උසස් පෙළ ඉහළින් සමත් පළාත් පාලන මන්ත්‍රීණිය //අකුරැස්සේ වාසනාගේ කථාව

අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිණියකි.
 ඇය ලංකාවේ ප්‍රථම වතාවට පළාත් පාලන ආයතනයක මන්ත්‍රීණියක් ලෙස සිට උසස් පෙළට කලා අංශයෙන් පෙනි සිට විශ්ව විද්‍යාලයට තේරි පත්වු ලාබාලතම තරුණියයි. ‍මේ 2019  අ.පො.ස උ.පෙළ ප්‍රතිපලය අනුවයි  ඇය තවමත් 19 වන වියේ පසුවන්නීය. ඇය නමින් එම්.එච් වාසනා නායන මධුෂා නම් වුවාය.නාවල, ගල්වල, නිමලව,අකුරැස්ස ඇයගේ ලිපිනයයි. ඇය ලංකාවේ ජනප්‍රියතම පළාත් පාලන ආයතනයක් වු අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිණියකි.
2018  පැවති පළාත් පාලන මැතිවරණයෙන් මාතර අකුරස්ස ප්‍රාදේශිය සභාවට ඇය තරඟ කරන්නේ අකුරැස්ස නිමලව කොට්ඨාසයෙනි. ඒ එජාපයෙනි. ශ්‍රි ලංකා නිදහස් පත්ෂය ප්‍රමුඛ එජනිස , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ද , ජවිපෙ ආදි පක්ෂවල සභිකයෝ  ගමේ ජන්ද කොට්ඨාසයෙන් තරඟ කරද් දී ගමට එජාප තරඟයට යොමු කරන්නට සිටියේ අපේ කතාන්දරයේ වාසනාය.වාසන එවකටත් උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබමින් සිටියේ ය.එය වාසනාගේ වාසනාව වූවාය.
එම්.එච් වාසනා නායන මධුෂා  ඇය ඒ කතාන්දරය කීවේ මේ ආකාරයෙනි.
මම එක්වරක් උසස් පෙළ ඉදිරිපත් උනා ලකුණු කිහිපයක් මදි උනා. නමුත්, මම උත්සාය අත්හරියේ නෑ. මම දේවන වතාවටත් ඉදිරිපත් උනා. ඔන්න ඒ අතර තමයි 2018 පළාත් පලන මැතිවරණය ආවේ ගමේ කව්වුරුත් කිව්වේ මට ජන්දය ඉල්ලන්න කියලා. මම ඒ නිසා ජන්දයට ඉදිරිපත් උනා. ජන්දය ඉල්ලන්න  ඉතුරු වෙලා තුබුනේ එජාප විතරයි. අනෙක් හැම පක්ෂයකින්ම අපේක්ෂකයෝ සිටියා.එජාප අපේකෂකයෙක් සිටියේ නැ. මම ඒ අනුව ඉදිරිපත් උනා.
උදේ වරුවේ හෝ සවස් වරුවේ හෝ මම පෞද්ගලික පත්ති අමතර පන්තිවලට ගියා. සවස හෝ උදේ වරුවේ තමයි දේශපාලන කටයුතු කළේ පාඩම් වැඩ, දේශපාලන වැඩ දෙකම අනාගන්නේ නැතුව අනාගත දැක්මක් ඇතිව සිදු කළා. පොකැට් රුස්වීම්,වතු රැස්වීම්,පොකුරු රැස්වීමේ කටයුතු සිදුකළා. ගෙදර වැඩත් කළා.වත්තේ පිටියේ වැඩත් කළා. ගෙදර කුස්සියේ වැඩත් සිදුකළා. පාඩම් ද සිදුකළා. ඒ අනුව, මම ජය ගත්තා.
 මට අම්මා තාත්තා උදව්කරනවා. මට අයියා කෙනෙක් ඉන්නවා.තවම පාසල් යන නංගි කෙනෙක්ද ඉන්නවා. නංගි නවවන ශ්‍රේණියේ ඉගෙන ගන්නේ බටේමුල්ල ජාතික විද්‍යාලයේ. අයියා රංගන මදුෂාන් තේ කර්මාන්ත ශාලාවක සේවය කරනවා. එම්.එච් වාසනා නායන මධුෂා  තාත්තා එම්. එච් පද්මසිරි 53යි. හෙතෙම මෙසේ කීය
අපට තේ අක්කර දෙකක් විතර තියනවා.ඒ ආදායමෙන් තමයි අපි අපේ කටයුතු කරන්නේ මමයි, දුවලාගේ අම්මයි, පුතයි දුවලා දෙන්නාම එක්ව තේ හෙනේ කටයුතු සිදු කරනවා. ඉඩ ලද හැම විටම ඒ අය මට උදව් කරනවා. දුවට දේශාපලන කටයුතු සිදුකරන්න ද   අධ්‍යාපන කටයුතු කරන්නට ද පහසුකම් සපයා දෙනවා. දරුවන්නේ අධ්‍යාපන කටයුතු සිදුකරන් ද සහයෝගය දෙනවා. දුලාගේ අම්මයි මමයි ඒ අයට නිදහසේ සිටින්නට හැකි ආකාරයෙන් කටයුතු කරනවා.
එම්.එච් වාසනා නායන මධුෂා කියන්නේ තමා විශ්ව විද්‍යාලයට ගොස් ඉන් අනතුරුව කලා අංශයෙන් උපාධිය ලබාගෙන නිතීඥවරයක් වශයෙන් නිතී විද්‍යාලයට බැදෙන්නට බලාපොරොත්තු වෙනවා.මේ සැම සියල්ලටම අමතරව, මම සති අන්තයේ හා නිවාඩු  දිනවල හා මම දේශපාලන වැඩ කටයුතු ගමේ කොට්ඨාසයේ දේශපාලන කටයුතු ජනතාවගේ ප්‍රශ්ණ විසදන්නට මහජන දිනක්,දෙකක් මගේ නිවසේද පවත්වනවා. මෙයට අමතර පොදු, සමාජ,සේවා‍ කටයුතු ද සිදු කරනවා.
අකුරැස්ස ප්‍රාදේශිය සභාව පාලනය වන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටයි.එහි සභාපති තුමා මුනිදාස ගමගේ මහතා දේශපාලනයත් කරන්න එය හොඳයි. නමුත්, අධ්‍යාපන කටයුතු කරන එකට මුලිකත්වය දෙන්න. මේ රටේ දේශාපලනය ගැන නම් එතරම් සුබ අනාගතයක් දැකින්නට බෑ.ඒ නිසා ඉගෙන ගෙන රටට කවර අංශයකින්හෝ සේවයක් කරන්න හිතාගන්න. මම සුභ පතනවා. යැයි, හෙතෙම කීය. මුණිදාස ගමගේ සභාපතිවරයා එසේ කීවේ වාසනාට මේ වාසනාවන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් පවසන්නට අකුරැස්ස සභාවට ගිය අවස්ථාවේදීය.
ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් දේශපාලන ගුරු උපදේශක කල්ප නානායක්කාර මහතා මේ සිසු දැරිවිය සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.
වාසනාට පළමු උසස් පෙළ විභාගයේදි විශ්ව විද්‍යාලයට යන්න මදි උනේ ලකුණු දෙකයි. මම දැක්කා මේ වාසනාට සරසවි වරම් ලබන්නට වාසනාව තියනවා කියලා. මම වාසනාට කීවා දුව දෙවන වරත් උසස් පෙළ කරන්න වාසනාට වාසනාව ලැබෙනවා කියලා. ඒ අනුව ඇය කටයුතු කළා. අපි සතුටුයි. ළමයින්ගේ දක්ෂතා ගුරුවරු දකින්න උවමනායි. ඒ අය දිරිමත් කරන්න නිසි මඟ කියා දෙන්න  හැකි නම් ඒ ගුරුභූමිකාවේ හරයයි.
දේශාපලනයේ ද නිවරදිව ගමන් කරන්න හැකියි. න්‍යායාත්මක දේශාපාලනය වාගේම ප්‍රායෝ ගික දේශපාලනය වැදගත් වෙනවා. වාසනාට මේ දෙකම ලබාගන්නට අනාගතයක් ඇතිව ගමන් කරන්නට වාසනාව ලැබී තියනවා. ලංකාවේම ඉගෙන  ගන්න දරුවන්ට මම සුභපතනවා. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන පරිදි සුභ අනාගතයක් කියා කියන්න කැමැතියි.
අපේ කාලයේ දී දේශපාලනයට එන්නේ උගත් කමින් අඩු පිරිසකි. එය පහළ මට්ටමේ සිට උත්තරීතර පාර්ලිමේන්තුව දක්වාම නිවැරදිය. දැනට තිබෙන පක්ෂ සියලේම වාගේ මහජන නියෝජිතයන්ව සිටින වැඩි පිරිසක් උගත් බුද්ධිමත් නොවන නිසා දේශපාලනය නිසා රට වැටි ඇති අගාදය ගැන අමතුවෙන් කතා කළ යතු නොවේ. මෙය මජර දේශපාලන කලාවකි.රටේ අවාසනාවද දැයි අනොදන්නෙමු.වාසනා කියන පරිදි…..
මම දේශපාලනය දිගටම කරගෙන යනවා. ජනතාව කැමති නම් මම පළාත් සභාවට පාර්ලිමේන්තුවට වාගේම ගමන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත්,මම ජනතාව අමතක කරන්නේ නෑ. මම මේ සියල්ලම වාගේම මාගේ අධ්‍යාපන කටයුතුද සිදුකරනවා.
ඉන් අනතුරුවයි පුර්ණ කාලීනව දේශපාලනයට අවතීරණය වන්නේ.අපේ රටේ සමහර පක්ෂවල මැති ඇමති වරන්ට නැතිනම් ජනතා නියෝජිතයන්ට උගත් කමක් තිබුනා නම් මේ රටේ මේ වාගේ ප්‍රශ්ණ ඇති නොවේ. උගතුන් බුද්ධිමත්න් මේ ආයතනවලට යවන්න ජනතාවගේ යුතු කමක්. නමුත් ජනතාව අඳබාලයන් මෙන් දක්ෂයන් බුද්ධිමතුන් සිටිය දී තොරාපත් කරන්නේ නූගත් පිරිස් වීම පංකාවේ දේශපාලන කලාවේ හැටිය.
අපේ කතාවේ වාසනවා කියන පරිදි, මම ගෙදර වැඩත් කරලා. පාසල් වැඩත් කරලා,වත්තේ එළවලු කොරටුවේ ද වැඩ  කරලා. දේශපාලනයත් කරලා. මම දැනටත් ජනතාවට සේවය කරනවා. වයස 19යි කියලා මට ප්‍රශ්ණයක් නෑ. ගැහැණියක් කියලා මට ප්‍රශ්ණයක් නෑ. මම මට බලයේ තියෙන්නේ කවර පක්ෂයක්ද කියලා ප්‍රශ්ණයක් නෑ. මට පක්ෂයක් තිබුනාට මම වැඩ කරන්නේ පක්ෂ පාට බලාගොන නොවෙයි. ගමේ සියල්ලෝම මගේ පක්ෂයේ ප්‍රදේශයේම ජනතාව මගේ පක්ෂයේ කියලා මම හිතනවා. ලැබෙන ප්‍රතිපාදන වෙන් කරනවා. ජනතාවට සේවය කරන්වා.
මට අධ්‍යාපන කටයුතු වලට සහයෝගය දැක්වූ  පාසල් ගුරුවරු පෞද්ගලික පත්තිවල ගුරුවරු මා සිහිපත් කරන්න කැමැතියි. ඔවුන්ට මම මේ අවස්ථාවේ දී  ස්තූතිය පුදකරන්න කැමැතියි. විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව ඉගැන්නු කල්ප නානායක්කාර ගුරු තමාට මට තාත්තා කොනක් වාගේ වැඩිම වැඩි ලකුණු ගන්න ඒ සමාජර්ථයක් ගන්න කටයුතු කළ ගුරුවරු රැහැනේ ඉදිරියෙන්ම පෙරමුණේම සිටියා. අනෙක් ගුරුවන් ද එහෙමයි. මම කුඩා කල සිටිම ඉගෙන ගන්න දක්ෂයි කියලා. අම්මා තාත්තා කියනවා. මම මුලින්ම ගියේ කනංකේ විද්‍යාලයට පස්සේ පහ වසරෙන් පසුවයි. බටේමුල්ල ජාතික විද්‍යාලයට ගියේ. අ.පො. සා /පෙළ  මම ඒ දෙකයි, බී හතරයි, සී තුනයි ගත්තේ ඇය කීවාය.
පළමු වර කලා අංශයෙන් උසස් පෙළ කළ වාසනා හිමිවුයේ ඒ දෙකයි, බී එකකි.ඒ අනුව, සිංහල, ඒ, දේශපාලන විද්‍යාව, ඒ, භූගෝලය බී වශයෙන් ප්‍රථිපල ලබාගත්තාය. නමුත් ලකුණු කිහිපයක් මදි වු නිසා ඇය, දෙවන වර ද එනම් 2018 දී කලා අංශයෙන් එම විෂයන් යටතේම පෙනි සිට ඒ, ඒ, බී ලබා ගනිමින් උසස් පෙළ උසස්ම ආකාරයෙන් සමත් වුවාය. මෙය සත්තකින්ම අමුතු කතාන්දරයක් නොවන ඇත. නමුත් ඇය මේ වර උසස් පෙළ දෙවැනි වතාවට ඉදිරිපත්වන්නේ අමුතුම ආකාරයටයි.
ලංකාවේ පළාත් පාලන මැතිවරණයත් ජයගෙන ඒ ගමන්ම උසස් පෙළ විභාගයෙන් දෙවැනි වර ඉදිරිපත්ව විශ්ව විද්‍යාලයට තෙරිපත් වීමේ වාසනාව වාසනාට ලැබීම සම්බන්ධයෙන් මට සතුටුයි. පුංචි ආඩම්බරයක්ද තියනවා ඇය කීවාය.
මම එජාප කාන්තා සංවිධානයේ ගමේ තරුණියක්. මට අහිංසක සිහිනයක් තියනවා. ඒ මේ රටේ දැවැන්තම දේශාපලන පක්ෂයවන එජාප නායකත්වයට එන්න.ඇයි මට එහෙම එන්න අවස්ථාවක් එජාපයේම තියනවා.
එජාප කියන්නේ නායකියන් බිහිකරන නායකයන්ට ගරු කරන නායකත්ව ගමනක් යන පක්ෂයක් එක්තරා ප්‍රදේශයකට එජාප හකුලලා නෑ. ලඝුකර නෑ. පළාතකට දිස්ත්‍රික්කයකට පවුලකට කණ්ඩායමකට එජාප නායකත්වය බෙදාගෙන නෑ. සම්පුරණ විවෘතයි. ඕනැම කෙනෙක් දක්ෂනම්,හැකියාව, දක්ෂතාවය ඇති නම් එජාප නායකත්වයට පවා යාන්නට හැකියි.
එජාප ඉතිහාසයේ සිට රට පානය කල සෑම නායකයෙක්ම එජාපයෙන් ගොඩනැගුවා.
ලොකු පවුල්වල අයත් කුඩා අහිංසක දුම්පත් පවුල්වලත් අය රටේ නායකත්වයට රැගෙන යන ඉඩක් ඇති අනාගතයක් ඇති පක්ෂයක් ඒ නිසා මම ඒ ගමන මාතර, දිස්ත්‍රික්කයේ අකුරැස්ස  ප්‍රා දේශිය සභාවෙන් අරගෙන යන ප්‍රථම පියවර තැබුවා. මට වාසනාවක් තියනවා නම් මට එජාප නායකත්වට යන්න හැකියාව තියනවා. එජාප යනු නායකයන් බිහිකරන පක්ෂයක් එයට යන්නට ඉඩ හසර ඇති ගෞරවනීය පක්ෂයක් ඒ නිසා මම මගේ සිහිනයට සිනහවක් එක් කරමින් මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයවන එජාප නායකත්වට යන්න තමයි මගේ අහිංසක අරමුණ යැයි වාසනා කියන්ණිය.
සත්තකින්ම එජාප ගමේ දක්ෂයන්ට පවා පක්ෂයේ නායක්ත්වය දක්වා රගෙන යන් ආකාරයට පරිසරයක් ඇති පක්ෂයකි. එය මේ රටේ ජනතාවට අමුතුවෙන් කියවිය යුතු නොවන බව ද වාසනා කියන්නීය. අපේ රටේ තරුණ තරුණියන් වශයෙන් එජාප එක්ක එන්න එක්වෙන්න දක්ෂයන්ට තරාතිරම නොබලා ඉරිරියට යන්න හැකි පක්ෂයක් කියා මා කියන්න කැමැතිය. අම්මාගෙන් තාත්තාට පුතාට බාප්පාට නැන්දාට පුතාගේ පුතාට ආදි වශයෙන් එකම පවුලක කණ්ඩායමකට නායක්තව දෙන්නේ නෑ.පක්ෂය බුදලයක් කරගෙන නෑ. දක්ෂතාවයක් ඇති නම් මම වාගේ අහිංසක බලාපොරොත්තු ඇති තරුණියකට තරුණයකුට  උනත් එජාප නායකත්වය අරගෙන රටට සේවය කරන්නට හැකියාව තියනවා.ඒ නිසා තමයි මම එජාප නායකත්වයට යන අහිංසක පැතුම ඇතිව දේශපාලන ගමනක් යන්නේ. යැයි කියන්නීය.
ගමේ කේලම් කියන කඩ පොලේ බහුභූත දේවල් කරන සමහර වට්ටි අම්මලා වාගේ හැසිරෙන මහජන මන්ත්‍රිණියන් සිටින  මේ රටේ දේශපාලනය කරන කලෙක. මේ රටේ මහජන ආයතන නියෝජනය කරන වට්ටි අම්මලා වැනි අට පහ නොදන්නා වු සමහර කාන්තාවෝ සිටින කලක වාසනා වැනි දිරිය දියණියන් පක්ෂ බේදයකින් තොරව අගය කළ යුතුව ඇත. ඇයගේ අහිංසක සිහිනය වන්නේ හොඳින් අධ්‍යාපනය ලබා නිතීය උගෙන ගෙන මහජන නියෝජිතයක් සේ වැටුප්,දීමනා,  නොගෙන ගරු සේවයක්සේ  සලකා රටට, මහජනතාවට සේවය කරන්නටය.අපි ඇයගේ ගමනට සුභපතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *