මහින්දට සහ මට තියෙන්නේ එකම චෝදනා මාවත් අගමැති කරන්න

අඩි හයක් පොලවේ යවනවා කියපු කෙනා අගමැති කරන්නත් මාව අගමැති නොකරන්නත් හේතුව කුමක් ද

මම කවදාවත් අගමැති සිහින දැක නැහැ මාව අගමැති කරන්නේ නැහැ කියල විදෙස් මාධ්‍ය හමුවේදී කියල තියෙනවා රනිල් අගමැති කරන්නෙත් නැහැ සරත් ෆොන්සේකා අගමැති කරන්නෙ නැහැ කියලා ඒක පුදුම කථාවක් ඒක බරපතල චෝදනාවක් මම කථානායක තුමාට කියන්නේ මේ පිළිබදව වහාම පරීක්ෂණයක් කරන්න මේකේ මම වැරදි කාරයෙක් නම් මාව හිරේට දාන්න.

මේකට පොලිස් පතිතුමා කැදවා විමසන්න කියල කියනවා මේක වරප්‍රසාද පිළිබද කථාවක් ජනාධිපති තුමා ඒ දවස්වල කීවා මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමාව තමන්ව අඩි හයක් පොලව යට යවනවා කීවා එයාව අගමැති කරලා තියෙනවනම් මමත් ඇත්තටම එතුමාව ඇත්තටම ඝාතනය කරන්න ඉන්නවා කියලා එතුමා හිතනවානම් මාව අගමැති කරහම තියෙන වැරැද්ද කුමක්ද ???

එහෙම බෑ කියන්න හේතුවක් නැහැ නේද ඇයි එයාට වෙන හැන්දකින් බෙදන්නේ මට තව හැන්දකින් බෙදන්නේ “සභාවේ සිනා ” අර නාමල් කුමාර කියන බුද්ධි අංශ කියන පුද්ගලයාගේ තොරතුරු අනුවනම් ජනාධිපති ඝාතනය කිරීමේ චෝදනා මට කරන්නේ එයා දැන් පොහොට්ටුවෙන් ඡ න්දය ඉල්ලනවා මෙයා කොහොමද බුද්ධි නිළධාරියෙක් වෙන්නේ මේවා අබුදස්ස කාලයේ වෙන දේවල් අද පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් සදහන් කරන ලදී

https://www.facebook.com/apeaadia/videos/2201996983392385/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *