ගම්පහ ජේෂ්ඨයන් රැසකට මහ මැතිවරණයේදී මන්ත්‍රී අසුන අහිමිවීමේ අවධානමක්

  • පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගම්පහ පෙරමුණේ
  • ආණ්ඩුවේ ක්‍රියාකාරකම් මත වෙනස්වීම් සහිතයි
  • එජාපය සහ සජිත් පාර්ශවය වෙන්වීමේ වාසිය කාටද
  • ජවිපෙ ප්‍රමුඛ ජන බලවේගයේ අසුන දෙක වෙයිද
  • පොහොට්ටුවෙන් ප්‍රසන්න පෙරමුණේ විපක්ෂයෙන් රන්ජන් පෙරමුණේ
  • කටානේ සුදර්ශනී ට දේශපාලන කුණාටුවක්
  • අර්ජුන සහ කාවින්ද අතරේ මන්ත්‍රී අසුන දෝලනය වෙමින් ඇත
  • ජෝන් සරත් ගුණරත්න ලත්තන ලොප් වෙයි
  • නිමල් ලන්සා හිතනතරම් ආකර්ශනයක් නොමැත
  • සහන් නවකයන් අතරේ පෙරමුණේ රාල වෙයි
  • නාලක ගොඩහේවාට හිතන තරම් මනාප ලැබේදැයි සැකයක්
  • ලසන්ත අලගියවන්න ලිලිපුට්ටෙක් වෙමින් ඇත

මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් කෙරෙහි මේ වනවිට ගම්පහ ජනතාව තබා ඇති විශ්වාසය සහ ස්ථානය සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමුකරන අතර සති පතා එම විශ්ලේෂණයන් සත්‍ය සහ වඩාත් සමීප ආරංචි මාර්ග අනුව ගෙනෙන වාර්තාවේ තවත් කොටසකි ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දෙන කොරෝනා වෛරසය සහ ජීවන වියදම සහ ජනතාව අපේක්ෂිත සහන නොලම්බීම මත ජනතාව දක්වන ආකල්පය යහපත් නැත මෙනිසා රජය හැකි ඉකමනින් මැතිවරණයකට යාම සිදුකරන්නේ ඒ නිසාය මේ මොහොතේ විපක්ෂය සිටින්නේද දැඩි අර්බුධයක් හමුවේය මේ සියල්ල හමුවේ කොරෝනා වෛරසය මෙරටට බලපාන තත්වයන් හමුවේ මැතිවරණය කල් දැමීමේ හැකියාවක් නැත්තේම නැත එය ආණ්ඩුවට නම් ඉතාමත් අයහපත් තත්වයක් වන අතර විපක්ෂයට සැනසුම් සුසුම් හෙලීමක් වනු ඇත

අප පෙර අවධානය යොමුකළ තත්වයන් හා සැසදීමේදී මේ වනවිට එම ප්‍රධාන පක්ෂ සහ අපේක්ෂකයන් සිටින ස්ථාන සම්බන්ධයෙන් සිදුකරන විවරණයට අනුව ගම්පහ මැතිවරණ බලප්‍රදේශ 13 තුල වැඩි බලයක් පොහොට්ටුව තබාගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ගම්පහ දිසාවෙන් මන්ත්‍රී අසන 12 ක් ලබාගන්නා බවට වාර්තා වුවද පවතින තත්වයන් සැලකීමේදී එහි වෙනසක් සිදුව ඇත පසුගිය සතිය වන විට එම තත්වය මන්ත්‍රීවරුන් 11 දක්වා පහත වැටී ඇත

එම තත්වය සැලකීමේදී මැතිවරණයට තවත් දින 40 ක් පමණ ඇති නිසා එහි අගය 10 දක්වා පහත වැටීමේ තත්වයක් පෙන්වන අතර එක්සත් ජතික පක්ෂයේ ඇති බෙදීමේ වාසිය නිසා එය කුමන මන්ත්‍රී සංක්‍යාවක් මත තීරණය කිරීමට සතියක පමණ කාලයකින් පසුව කිව හැක එජාපය බෙදී මෙම මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සජිත් පිලට ගම්පහ දිස්ත්රිකයෙන් මන්ත්‍රී අසන 5-6 අතර ප්‍රමාණයක දෝලනය වෙමින් ඇත එජාපය තනිව තරග කරයි නම් ඔවුන්ට මන්ත්‍රී අසන 1-2 අතර ප්‍රමාණයක මේවන විට දෝලනය වෙමින් ඇත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන එකක් වෙන්වී ඇති අතර ඉදිරි ප්‍රවනතාවයන් තුලින් එය මන්ත්‍රී අසන දෙක දක්වා යාමේ හැකියාවක් ඇති බවට වාර්තා වෙයි

මැතිවරණ සටන ආරම්භයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් හටගැනීම සිදු වන්නේ නම් ශ්‍රීලනිපය තනිව තරග කිරීම තුල ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී අසන එකකට සීමා වනු ඇත එම තත්වය තුල ඉහත ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක මන්ත්‍රී අසුනක් අහිමි වනු ඇත පොදුජන පෙරමුණේ ගම්පහ යාන්ත්‍රනය තුල ඔවුන් ගෙදර වැඩ සියල්ල අවසන් කරමින් ඇත. රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් සිටින දිස්ත්‍රික්කය වන ගම්පහ ජනාධිපතිවරණයේදී ඉහළ තැපැල් ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට සමත්වන ලදී මෙවර රාජ්‍ය සේවකයන්ගේ සහය පොදුජන පෙරමුණට එලෙසින්ම ලැබේදැයි සැක සහිතය. එම ප්‍රථිපලය මෙවර බෙදී යාමේ තත්වයක් ඇති නිසා එහි වාසිය ලබන කණ්ඩායම ඉදිරියේදී සදහන් කරමි

ගම්පහ දිස්ත්‍රික්කය තුල මෙවර මැතිවරණයේදී මන්ත්‍රී ආසන බෙදී යාම ඉහත බෙදීම තුල සිදුවේ නම් පොහොට්ටුවට 10 ක් සජිත් පිළට 5 එජාපයට 1 ශ්‍රීලනිපයට 1 ජවිපෙට 1 ක් වශයෙන් මේ සතිය වන විට ස්ථානගතව ඇත මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වන ලබන සතියේදී එම තත්වයන් වඩාත් තොරතුරු සහිතව ඉදිරිපත් කරමි

මෙවර ඒ ඒ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ජනප්‍රියත්වය විමසීමේදී පැහැදිළිවම ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙහිම ජේෂ්ඨයන් රැසකට මෙවර පාර්ලිමේන්තු නියෝජනය අහිමිවීමේ අවධානමක් පැවතීම දක්නට ඇත. ඒ ජෝන් අමරතුංග ,දුලිප් විජේසේකර ,ලසන්ත අලගියවන්න ,සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ,සිසිර ජයකොඩි ,කාවින්ද ජයවර්ධන ,අර්ජුන රණතුංග , අජිත් මාන්නප්පෙරුම,එඩ්වඩ් ගුණසේකර වෙත මේ වනවිට ජනතා ප්‍රසාදය අඩුවී ඇත ඔවුන් මෙවර මැතිවරණයේ මේ සතිය වනවිට සිටින්නේ පහල ස්ථාන වලය නවක අපේක්ෂකයන් අතර සහන ප්‍රදීප් ප්‍රබලව මතුවෙමින් ඇත එජාපය හෝ සජිත් පාර්ශවය තුලින් නවකයෙකු වශයෙන් ප්‍රබලයෙකු තවමත් නැගීමක් සිදුකර නොමැති අතර ෆීල්මර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ක්‍රමයෙන් හිස එසවීම පමණක් සිදුවෙමින් ඇත

පොදුජන පෙරමුණේ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මනාප ලක්ෂ හතරේ සීමාවට පැමිණෙනු ඇති බවට වාර්තා වෙයි. එම ලැයිස්තුවේ දෙවෙනියා තමන් බව හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ප්‍රචාරය කරන අතර ඒ ඉන්දික අනුරුද්ධ ,නිමල් ලන්සා සහ ප්‍රසන්න රණවීර යන හිටපු මන්ත්‍රී වරුන්ය එහෙත් අපට ලැබෙන තොරතුරු අනුව ගම්පහ පොහොට්ටුවේ දෙවෙනියා වශයෙන් ස්ථානගතවීම ඉහත නම් තුනම අභිබවා යන අපේක්ෂකයන් දෙදෙනෙකු තරගයට ඉදිරිපත්ව ඇත ඒ නවක අපේක්ෂකයෙකු වන සහන් ප්‍රදීප් සහ වියත් මගේ නාලක ගොඩහේවා යන අපේක්ෂකයන් බවට වාර්තා වෙයි.

ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවන නාලක ගොඩහේවා වෙත ජනතා ආකර්ෂණය ඇතිමුත් ඔහුට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව එම ස්ථානයේ රදීමට තරම් මනාපයක් හිමිවේදැයි සැක සහිතය ඒ ගම්පහ ප්‍රබලයා වන ප්‍රසන්න රණතුංග තවමත් මැතිවරණ ව්‍යාපාරය තුලට බැස නැති නිසාය ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ආසන සන්විධයකන් සියල්ල සමග මැතිවරණ ව්‍යාපාරය තුලට පැමිණීම යනු නාලක ගොඩහේවා සිතන ස්ථානය අහිමිවීමේ වැඩි ඉඩක් ඇත.

කටාන ආසනය නියෝජනය කරණ සුදර්ශනී වෙත මෙවර මැතිවරණයේ ප්‍රබම පීඩනය එල්ලවී ඇත ඒ පොහොට්ටුව නියෝජනය කරන ආනන්ද හරිශ්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකරගේ ආගමනය නිසාය අප පසුගිය සතියේ අවධාරණය කල පරිධි සුදර්ශනී මෙවර මැතිවරණයේ සිටින්නේ යහපත් ස්ථානයක නොවන බව තවමත් වලංගුය.දුලිප් විජේසේකර ජයග්‍රහණය කිරීමට නම් ප්‍රසන්න රණවීර හෝ සහන් ප්‍රදීප් දොම්පේ ,බියගම ආසන තුලින් පහතට දැමිය යුතුමය ලසන්ත අලගියවන්න වෙත මහර ආසනයේ සැලකිය යුතු මනාපයක් නොමැති වුවද දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ශ්‍රීලනිප මනාපය ලබාගැනීමේ අවස්ථාව මත පමණක් මැතිසබයට වරම හිමිවනු ඇතැයි විශ්වාස කලද එම තත්වය ක්‍රමයෙන් අවාසි සහගත තැනකට ඇදීයමින් ඇත ඒ ලසන්තගේ උපක්‍රම වලට පිළිතුරු දීමට කණ්ඩායමක් සුදානමින් සිටින නිසාය

සිසිර ජයකොඩි ද මහර කැලණිය දොම්පේ බියගම ආසන මතින් නැගීටීමට නම් තවත් වැඩ රැසක් කලයුතුය මේ නිසා මේ අයුරින් විමසීමේදී දුලිප් විජේසේකර ,ප්‍රසන්න රණවීර ,සහන් ප්‍රදීප්, සිසිර ජයකොඩි,ගුණසිරි ජයනාත් හෝ ආනන්ද ගනේපොල මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එම කලාපයේ පොහොට්ටුවේ මනාපයට දැඩි තරගයක් දී ඉදරි තිදෙනා අතරට එම ආසන හතරෙන් කටයුතු කල යුතුය එම කලාපයන් නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු වරම් ලබන්නේ තිදෙනෙකු නිසාය මෙම සංක්‍යාව හතරක් වීම ගම්පහ ආසනයට දමන අපේක්ෂකයා මත තීරණය වනු ඇත එහි පොහොට්ටුවේ අපේක්ෂකයා නගරාධිපති එරංග සේනාරත්න නම් ගම්පහ තනි මනාපයක් සමගින් ඔහු ඉදිරියට එනු ඇත එහෙත් වාර්තාවන් පරිදි ලක්ෂ්මන් ගුණවර්ධන හෝ හිටපු ඇමති පණ්ඩු තරගයට දැමුවහොත් නිසැකවම පිටත අපේක්ෂකයන්ට එහි වාසිය හිමිවනු ඇත

මීරිගම පොහොට්ටුවේ සංවිධායිකාව කෝකිලා හර්ෂනී ගුනවරධය ඇය අවස්ථා ගණනකදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවද ජයග්‍රහණය කිරීමට අපොහොසත් වන ලදී ඇයට අභියෝගය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා මත අපේක්ෂක ලැයිස්තුවට පැමිණෙතැයි අපේක්ෂිත සුනේත්‍රා සමරකෝන් ගෙනි ය දේශපාලනයට ආධුනික චරිතයක් වුවද මීරිගම හොද ජනතා ප්‍රසාදයක් ඇයටත් ලැබෙමින් ඇත.ඒ නිසා මීරිගම පොහොට්ටුවේ ජනතා මනාපය බෙදීයාම කෝකිලට ගැටලුවකි එහෙත් ගම්පහ ආසනයට සහ අත්තනගල්ල ආසනයට පොහොට්ටුවෙන් ඉදිරිපත්කරන අපේක්ෂකයන් දෙදෙනා නිශ්චිත නොවන නිසා එහි වෙනසක් වෙමට ඇති ඉඩ වැඩිය

ජා ඇල මෙරිල් පෙරේරා තම ආසනයේ නිහඩ මැතිවරණ සටනක් මෙහෙයවමින් සිටිති ඔහුට තනි මනාපයක් ජා ඇල දී ලැබුනහොත් ඔහු දිනන කණ්ඩායමට එකතුවීමට අපහසු නැත ඒ කටානේ සුදර්ශනී ආනන්ද ලලන්ත අතර ඇති මනාප සටනේ වාසිය යන්නේ මෙරිල් පෙරේරා වෙතය නිමල් ලන්සා වත්තල ආසනය නියෝජනය කලද ඔහුගේ මනාප බලකොටුව මීගමුව නිසා මීගමුවේ මනාප සටන වෙත ලන්සා එක්වී ඇත

ඒ අනුව මීගමුවේ සරත් ගුණරත්න මෙවරත් ගොඩ ඒමට නොහැකි තැනක ස්ථාන ගතව ඇත එහෙත් නිමල් ලන්සා මතුපිටින් කරන දේශපාලන ප්‍රචාරණය තුල ඔහු ඉදිරියෙන් සිටින බව හැගවුවද ඇත්ත දේශපාල පිටියේ ලන්සා හොදම තැනක නොමැත ඔහුට ඇති මුදල් සහ විවිධ බලයන් උපයෝගී කරගෙන සටන දියත් කිරීම තුල අනෙක් අපේක්ෂකයන් අභිබවා යාමේ උත්සහයක් නිරතව ඇත එහෙත් නිමල් ලන්සා මෙවර කෙතරම් උත්සාහ කලද සිංහල බෞද්ධ ප්‍රදේශවලින් හිතන තරම් මනාපයක් නොලඹෙනු ඇත ඒ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් සහ සමාජ මතය නිසාය එය නිමල් ලන්සා වෙත මෙවර තදින්ම දැනෙනු ඇත

එජාපය හෝ සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් ඒ ඒ ප්‍රදේශවල තබා ඇති ස්ථානයන් සැසදිය යුතුය මීගමුව කටාන ජා ඇල වත්තල ආසන වලින් ඉදිරියට පැමිණීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත්තේ රන්ජන් රාමනායක වෙතය ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආසන වලද රන්ජන් ඉදිරියෙන්ම ඇත ඔහු ගියවර ලබාගත් මනාප ලක්ෂ දෙකයි දාහත අභිබවා මනාපයක් ලැබෙනු ඇත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගම්පහ දිසාව වෙනුවෙන් සංවර්ධනය කිරීමක් හෝ රැකියා බෙදීමක් සිදු නොකලද පසුගිය නීති පටලැවිල්ල මත ජනතාවගේ මනාපය වෙන්ව ඇත එය පුජාවට වෙන්කළා සේ බව එජාප පාක්ෂිකයන්ගේ අදහසයි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ද ජයග්‍රාහී කණ්ඩායමේ සිටියද ඔහුටද ලොකු ජනතා ආකර්ශනයක් නොමැත

පසුගියවර මන්ත්‍රී අසුනක් හිමිකරගත් චතුර සේනාරත්න මෙවර ගම්පහ සටනට මෙතෙක් අවතීරණය වී නොමැති නිසා ඔහුගේ පැමිණීම අවිනිශ්චිතය මේ තත්වය තුල එම කතෝලික කලාපයේ වාසිය කාවින්ද ,ශ්‍රීනාත් පෙරේරා අතර දෝලනය වනු ඇත කාවින්ද ජයවර්ධන පසුගිය මන්ත්‍රී දුරයෙන් ප්‍රදේශයට සිදුකල සේවය සම්බන්ධයෙන් එම ප්‍රදෙහ්ස්වල ජනතාව එතරම් පැහැදීමක් නොමැත එහෙත් නවක අපේක්ෂකයෙකු වන ශ්‍රීනාත් පෙරේරා තම පියාගේ ජෝෂොප් මයිකල් පෙරේරා වෙත ඇති වාසිය සහ නවක අපේක්ෂකත්යව මත ඔහුට දියවන්නාව තරණය කිරීමට ඇත්තේ පියවර කිහිපයක් පමණි

කාවින්ද ජයවර්ධන වෙත මීගමුවේ හිටපු සංවිධායක රොයිස් විජිත ප්‍රන්නදු වෙතින් ලැබෙන අභියෝගය සහ කාවින්ද ජයවර්ධන ලන්සා පවුල සමග මීගමුවේ සමපාත දේශපාල අවතීරණය නිසා කාවින්ද වෙත මෙවර අවධානමක් මතුව ඇත.ඒ සදහා කටන ආසනය නියෝජනය කරන රෝස් ප්‍රනාන්දු සහ හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා ලබාදෙන අභියෝගය ප්‍රබලය මේ අතරින් විජිත් විජයමුණි සොයිසා කටාන මීගමුව වත්තල ජා ඇල සහ දිවුලපිටිය නියෝජනය කරමින් දැවැන්ත සටනක් ආරම්භ කර ඇත

විජයමුණි සොයිසා නිකමෙකු නොවෙති ඒ විජයපාල මෙන්ඩිස්ගේ මස්සිනාය ඔහු අසන පහේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමගින් හොද සටනකට එළඹ ඇත. දැනට වාර්තාවන පරිදි වෙන්ව තරග කරන තත්වයකදී කාවින්ද සහ ජෝන් අමරතුංග එම කලාපයෙන් අලියා ලකුණින් ඉදිරිපත්වන බවට වාර්තා වෙයි තත්වය එසේ වන්නේනම් එහි වාසිය ශ්‍රීනාත් සහ සොයිසා වෙත හිමිවන නිසා ගම්පහ සටනේ විජයමුණි සොයිසා ගම්පහට නවකයෙකු වුවද සටනක් දියහැකි තැනක ස්ථානගතව ඇත.

අර්ජුන රණතුංග සහ රුවන් විජයවර්ධන ද වෙන්ව තරග කරන තත්වයක නම් ඔවුන් සිව් දෙනාම හිටපු මන්ත්‍රීවරුන් වශයෙන් තරගයට ඉදිරිපත් වන නිසා ඔවුන්ට පුද්ගලික චන්ද ප්‍රමාණයක් ඇත එහෙත් ගම්පහ මෙවර මේ වනවිට මන්ත්‍රී ආසන බෙදී යාමේ රටාව අනුව අලියා වෙත මන්ත්‍රී ආසන එකක් පමණක් හිමි වන්නේනම් හිටපු මන්ත්‍රීවරුන් තිදෙනුකුට මෙවර මන්ත්‍රී දූර අහිමි වනු ඇත එම මන්ත්‍රී ආසනය බොහෝවිට රුවන් විජයවර්ධන වෙත හෝ අර්ජුන රණතුංග වෙත දෝලනය වෙමින් ඇත

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් තරගවදින බවට විශවාස කරන එඩ්වඩ් ගුණසේකර සහ අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද ජනතා විශ්වාශය ඇතයි සිතිය හැකි මට්ටමක නොමැත එම පාර්ශවයෙන් රන්ජන් රාමනායක හර්ෂණ රාජකරුණා සහ සරත් ෆොන්සේකා හැරුණු විට කිසිවෙකු මිනුවන්ගොඩ දිවුලපිටිය මීරිගම ගම්පහ දොම්පේ මහර කැලණිය බියගම අත්තනගල්ල ආසන තුලින් මෙතුවක් ඉදිරියට පැමිණ නොමැත මේ නිසා සජිත් පාර්ශවයට හිමිවන මන්ත්‍රී අසුන් වලදී අවසන් තිදෙනා අසන්න මනාප තරගයක ඇත මේ අනුව මෙවර ගම්පහ ප්‍රථිපලය අනුව හිටපු මන්ත්‍රීවරුන්ට අවාසි සහගත තත්වයක මැතිවරණ සටන ආරම්භවී ඇත මේ තත්වය ඉදිරි සති කිහිපය තුල යම් වෙනසක් ඇති විය හැකි අතර ආණ්ඩුවේ සහන කප්පාදුව ,කොරෝනා වෛරසය ,පාස්කු ප්‍රහාරයේ චුදිතයන් නීතිය හමුවට ගෙන ඒම සහ බැදුම්කර වාර්තාවේ අදාල වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමේ ක්‍රියාවලිය මත ඉදිරි සති කිහිපය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිළිබද පූර්ව අනාවැකි කීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *