මහින්දගේ චීන කෑම ගෙතු නාඩගමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

නිව්යොක් ටයිම්ස් පුවත් පත් හෙලිදරව්ව ,පසුගිය දින කිහිපය තුල රටේ ඇති වු පතාල ක්‍රියාකාරකම් වහන්න ආණ්ඩුවේ ම පිරිසක් විසින් ගොතපු නාටකයක තවත් එක් කොටසක් බවට සැක සිතෙන බව ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 02 දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටක් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඒ මහතා මෙසේ

ද පැවසීය, දැන් මේ නිව්යොක් ටයිම්ස් එකක් අල්ලගෙන දඟලනවා. රටේ පාතාල ක්‍රියාකාරකම් වැඩිවෙලා තියනවා. මහ දවල් පොලිසියේ අය මැරුනා. මේ ඔක්කොම අමතක වුනා මේ බොරු පත්තර කෑල්ලක කතාවකට. මේ පත්තරයේ තත්වය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් ම කියනවා. ඒ ගැන ආයිත් අපිට කතා කරන්න දෙයක් නෑ. දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ ඔය කියන දේවල්

හෙව්වා. එෆ්.සී.අයි.ඩී, සී.අයි.ඩී, අළුත් දේවල් දාලා හෙව්වා. අශ්වයෝ , ලැම්බෝගිනි තියා එක කෝම්බයක්වත් හොයා ගන්න බැරිවුනා. දැන් මේ පත්තර කෑල්ලක් අරගෙන උඩ පනිනවා. තව ටික දවසකින් තව මොනවා හරි බොරුවක් කසගස්ථානයේ පත්තරයක් අල්ලගෙන කවුරු හරි දැම්මොත් එහෙම ඒකත් ලංකාවට ගෙනල්ලා උඩ පනින එක නෙවේ ආණ්ඩුවක රාජකාරිය විය යුත්තේ. රටේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන එකයි. එහෙම නැතිව ජනතාවට විහිළු සපයන එක නෙවෙයි. ප්‍රා යෝගික දේවල් නොකර හැමදාම පුද්ගල මඩ ප්‍රහාර වලින් පමණක් ආණ්ඩුක පැවැත්මක් නෑ කියන එක දැන්වත් මේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි.  දැන් එවැනි දේවල් වලට ජනතාවගේ ආකර්ෂනයක් නෑ කියලත් ජනතාව තවදුරටත් රැවටීමට නොහැකි බවත් මේ ආණ්ඩුව තේරුම් ගත යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *