මිනුවන්ගොඩදී කුඩු ග්‍රෑම් 5 න් හෙළිවුණු මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය

මීට සති කිහිපයකට පෙර මිනුවන්ගොඩ පොලීසිය මගින් මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු වන ටයිල් චමින්ද නැමැත්තා සිදුකල හෙළි දරව්වක් මගින් මෙරට ක්‍රියාත්මක දැවැන්ත මත්ද්‍රව්‍ය යාන්ත්‍රණයක අග මුල හෙළි කරගෙන ඇත.දැනට අප වෙබ් අඩවියට වෙත වාර්තාවන තවත් තොරතුරු තිබුනද එම තොරතුරු නිසි පරිදි තහවරු වන තුරු වාර්තා නොකරන බව සදහන් කරමි.

මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය බෙදාහරින බවට මිනුවන්ගොග පොලීසියට දැනුම් දී ඇත එහෙත් මෙම පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් යටියන දා ගොන්න ප්‍රදේශයේ ජනතාව අතර දැඩි විරෝධයක් මතුවන ලදී ඔවුන් සදහන් කර සිටියේ මෙම පුද්ගලයාගේ සහෝදරයෙකු ප්‍රබල දේශපාලන සම්බන්ධතාවයක් තිබෙන නිසා අදාල පුද්ගලයා අත්අඩංගුවට නොගැනීමට කටයුතු කරන බවට ප්‍රදේශයේ ජනතා විරෝධයක් පැනනගින ලදී මේ හේතුවෙන් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුව සහ පොලීසිය අතර යටියන විහාරස්ථානය තුළ සාකච්චාවක් පවත්වන ලදී

අනතුරුව ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුව සහ ප්‍රදේශවාසීන්ගේ කරුණු අනුව එම පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර පරීක්ෂණ වලදී ඔහු සිදුකරණ මත්ද්‍රව්‍ය ජලයේ තොරතුරු එකින් එක දිග හැරීමත් සමග පොලිස් නිලධාරීන්ගේ ඇස් මෙම ජාලය වෙත ගමන් කිරීමට සලස් වන ලදී.මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ සිදු කිරීමට ප්‍රථම තවත් සිද්ධියක් පොලීසිය මගින් අනාවරණය කරගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මතය ඒ මෙම පුද්ගලයා සතු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්දර්ව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කරන විට එම ස්ථානයෙන් අතුරු දැන්වීම සමගිනි

අදාල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ඇත්තේ යටියන ප්‍රදේශයේ පදිංචි ටයිල් චමින්ද නැමැත්තායි. එම පුද්ගලයා මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුත් සමග සම්බන්ධතා පැවැත්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක වරයෙකු මිනුවන්ගොඩ පොලීසියට පැමිණ ටයිල් චමින්ද හමුවී ඇත

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණීමට පෙර මෙම හමුව සිදුව ඇත්තේ අදාල නිලධාරියා කුලී රථයකින් මිනුවන්ගොඩ පොලීසියට ටයිල් චමින්ද හමුවීමෙන් පසු ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට අදාල නිලධාරියා කටයුතු කර ඇත. ප්‍රදේශවාසීන් සදහන් කරන පරිදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පැමිණීමට දිනකට පෙර වැන් රථයකින් පැමිණි පිරිසක් අදාල ස්ථානයේ තිබු මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගිය බවයි

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාල උප පොලිස් පරීක්ෂක වරයා මිනුවන්ගොඩ පොලීසියට පැමිණ ටයිල් චමින්ද නැමැත්තා හමුවී ඇති බවත් මිනුවන්ගොඩ සැකකරුගේ සගවා තිබූ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යාමට මෙලෙස පැමිණෙන්නට ඇති බවද තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත

ඒ ප්‍රදේශයේ cctv කැමරා සහ දුරකථන දත්ත උපයෝගී කරගෙනය ටයිල් චමින්ද නැමැත්තා සතුව අතිවිශාල මුදලක් හමුවී ඇති බවට වාර්තා වන අතර මේ පුද්ගලයා සුප්‍රකට මත්දව්‍ය ජාවාරම් කරුවෙකු වන මකදුරේ මධුෂ් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් මදුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට කරගෙන යන පරධන පුද්ගලයා ටයිල් චමින්ද බවට කරුණු අනාවරණය වේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ගේ විශේෂ මෙහෙයවීමකින් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *