විශ්වාශය බංග නිසා අගමැති ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කල නොහැකියි

අවශ්‍යනම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස ප්‍රකාශයක් කල හැකියි

වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කල පරිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ පාර්ලිමේන්තුව හමුවේ සිදු කිරීමට යන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ එසේ කිරීම නීති විරෝධී බවත් ඔහු තවදුරටත් අගමැති ලෙස පාර්ලිමේන්තුව පිළිගන්නේ නැති බවයි. ඔහුට අවශ්‍ය නම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ප්‍රකාශයක් කළ හැකි වුවත් අද උදෑසන විශ්වාස භංගයකින් පරාජය වීමෙන් පසුව තවදුරටත් ඔහු අගමැතිවරයෙකු නොවන බවයි.

ජනාධිපතිවරයා විසින් 26 වෙනිදා සිට මේ දක්වා කරන ලද ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග අධිකරණය විසින් ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇතැයිද පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් ද ප්‍රතික්ෂේප කර ඇතැයිද පවසන මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ හෙට අගමැතිවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කරයි.

(48(2) වගන්තිය මෙසේ දැක්වේ. පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළ හොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ හොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.

26 වෙනිදා ඔහුව අගමැති කිරීම නීති විරෝධී වුවද අද ඔවුන්ට ආණ්ඩු පක්ෂය ලෙස අසුන් ගැනීමට ඉඩ දුන්නේ පාර්ලිමේන්තුව විවෘත කරවා තම කණ්ඩායමට බහුතර බලය තිබෙන බව පෙන්වීමට මිස ඔවුන්ව ආණ්ඩු පක්ෂය ලෙස පිළිගැනීමක් ඉන් සිදුනොවන බවත් හෙට දිනයේ තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය ලෙස අසුන් ගන්නා බවත් මංගල සමරවීර මහතා වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *