මෙරට ක්‍රිකට් අගාධයට යාමට සංගා ,මහේල වගකිව යුතු නොවේද?

පකිස්ථානයේ සොයිබ් මලික් ආදර්ශයට ගන්න

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම ආරම්භ වූයේ හිටපු ක්‍රිකට්  ක්‍රීඩකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමත් සමඟ ය ලෝකයේ ඕනෑම කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ කීඩකයින් දෙන්නෙක් හෝ තුන්දෙනකු නිරන්තයෙන් රදවා ගැනීම සෑම රටක ම සම්ප්‍රදායක්ය.  එහෙත් කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින අගාධයට ලක් වන ලදී .අපි මෑතකදී දුටු වූ ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු පිල නියෝජනය කළ සොයිබ් මලික් ක්‍රීඩා කළ ආකාරය දුටුවිට ඇත්තටම රට වෙනුවෙන්  ක්‍රීඩාකරන  ක්‍රීඩකයෙක් බවට මනාව පැහැදිලි විය.

එමෙන්ම ගෙවී ගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී  J P domini ක්‍රීඩකයාද වසර විස්සකට අධික කාලයක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෙකි බැවින් ඉන්දීය කණ්ඩායමේ නායකයකුව සිටි මහේන්ද්‍ර සිං දෝණි, දිනේෂ් කාර්තික් නවසීලන්තයේ රෝස් ටේලර්, එවගේම මාර්ටින් ගප්ටිල් වැනි ක්‍රීඩකයින් එංගලන්තේ ජෝන් බට්ලර්  ,මොයින් අලී, බංගලාදේශයේ  සකීබ් අල් හසන් මර්පසි මොන්ටසා වැනි ක්‍රීඩකයින් ද සිය කණ්ඩායම් වෙනුවෙන් වසර පහළොවක් විස්සක් පමණ කාලයක සිට ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩාකයන්ය.

මේ සඳහා හොඳම උදාහරණය මෑතකදී අවසන් වූ ආසියානු ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානු කණ්ඩායම නියෝජනය කළ සොයිබ් මලික් ක්‍රීඩකයාය .ඔහු පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් වසර විස්සකට පමණ ආසන්න කාලයක් තුන් ඉරියව්වෙන්ම සිය සේවය ලබා දී ඇත.ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයේ දී පකිස්ථානු කණ්ඩායම පරාජය වීමට ගිය අවස්ථාවේ දී අවසන් පන්දු වාරයේ දී එල්ල කරනු ලැබූ හතරේ පහරත් හයේ පහරත් නිසා පාකිස්තානු කණ්ඩායමට ජයග්‍රහණය අත්විය  විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවති  තුන්කොන් තරඟාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ මොහොමදුලාන් ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවේ දී ලබා ගත් ලකුණු හය,  එම තරඟාවලියේදී ම ඉන්දීය කණ්ඩායමේ අවසන් පන්දු වාරයේ දී බංගලාදේශයට එරෙහිව දිනේෂ් කාර්තික් ලබාගත් ලකුණු හය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකානු  කණ්ඩායමේ ජේ.පී domini ක්‍රීඩකයා ක්‍රීඩා කළ විලාසයක් මෑත කාලයේ දී කාලයේ දී හොඳම උදාහරණයන්ය .ඔවුන් එම ජයග්‍රහණයන් ලබාදීමට හැකිවූයේ දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරමින් ලබාගත් අත්දැකීම් නිසාය 1996 දී ලෝක කුසලානය ශ්‍රී ලංකාව ලබාගන්නා විට කණ්ඩායමේ සිටි සියලු ක්‍රීඩකයන් දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ලද ක්‍රීඩකයින්ය ඒ තියා අතිරේක ක්‍රීඩකයන් වශයෙන් සිටි හෂාන් තිලකරත්න උපුල් චන්දන වැනි ක්‍රීඩකයන්ද අත්දැකීම් සහිත ක්‍රීඩකයන් විය

කුමාර සංගක්කාර 2000 ක්‍රීඩාවට අවතීර්ණ වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නේ 2015 වර්ෂයේ දී ය මහේල ජයවර්ධන ජයවර්ධන ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ 1997 වර්ෂයේ දී පමණ ය මොවුන් දෙදෙනාම ක්‍රීඩාවෙන් විශ්‍රාම යනවිට ඔහු ක්‍රිකට් පිටියේ ඉහළම දක්ෂතා දක්වමින් සිටි අවස්ථාවක් විය. එමෙන්ම ඔවුන්ට තවත් අවුරුදු තුනක් හතරක් අතර කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට අවශ්‍ය ඕනෑ තරම් සුදුසුකම් තිබිණි .

මේ ආකාරයෙන්ම ක්‍රිකට් පිටියේ වසර විස්සකට පමණ ආසන්න කාලයක් ක්‍රීඩාකර ඇති දැකීම මෙවන් අති දක්ෂ අත්දැකීම් අති ක්‍රීඩකයින්ගෙන් සමස්ත ආසියාවම ප්‍රයෝජනයක් ගනිද්දී අපේ රටේ ක්‍රීඩකයින් අකාලයේ ක්‍රීඩාවෙන් සමුගන්නට ලබා දෙන අවස්ථාව නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින වල පල්ලට යෑම අමුතුවෙන් පැහැදිලි කර ගත යුතු නැත .ලෝක ඕනෑම කණ්ඩායමක් ජන තරගයක් ජයග්‍රහණය කිරීමේ දී ඔවුන්ගේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවය ඉතා ම වැදගත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *