට එක්වුයේ ය. සිරිකොත අල්ලන්න සජිත් ජන්දය ඉල්ලනවා. රනිල් සිරිකොත අල්ලාගෙන ඉන්නවා. ඒ දෙපිරිස ඒක කරන්න ඉඩ දීලා රට හදන්න සංවර්ධනය කරන්න අපට බලය දෙන්න යැයි කීය.

රනිල් ට අල්ලපු ගෙවල්වල සහයෝගය තියනවා.

රනිල් වික්‍රමසිංහ ගාල්ලට පැමිණියේ වජිර අබේවර්ධනගේ ආරාධනයෙනි. එජාප තමයි රට හදන්න හැකි විදෙස් රටවල් අපිට ආධාර දෙනවා රාජපක්ෂ පවුලට සහයක් නෑ.රාජපක්ෂවරු විදෙස් සහයේගය නෑ.

සජිත් ව්‍යාපරිකයන්ට කී රහස

ගාල්ලේ පැවති රස්වීම් කිහිපයකට එක් වු සජිත් කීවේ ලංකාවේ දේශපාලනයේ ඩීල් ගජ මිතුරු ක්‍රම වේදයක් තියනවා.හැකියාව දක්ෂතාවය මත ව්‍යාපරිකයන්ට ඉදිරියට යන්නට හැකි පරිදි ව්‍යාපරික ප්‍රචාරවක් ඇති කරන්න ශක්තිය අපේ පාලනය යටතේ ඉටු කරන්නට හැකි පරිදි පරිසරයක් ව්‍යාපාරිකයන්ට යහපත් වු කාලයක් ඇති කැරන්නට අපි කටයුතු කරනවා.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *