මහර පොහොට්ටු මන්ත්‍රීවරු දෙදෙනා ඉඩම් මංකොල්ලයක

මහර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් වන වික්‍රමපාල වර්ණකුලසූරිය සහ ගාමිනී රාමනායක ගේ මෙහෙයවීමෙන් අප්‍රේල් 10 වැනි දින රාත්‍රියේ කඩවත රෝස්වුඩ් පාර්ක් නිවාස යෝජනා ක්‍රමයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට පැමිනි මැරයින් පිරිසක් ඊට විරුද්ධ වූ නිරායුද ජනතාවට අමානුෂික ලෙස පහර දෙන දුන් බවට එම නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව සදහන් කරයි එම සිධියත් සමග ඇතිවූ ගැටුමින් තුවාල ලබා රෝස්වුඩ් පාර්ක් නිවාස සංකීරණයේ පදින්චි කරුවන් කීප දෙනෙකුම රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු ගේ තත්වය බරපතළ බව සදහන්ය එම සිදුවීමට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා මහර ආසනයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සහන ප්‍රදීප් විතාන මහතාගේ අතිශය සමීපතම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බවට වාර්තා වෙයි සහන මන්ත්‍රීවරයාද පසුගිය සතියේ මෙරට සමාජ මාධ්‍ය තුල දැඩි කථා බහට ලක්වන්නේ තම කාර්යමණ්ඩලයේ තරුණියක සමග අනියම් ඇසුරක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල වීඩියෝවක් සංසරණය වීම නිසාය

එම සිදුවීමේ උණුසුම මැකී යන්නට මත්තෙන් සහන ප්‍රදීප් විතාන මන්ත්‍රීවරයාගේ සමීපතම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස හැසිරීම සමබන්ධයෙන් මහර ජනතාව දැඩි කනස්සල්ල පලකරන අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා කඩවත පොලීසිය කිසිවෙක් අත් අඩන්ගුවට ගෙන නැති අතර සිද්දිය යට ගැසීමට දේශපාලන බලපෑම් සිදුවන බව දැන ගන්නට ඇත. තම ප්‍රදේශයට පැමිණ බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කරගැනීමත් ප්‍රදේශවාසීන්ට පහර දීමත් සමබන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස රෝස්වුඩ් පාර්ක් නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව ඉලා සිටින අතර සිද්ධිය සිදුව පැය 24 ක් ඉක්ම ගොස් ඇති බවත් නීතිය ක්‍රියාත්මක වනතුරු තමන් බලා සිටින බවත් රෝස්වුඩ් පාර්ක් නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *