LMG ගිනි අවි දෙක භාවිතා කරන්න සුදානමි වුයේ කුමකටද??–

LMG ගිනි අවි දෙක භාවිතා කරන්න සුදානමි වුයේ කුමකටද??–

ජනබලය කොළඹට උද්ඝෝෂණයේදී කළහකාරී තත්ත්වයක් ඇති වූයේ නම් උද්ඝෝෂණයට පැමිණි ජනතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය සතු LMG ගිනි අවි දෙක භාවිත කිරීමේ සූදානමක් පැවති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(05) කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ පොලිසිය ද පාතාලයක් ලෙස ක්‍රියාත්මක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ අපරාධ මැඩලීම සඳහා පොලීසියේ ක්‍රියාකාරිත්වය ද ප්‍රමාණවත් නොවන බවයි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන FUTURE IMAGE – 2018 ප්‍රදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වුණි.

මේ අතර අද පෙරවරුවේ මහනුවරට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු විහාර පරිශ්‍රයේ තැන්පත් කර ඇති අපවත් වී වදාළ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභා සභික අග්ගමහා පණ්ඩිත පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදී ද බාරකාර ආණ්ඩුව ගැන අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *