ලුණුගම්වෙහෙර බස් අනතුර අධික වේගය නිසයි

බස් රථ දෙකම මාර්ගයේ ඇති පටුබව දැන වේගයෙන් ගමන් කිරීම

ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිට මාතර දක්වා ගමන්ග හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ලා ගැටීම සිදුව ඇත වංගු සහිත මාර්ගයේ අදාල බස් රථ දෙක අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි බස් රථ දෙකම මාර්ගයේ ඇති පටුබව දැන වේගයෙන් ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.

අනතුරින් තුවාල ලබා සිටි එක් කාන්තාවක් හම්බන්තොට මහ රෝහලේදී මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි. තේනගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කරුණාවති රණවක යන අය මෙලෙස මිය ගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් 24 දෙනෙකු හම්බන්තොට මහ රෝහලේ ද , 13 දෙනෙකු දෙබරවැව සහ තවත් 3 දෙනෙකු ලුණුගම්වෙහෙර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර සාමාන්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි පොලීසිය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *