දුම්වැටි ආරවුල නිසා ආණ්ඩුවේ පැණි වරකා ගසට හෙණ ගහයි ද???

කැබිනට් මණ්ඩලයේ දැඩි උණුසුම් තත්වයක්

පසුගිය දිනවල අමාත්‍ය චීනයද ඇතුළුව විදේශීය රටවලින් දුම්වැටි ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි මතබේදාත්මක තත්වයක් ඇතිවුනි එහෙත් ඇමති මංගල සමරවීර මහතා එම විරෝධය නොතකමින් විදේශයන්ගෙන් දුම්වැටි ගෙන ඒම සම්බන්ධයෙන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට යාම නිසා කැබිනට් මණ්ඩලයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවෙමින් ඇත.වත්මන් ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙක් වන මංගල සහ රාජිත කලක සිට දේශපාලන මිත්‍රයන්ය එහෙත් දුම්වැටි ආරවුල නිසා ආණ්ඩුවේ පැණි වරකා ගසට හෙන ගසා ඇතිබව එජාපයේ අභ්‍යන්තරයේ සාකච්චා වෙමින් ඇත. මෙම තත්වය විසදීම සදහා අග්‍රාමාත්‍යවරයා ද මැදිහත්වී ඇති බවට වාර්තා වෙයි මෙම ගැටුම ඉදිරියට යාම ආණ්ඩුවේ යහ පැවැත්මට එතරම් ගුණදායක නොවන බව වටහා ගෙන ඇති බවට ද වාර්තාවෙයි

ඇමති මංගල සමරවීර මහතා අදාල විදෙස් දුම්වැටි ගෙන එම සම්බන්ධයෙන් කියන්නේ එම නිසා රටට නව ආදායම් මාර්ග සොයාගැනීමට බවයි කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මෙම තීරණයට විරෝධය පල කරමින් කියා සිටියේ තම මත්ද්‍රව්‍ය වලට තදින්ම විරුද්ධ නිසා පැවති ආණ්ඩුවද විවේචනය කර එළියට බැස්සේ තවත් මෙවැනි තීරණ වලට පැමිණීමට නොවන බව සදහන් කර ඇත එබැවින් මෙම තිරණය නවතා නොදැමුවහොත් තමන් ඇමති ධුරයෙන් ඉවත් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *