මාධ්‍යවේදී මනෝජ් ට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට

නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වීමක් ගම්පහ දිස්ත්‍රික් ජන මාධ්‍ය එකමුතුව සදහන් කරයි

ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදී මනෝජ් එදිරිසිංහ මහතාට මර ප්‍රහාරය එල්ල කල පුද්ගලයා නිට්ටඹුව පොලීසියට භාර වන ලදී අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ඇම් .කේ ගුණසිංහ මහතා නියෝග කරන ලදී .

මනෝජ් එදිරිසිංහ මහතාට මැර ප්‍රහාරය එල්ලවූ මොහොතේ සිට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කල ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත මාධ්‍යවේදී සහෝදර වරුන්ට ප්‍රණාමය පුදකරන අතර අප සංගමයේ ශක්තිය පෙන්වීම සදහා එය බොහෝ උපකාර වූ බව නිහතමානීව සිහිපත් කරන අතර සැමදා මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනීසිටින අප සංගමය මාධ්‍යවේදී ඔබ සැම වෙනුවෙන් එදත් අදත් මතුවටත් පෙනී සිටින සංගමයක් බව සදහන් කරමි

නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන බවත් නීතිය මෙන්ම ස්වාභව ධර්මයද තමා සිදුකරන ක්‍රියාව පිටුපස සිටින නිසා යමක් සිදුකරන්නට පෙර දෙවරක් නොව දහස් වාරයක් සිතිය යුතුය යන කියමන සත්‍යක් බව නැවත පසක් කර ඇත. මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව කටයුතු කල නිට්ටඹුව පොලීසියේ ස්ථාන්ධිපති තුමන් ඇතුළු නිලධාරීන්ට සහ ඉහළ පොලිස් නිළධාරීන්ට සහෝදර මාධ්‍යවේදියා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අප සංගමයේ ප්‍රණාමය පුද කරමි. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ලබාදුන් සහයත් මේ මොහොතේ සිහිපත් කරන අතර මාධ්‍යවේදී මනෝජ් එදිරිසිංහ මහතා වෙනුවෙන් නීතියේ සාධාරණත්වය ඉටු වේවායි අප සංගමය පාර්ථනය කරමි.

ගම්පහ දිස්ත්‍රික් ජන මාධ්‍ය එකමුතුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *