මුහුදු මහා විහාරය මෙන් දෙවනගල පුදබිමද රැකදෙන්න // ඝවේෂණාත්මක සටහනකි

සටහන හා ජායාරූප කෑගල්ල සමන් විජය බණ්ඩාර

ඓතිහාසික කූරගල මෙන්ම මුහුදු මහා විහාරයටත් ඒහා ගිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික මාවනැල්ල දෙවනගල පූජා භූමියට අයත් ( දෙවනගල විහාරයත් දෙවනගල සංඝාවාසය පිහිටි ඇති කොටසේ ) ඉඩම් රැසක් මේ වන විට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් වැටවල් ගසා , කුඹුරු ගොඩ කිරිම් කොට ඒවා අල්ලා ගැනිමත් සමග එම විහාරස්ථානයේ භාරකාර හිමිපාණන් වහන්සේ මෙන්ම දායක සභාව මහත් අපහසුතාවයට ලක් වි ඇති පුවතක් අපට දැන ගැනිමට හැකි විය.


මෙලෙස විනාශ වි යන්නේ මහා පරාක්‍රමභාහු රජතුමා විසින් බුරුමයට එරෙහිව කරන ලද සටන සම්බන්ධයෙන් වංශකථා මුලාශය දක්වා සිටින තොරතුරු විශ්වාසනීය ලෙස සනාථ කර සිටීමට හැකියාව පවතින සෙල් ලිපි මෙන්ම පුරාවිද්‍යා වටිනාකමක් ඇති අපේ රටේ ඓතිහාසික පූජා භූමියකි. මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියටද ස්වාමින් වහන්සේ විසින් පැමිණිලි කර ඇතැත් වැරදි කරවුන්ට නිතීය ක්‍රියාත්මක නොකොට භාරකාර ස්වාමින් වහන්සේ මෙම ස්ථානයෙන් පිටමන් කිරිමට විශාල පරිශමයක් දරන බවට විහාරස්ථානයේ දායක සභාවේද කිහිප දෙනෙකු අප කරන ලද විමසිමකදි පැවසිය. මේ පිළිබඳව නිසි ලෙස සොයා බැලිම් සිදු නොකිරිම නිසාම සෙල්ලිපියට ඇසිඩ් මෙන්ම රසායිනික දීයරවත් කර හානි කර ඇත. බුදු පිළිම මෙන්ම බෝධින් වහන්සේද කිහිප අවස්ථාවකම කඩා දමා තිබුණි.


වර්තමානයේදි මෙන්ම පසුගිය ආණ්ඩු කාලයේදි විහාරස්ථානයට සිදු වු බලපෑම් හා පූජා භූමියේ ඓතිහාසිකත්වයට වු හානි සම්බන්ධයෙන් අදහස් දැක්වු දෙවනගල පුද බිමේ භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ අදහස් දැක්විය
මම මේ විහාරස්ථානය භාර ගෙන අවුරුදු දෙක හමාරක කාලයක් වෙනවා. මෙම විහාරස්ථානය අපේ රටේ පූජනීය ස්ථාන වලින් දැඩිව ආක්‍රමණය වන එක ස්ථානයක් ලෙස හැදින්විය හැකියි පුණ්‍ය වන්ත පූජා භූමි අතරේ.


සෙංකඩගල වාම දළදා හාමුදුරුවෝ උන් වහන්සේ එක රැයක් පහන් කරපු පූජනීය ස්ථානයක් ඒ වාගේම මෙම ස්ථානය රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයක් උසුලනවා. එයට හොඳම සාධකය තමයි දෙවනගල ඉතිහාසයේ කූරගලටත් එහා ගිය ඉතිහාසයක් මුහුදු මහ විහාරයටත් ඒහා ගිය ඉතිහාසයක් තියනවා අනුරාධපුර යුගය දක්වාම අපේ ඉතිහාසය දික් වෙනවා.
අනුරාධපුරයේ ධාතුසේන පිං වන්ත රජුන්ගේ කාලයේ මෙම දෙවනගල ගලින් නිම වු විහාරය තියෙනවා. ඒ වාගේම පොකුණු ආදිය තියෙනවා. ඒවා විහාරයක් බවට පත් කරලා මහා විහාරයට පවරනකොට අනුරාධපුරයේ මහා විහාරයේ වැඩ සිටියා මහරහතන් වහන්සේලා උන්වහන්සේලාට මේක භාරකලා. ඒ කාලේ ඉදලා ආපු ඉතිහාසයක සෙංකඩගල බලා වාම දළදා හාමුදුරුවෝ වෙල්ගමුව රජ මහා විහාරයේ සිට වැඩමවනකොට එක රැයක් පහන් කරපු ආරක්ෂිත ස්ථානයක් බවට මෙන්ම පිං වන්ත ස්ථානයක් ලෙස දෙවනගල කියලා කියන්නේ.


මේ අය මේ ප්‍රශ්නය නිතරම හුවා දක්වන්නේ ජාතිවාදයක් ලෙසයි නමුත් අපි මේ මොහොතේ කියන්න ඔනෑ අපිට තියෙන විශාල ප්‍රශ්නය තමයි මුස්ලිම් අය ඇවිත් අපේ සඳකඩ පහන, අපේ සෙල්ලිපි වලට ඇසිඩ් දමලා අපේ බුදු පිළිම කඩලා මෑත වකවානුවේ ඓතිහාසික පුද බිමේ බෝධීන් දෙනම කඩලා බෝධීප්‍රකාර කඩලා විනාශ කලා එතකොට මේ සියල්ල කඩලා බිදලා අපේ පන්සල් ඩ්‍රෝසර් කරනකම් අපි ජාතිවාදය ඇවිස්සෙයි කියලා බෞද්ධයන් හැටියට මමත් දායක සභාවත් කරබාගෙන උඩ බලාගෙන ඉන්න ඔනෑ.
ඒ වාගේම තමයි අනුරාධපුර, පොළොන්නරු, මහනුවර කියන මේ යුග තුනට අයත් මෙම විහාරස්ථානයට රජ දරුවන් විශාල ඉඩම් ප්‍රමාණයක් පූජා කරලා තියෙනවා. ඒවා ගම් පිටින් පූජා කරපු ඔප්පු තිරප්පු අපි ලග තියෙනවා. මේවා සියල්ල පසුගිය දින වලදි අපිට සොයා ගැනිමට හැකි වුනා.
එහෙම පූජා කිරිම සිදු කරලා තියෙන්නේ මෙම විහාරස්ථානය පවත්වාගෙන යන්න මෙම විහාරස්ථානය සංවර්ධන කටයුතු කරගෙන යන්න විශාල මුදලක් වැය වනවා. ඒ වෙනුවෙන් තමයි ඒ කාලයේ රජ දරුවන් මේවා පූජා කරලා තියෙන්නේ. මොකද මේවා මිනිසුන්ට නඩත්තු කරගෙන යන්න බැහැ. ඒ නිසා ඉඩ කඩම් කුඹුරු යනආදිය පූජා කලා. ඒ වාගේම බෝග වගාවන් වැනි පග ලබන දේවල් වලින් ඒවායේ ලැඛෙන දේ වලින් ඒවා මිල කරගෙන විහාරස්ථානය දියුණු කරගන්න තමයි එම කටයුතු සිදු කරලා දුන්නේ


අද වෙනකොට අක්කර තුනක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට මේ දෙවනගල ප්‍රශ්නය අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි වසර ගණනාවක පටන් ඇදි ඇදි ආව කාරණයක්. විශෙAෂයෙන් මම මෙහි භාරකාර ස්වාමින් වහන්සේ වුනාට පස්සේ අපේ මල්වතු මහා විහාරයේ ප්‍රධානතම විහාරස්ථානයක් මෙම දෙවනග විහාරස්ථානය කියලා කියන්නේ.
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයට අයත් රජ මහා විහාරස්ථාන අතර අපේ විහාරය මල්වතු විහාරස්ථානයේ කෙන්ද්‍රස්ථාන ප්‍රමුඛව නඩත්තු වන ස්ථානයක් බවට පත් වන ස්ථානයක්. ඒ නිසා පසුගිය කාලේ වැඩ සිටි නායක හිමියන් අපවත් වුනාට පස්සේ විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ බවට මාව පත් කලේ උවදුරු කරදර සියල්ලම තාඩන පීඩන මධ්‍යයේ මේ පිං බිම ආරක්ෂා කර ගැනිම වෙනුවෙන්.
අද වෙන කොට මෙම විහාරස්ථානයේ පොඩි ප්‍රමාණයක් තමයි ඉඩ කඩම් තියෙන්නේ මම වර්තමානයේ විහාරස්ථානයේ ඉඩ කඩම් පිළිබඳව සොයා බැලිමක් කරන කොට දැක්කා මෙම ඉඩම් වසන් කරලා විශෙAෂයෙන්ම අපි කියන්න ඔනෑ. මේවාට වග කියන්න ඔනෑ දේශපාලන බල අධිකාරිය හිටපු ඇමැතිවරු විශෙAෂයෙන් මේ පළාතේ හිටපු ඇමැතිවරයෙක් තමයි අතාවුද සෙනෙවිරත්න කියලා කියන්නේ අතාවුද සෙනෙවිරත්න ඇමැතිවරයා කාලයේ මේ දෙවනගල විනාශම කරන්න ඔහු ප්‍රමුඛ වි කි්‍රයා කලා.


ඔහු විසින් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට බලපෑම් කලා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට බලපෑම් කලා. ඉඩම් කොමසාරිස්වරුන්ට බලපෑම් කලා. එතුමා තමයි මේ බාධක පමුණවලා විශාල හානියක් කරන්න බලාපොරොත්තු වුනේ මොකද එතුමාට ඔනෑ වුනේ මැතිවරණයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යන්න විතරයි අපේ උරුමයට හෙන ගැසුවොත් දෙවනගල ඓතිහාසිකත්වය නැති වුනොත් කමක් නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට ඔප්පු ටික හොරට හදලා කණු ගහලා අන්න ජාතිකයන්ට ඒවා ලබා දෙන්න කියලා තමයි එතුමාගේ ප්‍රමුඛ කාර්ය වුනේ.
නමුත් මම අවුරුදු දෙකකට වැඩි කාලයක් නඩු කියලා මෙම ඉඩම් එකින් එක නිදහස් කරන ක්‍රමවේදයට ඇවිත් තියෙනවා. මේ මුස්ලිම් ජනයා ජිවත් වන නිවෙස් හෝ ඉඩම් නොවෙයි. මේ මුස්ලිම් ජාතිකයින් විහාරස්ථානයට අයිති ඉඩම් වැටයිම් මායිම් සකස් කරගෙන බැමි බැද ගෙන ඒවා සීමා කරගෙන ඒ අය ජිවත් වෙනවා.


මම ඊට පස්සේ කල්පනා කලා මුඩු බිම් ගැන මුඩු බිම් පවා මේ අය කූට ලෙස අල්ලාගෙන ඉන්නවා තෑගි ඔප්පු හාදාගෙන සහ හොර ඔප්පු හදාගෙන නමුත් අපි මෑතක මේ ඔප්පු සියල්ල හොයා ගත්තා මේවායේ පැහැදිලිව තියෙනවා මේ අසල තියෙන කුඹුර දැනට ගොඩ කරලා තියෙන කොටස විහාරස්ථානයට අයිතියි කියලා. ඊට පස්සේ මම 2017 සිට 2018 කාලයේ සිටම මේ සම්බන්ධයෙන් රජයට ලියනවා.


ගොවිජන සේවා කොමසාරිස්තුමන්ට පරිසර ඇමැතිතුමන්ට ගොවිජන සේවා ඇමැතිතුමන්ට ලියලා ලියලා ඒවායින් ආපු උත්තර මාගේ ගාව තියෙනවා. ඒවාට ආපු නියෝග තියෙනවා. නමුත් අවුරුදු තුනකට කිට්ටු වෙනවා මේ වන විට ඒ නියෝග ක්‍රියාත්මක වේලා නැහැ. ඒ නියෝග වල තියෙනවා.
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගය මං තීරු දෙකට සංවර්ධනය කරනකොට මෙම කුඹුරු ඉඩම මුස්ලිම් ජාතිකයෙකු විසින් ගොඩ කරලා බොරළු සහ පාර හදන ද්‍රව්‍ය දාගන්න ලබා දුන්නා. හැබැයි ඒ බොරළු යනආදිය බෑවේ ගොවිජන නිතීයට අනුකූලවයි. ඒ වාගේම එම කටයුතු වලින් පසුව නැවත කුඹුරක් බවට පත් කරන බවට ලිඛිත පොරොන්දු පත් වලට අනුවයි.


පාර හදන වසර දෙකක කාලයකට මෙම කුඹුර ගොඩ කරලා නැවත එය කුඹුරක් බවට පත් කරන අදහසින් තමයි ගොවිජන කොමසාරිස්වරයාමෙම ස්තානය ලබා දෙන්නේ මාවනැල්ල බැමිණිවත්ත ගොවිජන සේවා කාර්යාලයෙන් නමුත් ඒ අවුරුදු දෙක අවසන් වුනත් ඒ නිතීයට ඔවුන් ගරු කරන්නේ නැතිව මේ විදිහට කටයුතු කරලා වැටවල් ගසා ගෙන පෞද්ගලික බුදලයක් බවට පත් කරගෙන.
සිංහලයාට ඔක්කොම නිතී නමුත් මුස්ලිම් මිනිස්සුන්ට ඒ නිතී නැහැ ඔවුන්ට පුළුවන් හැම දේම කරනවා. කුඹුරේ බොරළු අයින් කරලා යථා තත්වයට පත් කරන්න ආපු ලියුම් තියෙනවා. කුඹුර මඩ බවට පත් කරන්න ආපු ලියුම් තියෙනවා. එක රේගුලාසියක් තියෙනවා කුඹුරක් ගොඩ කරන්න බැහැ.


ගොවිජන සේවා පණතේ තියෙනවා. අඩුම තරමින් පස් උදල්ලකින්වත් ගෙනත් දාන්න බැහැ. පැළවෙන ඉනි හදන්න බැහැ. එක තමයි නිතීය. මෙම කුඹුර ටිපර් රථ විශාල ප්‍රමාණයක් යොදා ගෙන පුරවලා තියෙනවා. අක්කරයයි පර්චස් විස්සක් පුරවලා තියෙනවා.
ඔබට දකින්න පුළුවන් කුඹුරේ අනික් කොටස තියෙනවා එක ගොඩ කරලා නැහැ එම කුඹුරයි මේ කුඹුරයි එකට තියෙන්නේ ගොඩ කරපු කුඹුර අඩි හතරකට වඩා පහතින් තියෙන්නේ එහෙම බලපුවාම මේ කුඹුර ගොඩ කරලා තිඛෙන විදිහ පෙනවා.


මම කියන්නේ මෙකයි මේක පන්සලේ කුඹුරක්. මට මේ කුඹුරේ බොරළු අදින්න බැහැ. මට බොරළු අදින්න මිල මුදල් නැහැ. අපේ දායකයන්ටත් නැහැ. ඒ මිනිස්සු මේක වරදක් කරලා තියෙනවා නම් මෙහි බොරළු අයින් කරන්න ඔනෑ. ඊට පස්සේ කුඹුර අපි විහාරස්ථානය වෙනුවෙන් දායකයෙකුට දෙන්න පුළුවන් වැඩ කරගන්න. අද වෙනකොට අපේ අයිතිය තහවුරු කරගෙන තියෙනවා. මේවාට හොර ඔප්පු හදලා තියෙනවා. සියල්ල වෙන්නේ දේශපාලන අධිකාරිය හරහා.


පසුගිය කාලේ කබිර් හෂිම් ඇමැතිතුමාගේ කාලයේ බලපෑම් මත මාව සිර කරන්න පසුබිම හැදුවා මම මොනවා හරි කරන්න ගියොත් මට තහනම් නියෝග ගෙනත් දෙනවා ස්ථානාධිපතිවරයා උදෙන්ම විහාරස්ථානයට මට ඊට පස්සේ එළි බහින්නවත් බැහැ. විශෙAෂයෙන් පසුගිය ආණ්ඩු කාලයේ බලපෑම් විශාල වශයෙන් තිබුණා. එහි ප්‍රධාන බලපෑම සිද්ධ වුනේ කබිර් හෂිම් ඇමැතිතුමාගෙන්.


කබිර් හෂිම් ඇමැතිතුමාගේ ලග ඥාතීන් ඒ අය සමග සම්බන්ධකම් පවත්වන අනික් අය මෙම ස්ථානයේ ඉන්නවා. විශෙAෂයෙන්ම මේ අය එකතු වේලා බලපෑම් කරලා තියෙනවා රාජ්‍ය ක්ෂත්‍රයට ඇමැතිවරයා කියපුවාම පළාතේ ඉන්න පොලිස් අධිකාරිවරු අපිට නිතීය සම්පාදනය කරන පොලිසියේ ඉහළ පෙළේ සියලූ නිලධාරින් සියලූ දෙනා දේශාපාලනය නතු වෙනවා. ඉහළින් එන නියෝග වලට මේ අය ක්‍රියා කරන්න වෙනවා.


මේ අය මේ ප්‍රශ්නය නිතරම හුවා දක්වන්නේ ජාතිවාදයක් ලෙසයි නමුත් අපි මේ මොහොතේ කියන්න ඔනෑ අපිට තියෙන විශාල ප්‍රශ්නය තමයි මුස්ලිම් අය ඇවිත් අපේ සඳකඩ පහන, අපේ සෙල්ලිපි වලට ඇසිඩ් දමලා අපේ බුදු පිළිම කඩලා මෑත වකවානුවේ ඓතිහාසික පුද බිමේ බෝධීන් දෙනම කඩලා බෝධීප්‍රකාර කඩලා විනාශ කලා එතකොට මේ සියල්ල කඩලා බිදලා අපේ පන්සල් ඩ්‍රෝසර් කරනකම් අපි ජාතිවාදය ඇවිස්සෙයි කියලා බෞද්ධයන් හැටියට මමත් දායක සභාවත් කරබාගෙන උඩ බලාගෙන ඉන්න ඔනෑ.


එතකොට ඒ අය ඇවිත් අපේ බෝධීය බුදු පිළිම කඩලා සෙල්ලිපි විනාශ කරලා අපේ උරුමයන් නැති කරලා මේවා මායිම් ගම්මාන බවට පත් කරගන්න කම් අපි ඔහේ බලාගෙන ඉන්න ඔනෑ. අපි කතා කලොත් ජාතිවාදය කියලා කියන්නේ මේවා අපි හොඳට තේරුම් ගන්න ඔනෑ.
හැබැයි මතක තියා ගත යුතු වෙනවා ඒ ඇත්තෝ ජිවත් වේලා ඉන්නෙත් අපේ විහාරස්ථානයේ ඉඩ කඩම් වල කියන එක. ඒ නිසා මේ රටේ නිතීයක් තියෙනවා විහාරස්ථානයේ බදු වලට යෑම ඉදිරියේදි මම ඒ වෙනුවෙන් ක්‍රීයා කරනවා නමුත් මට මේවා අරන් යන්න නෙවෙයි මම ඒ විදිහට කරන්නේ මේ රටේ බෞද්ධ ඉතිහාසයත් මේ රටේ ඉතිහාසයත් ආරක්ෂා කර දෙන්නයි.
මේ මුඩුබිම් ආරක්ෂා කරන්න ඔනෑ. අක්කර ගණනක කුඹුර අද වෙනකොට වේලා තියෙන හානිය ඔබට පෙනවා. ලිං හදලා කෙසෙල් හදලා වෙනත් බෝග හදලා ඇල මාර්ග වහලා කුඹුරට තිබ්බ කමතට හානි කරලා මේවා විනාශ වෙන්න ඉඩ හැරලා තියෙනවා.


ඇල මාර්ගය වහලා තියෙනවා ඇල මාර්ගයක් වහන්න බැහැ. මේ ඇල තිබුණා මහ පාර දක්වා ( මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ) ඒ මහ පාරෙන් බොක්කුවක් දාලා තියෙනවා ඒහා පැත්තට වතුර බැහැලා යන්න. ඒවා අද වහලා තියෙනවා. ගොවි ජන පණතේ තියෙනවා පැල වෙන ඉනි කුඹුරක හදන්න බැහැ කියලා නමුත් අද මේකේ පැල වෙන ඉනි හදලා තියෙනවා. මේ වෙනුවෙන් නිතී ක්‍රියාත්මක වෙන්නේ නැහැ එකයි මේ රටේ අපිට තියෙන දුක.


විශෙAෂයෙන් කියන්න ඔනෑ කෑගල්ලේ ගොවිජන කොමසාරිස්තුමා කෑගල්ලේ එතුමාට ඉහළින් ආපු නියෝග මත මේ වන විට නිතීය ක්‍රියාත්මක කරලා තියෙනවා. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් නමුත් මේ අය මේ නිතීය උල්ලංඝණය කරලා ඒවා කිසිම ගානකට නොගෙන ඉන්නවා. අපි කියන්නේ මේවන විට දැන් අවුරුදු දෙකකට වැඩිනේ මේ නිතීය ඇවිත් ඇයි එහෙමනම් මේ නිතීය ඔවුන් වෙනුවෙන් ක්‍රීයාත්මක කරන්නේ නැත්තේ කියලායි. එම පුද්ගලයා මේ දේවල් පිළිපදින්නේ නැතිනම් ඔහු අධිකරණය වෙත ගෙනයන්න පුළුවන් කම තියෙනවානේ.


අපිට රජ දරුවන් පූජා කරපු ලස්සන කුඹුරක් විහාරස්ථානයේ නඩත්තුව වෙනුවෙන් විශෙAෂයෙන් මේ වාගේ වසංගතයක් කාලයක වුවත් වැඩ සිටින හිමිවරුන්ට මෙහි ගොවිතැන් කර දානය සකස් කර ගන්නත් ගමේ අහිසංක මිනිස්සුන්ට ආහාර ලබා දෙන්නටත් මේ කුඹුරේ වැදගත් කමක් තියෙනවා. මේ කුඹුර තියෙන කාලේ පන්සලට එහි වැඩ කරපු අම්මලා තාත්තලා ඉන්නවා අපේ කමතේ වැඩ කරපු අය ඉන්නවා දැන් වන විට කමත විනාශ කරලා එම ස්ථානයේ තිබ්බ විශාල ගල්පර්වතයක් කඩලා මේ ජාතිකයින් මුදල් හොයා ගැනිමට භාවිතා කරමින් මෙහි තිඛෙන ඓතිහාසිකත්වය දේශාපලන හයිය අරන් කටයුතු කලේ අපේ ඓතිහාසය මකා දැමිම වෙනුවෙන් පමණයි. මේ හැම නිතීයකින්ම ගොවි ජන සේවා පණත උල්ලංඝණය කරලා තියෙනවා.
විශෙAෂයෙන් දෙවනගල රජමහා විහාරස්ථානය ගත්තාම ගොඩාක් පිංවතුන් හිතගෙන ඉන්නවා ගල මුදුන තමයි පන්සල තියෙන්නේ කියලා නැහැ ඒ ගල අපේ විහාරය පොකුණ රෑ සදු වහන්සේ ඒ වාගේම චෛතිය ඒ වාගේම විහාර මන්දිය පිළිම හාමුදුරුවන්වහන්සේලා වැඩ සිටින විහාර මන්දිරය. බෝ හාමුදුරුවෝ එම ස්ථානයේ වැඩ සිටිනවා.


මේ ස්ථානය මහ නුවර යුගය වන විට නුවර යුගයේ පිං වන්ත විමලධර්මසූරිය රජුගේ කාලයේ මේ දෙවනගල විහාරය භාර දෙන්නේ දෙවනගල රතනාලාංකාර කියලා සංඝ රාජයාණන් වහන්සේට උන් වහන්සේට මේක භාර දෙන කොට විශෙAෂයෙන් උන් වහන්සෙත් විමලධර්ම සූරිය රජු අතරත් බොහෝම හොඳ සම්බන්ධතාවයක් තිබුණා.
එකට හේතු වුයේ විමලධර්ම සූරිය රජු රජ කමට දිවුරුම් දෙන දවසේ දෙවනගල රතනාලංකාර සංඝරාජ වහන්සේගේ මුලිකත්වයෙන් තමයි මේ පිරිත් ධර්ම දේශණයම කරලා ආශිර්වාද කරන්නේ එතකොට මේ ස්ථානය වියපත් වන ස්වාමින් වහන්සේ නමකට අවුරුදු පනක් හැටක් වුනාම දෙවනගල කදු මුදුනේ ඇති පුද බිමට වඩින්න පාරක් නැහැ පඩිපෙළින් යන්න ඔනෑ විශාල මහන්සියකින් ඒ නිසා රජවරු කල්පනා කලා. පෝය කර්ම කරන්න විනය කර්ම කරන්න ස්වාමින් වහන්සේලා වියපත් වුනාම ස්ථානයක් අවශ්‍ය නිසා ගිලන්ව ඉන්නකොට ඛෙහෙත් හෙත් ටිකක් ගන්න විවේක සුවයෙන් ඉන්න උන් වහන්සේලාට වාහනයකින් එන්න ස්ථානයක් සකස් කරන්න ඔනෑ කියලා.


එතකොට මහනුවර යුගයේදි පැරණි සංඝාවාසය මෙම ස්ථානයේ භික්ෂුවකට අවශ්‍ය විනය ශික්ෂා පද ටික ආරක්ෂා කරගෙන සහ ඒ ආගමික පහසුව වෙනුවෙන් මෙතන ඉදි කලා. එකක් තමයි හාමුදුරුවෝ විනය කර්ම කලා වස් සමාදන් වුනා. ඒ වාගේ දේවල් වලට මේ වාගේ ස්ථානයක් තමයි වැදගත් වන්නේ ඒ වෙනුවෙන් විහාරයක සියලූ දේවල් මෙහි රජ දරුවන්ගේ කාලයේ සිටම ඉදි කරලා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ලබා දිලා තියෙනවා.
ඒ නිසා මෙම ස්ථානයේ තමයි දෙවනගල රජ කාලයේ සිට සංඝාවාසය පිහිටා තිඛෙන්නේ මෙම ස්ථානයේ සිට තමයි ගල මුදුනේ සංඝා වාසය වෙත ගමන් කරන්නේ. බුද පූජාවන් සියල්ල අදටත් රැගෙන යන්නේ මෙම ස්ථානයේ සිටයි. උදෑසන දහවල් බුද්ධ පූජාවන් මෙම ස්ථානයේ සිට රැගෙන යනවා. හවස් වරුවට ගිලන් පස රැගෙන යනවා.


අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ විහාරස්ථානය අද වෙනකොට ඔබට පෙන්න තියෙනවා අන්‍ය ජාතිකයන් මේක වටකරගෙන අවසන් දෙවනගල විහාරයත් දෙවනගල සංඝාවාසය පිහිටි බිමත් මේ අවුරුදු කිහිපයේදි මේ පන්සලට එන්න හරියට පාරක් තිබුණෙA නැහැ ඒවා සකස් කලා.
මේ වන විට මට බොහෝ බාධක ඇවිත් තියෙනවා. විශෙAෂයෙන් රටේ ජනාධිපතිතුමන්ට අගමැතිතුමන්ට බුද්ධ ශාසන ඇමැතිතුමන්ට පුරා විද්‍යා කටයුතු සම්බන්ධ ඇමැතිතුමන්ට ඒ වාගේම මේ රජයේ වගකියන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙම දෙවනගල පූජා භූමිය වටිනාම පවුරානික පිං බිමක් අනුරාධපුර යුගයේ සිට පැවත එන පිං බිමක් ඒ නිසා මේක ආරක්ෂා කරදෙන්න කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා.


මේ රජය බලයට ගෙන්න අපි පසුගිය කාලේ විශාල ලෙස කටයුතු කලා කබිර් හෂිම් මහතා සමග කොයි තරම් ප්‍රශ්න ඇති කර ගත්තාද කියලා මාධ්‍යවේදින් ලෙස ඔබලා දන්නවා එහෙම අපි කලේ මේ පුජා භූමි මෙන්ම අපේ උරුමටන් ආරක්ෂා කර ගන්න. ඒ කාලයේදි තමයි ඔවුන් බුදු පිළිම කඩලා සහරාන්ලාට උදව් කර පිරිස් අද ඒවා ඔප්පු වෙමින් යනවා සහරාන්ලා ආරක්ෂා කලේ සහරාන්ලාගේ කල්ලි කණ්ඩායම් ආරක්ෂා කලේ බුදු පිළිම කඩපු අය ආරක්ෂා කලේ අපි තමයි රටටම කිවේ විශෙAෂයෙන් මම විශෙAෂයෙන් අපි නොබියව ගිහින් ඒ වෙනුවෙන් මුහුණ දුන්නා. පසුගිය ආණ්ඩුවෙන් සත පහක් මෙම විහාරස්ථානයට ලැබුණේ නැහැ.

අපිට කවුරුවත් උදව් කලේ නැහැ. ඒ නිසා අපි මේ කියන්නේ අපි පත් කරගත්ත මේ ආණ්ඩුවෙන්වත් මේ දෙවනගල ප්‍රශ්න නිරාකරණය කරගන්න බැරි වුනොත් අපේ උරුමය නැති වෙන තරමටම පස්සට යනවා. ඒ නිසා වගකිවයුතු ශ්‍රීමත් ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ පිළිබඳව එතුමා අවදානය යොමු කරලා මේ පිළිබඳව සොයා බලයි කියන ලොකු විශ්වාසයකින් එතුමාට හොඳ අවබෝධයක් තියෙනවා අපේ උරුමයන් හා ඓතිහාසිකම සම්බන්ධයෙන් රජදරුවන් වාගේ එතුමා මේ හැම ඓතිහාසිකත්වයකටම මහා සංඝරත්නයට ආදරය කරනවා.
ඒ නිසා දෙවනගල සිරිපතුල්, සෙල්ලිපි අපේ පැරණී දැගැබ් ඒ වාගේම අපේ විහාර මන්දිර සහ පසුගිය කාලේ දැඩි හානියට ලක් වෙච්ච තැන් මේවා ආකරකෂා කර ගන්න මම දැන් විශාල පරිසමයක් දරවනවා.

බෝධිය දෙපාරක් කඩපු නිසා මේ වන විට අපිට පොලිසියේ නිලධාරින් දෙදෙනෙක් ලැබිලා තියෙනවා එහෙම මදි අපිට අඩුම යුධ හමුදාව හරි පොඩි කඳවුරක් හරි දාලා මේ ස්ථානය ආරක්ෂා කරන්නත් මේ ඉඩ කඩම් ප්‍රශ්නය මැදිහත් වේලා මුඩු බිම් නැවත පන්සලට ගෙනත් දෙන්නටත් නිතීය ක්‍රියාත්මක දෙන්න කියලා විශෙAෂයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එතුමා මෙම ස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බැලිමක් සිදු කරනවා නම් එය ඉතා වටිනා බවද මෙහිදි සිහිපත් කරන්නට කැමැතියි.
එම නිසා ඔබලා මුහුදු මහ විහාරය බේරා ගත්තා සේම ඊට ඒහා ගිය ඉතිහාසයක් ඇති මෙම පුද බිමද වහාම බේරා ගත යුතුව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *