මහින්ද බැංකු හොරා කීවා, රනිල් සුනාමි හොරා කීවා, දැන් එකට මගුල් කනවා

නීතිය හා සාමය අමාත්‍යංශය භාරව හිටපු ඇමති දෙපළට ආරාධනා

මහින්ද  බැංකු හොරා කීවා රනිල් සුනාමි හොරා කීවා දැන් එකට මගුල් කනවා මහින්ද මහත්තයා රනිල් රට විකුණනවා කීවා රනිල් කියනවා මහින්ද රට උගස් කරා චීනට රට දුන්නා කියනවා එහෙම කියන ගමන් එකට ඉදගෙන මගුල් කනවා පසුගිය දින පනහේ එජාපයේ ප්‍රබල කණ්ඩායම් එළිවෙනකම් අරලිය ගහ මන්දිරයේ නිදිමරාගෙන හිටියා.රැස්වීම්වලට සෙනග රැගෙන අවා. නියෝජය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ අදහස් පලකලේ අධිකරණ කටයුත්ත සදහා සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.

මැලේසියාවේ මහතීර් මොහොමඩ් හොරු අල්ලලා හිරේ දැම්මා මිසක් එකට මගුල් කෑවේ නැහැ ඉම්රාන් ඛාන් විපක්ෂ නායක හිරේ දැම්මා එයාල ඒ දේවල් කළා එකටත් අපේ අය තාම හොරු වටේ කැරකෙනවා මම ඇහුවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් මගුල් ගෙදර යන්නේ නැද්ද කියලා එයා කීවා මම කොහොමද රන්ජන් යන්නේ පසුගිය කාලෙම මගේ පාක්ෂිකයන්ට මේ අය හිරිහැර කල නිසා මට යන්න බැහැ කීවා නාමල් දෙපාරක්ම කථාකරල එන්නත් කීවා එහෙත් මම කොහොමද පාක්ෂිකයන් පිටුපාලා සහභාගී වන්නේ කීවා.

දේශපාලනය කරන කොට දුරස් බවක් තියෙන්න ඕන මම කියන්නේ දැක්ක දුටු තැන ගහ මරා ගන්න නොවෙයි දේශපාලනය කරන විට ඒ දුරස් බාවය තියෙන්න ඕන අගමැති තුමා විදියට තමන්ට ආරාධනා කලහම එම උත්සව වලට සහභාගී වෙන්න ඕන මට තියෙන පුදුමේ හිටපු නීතිය හා සාමය අමාත්‍යංශය භාරව හිටපු ඇමති වරුන් දෙන්නාටම කොහොමද තෝරා බේරා ආරාධනා කලේ කියලා ඒ කාලයේ අනුර කුමාර දිසානායක මහත්තයා කීවේ ගාමිණී සෙනරත්ලව ගෙදර ආරක්ෂා කළා කියලා දැන් පේනවා ජනතාවට හොරු අල්ලපු විදිය මම බයේ හිටියේ අධිකරණ ඇමති තුමියට ආරාධනා කරලා ඇති කියලා මේ වගේ දෙයකට යද්දී ඇමතිවරුන් ප්‍රවේසම් විය යුතුයි.

අපි දේශපානය කරන පුද්ගලයන් විදියට විරුද්ධ පාක්ෂිකයින් සමග ගනුදෙනු කරන අවස්ථා වලදී ප්‍රවේසම් විය යුතුයි මොකද අපිට ඡ න්දය දෙන පාක්ෂිකයන්ගේ හිත නොරිදෙන විදියට වැඩ කරන්න මම මහින්ද මහත්තයා සමග කිසිම විරසකයක් නැහැ මාව දැක්ක දුටු තැන කථා කරනවා හැබැයි මට ඔවුන් ආරාධනා කලේ නැහැ අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් ඇහුවා ඔහුටත් ආරාධනා කරලා නැහැ මම හැම දාම තිත්ත ඇත්ත කියන්නේ මෙහෙම කරනකොට ජනතාව කියන්නේ හොරු සමග ඩීල් දාලා කියල තමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *