තරුණිය ඝාතනය කල පොලිස් නිලධාරියා ලියූ බව කියන ලිපිය

පොලිස් නිලධාරියා සිදුකල අපරාධයට වඩා අපරාධයක් නොකරන්න

ඒ අපගේ ඉල්ලීමයි

හේතුව>>>>

තම ස්වාමියා ලිපියක් ලියා නිවසින් පලා යනවා

මොන වරද කලත් ඒ තම සැමියා එහෙම හිතන බිරිද

ජන සමාජයට අත්පොත් තබන පොලිස් නිලධාරියාගේ 18 හැවිරිදි පුතා සහ 17 හැවිරිදි දියණිය

අවට ප්‍රදේශය සිසාරා හඩ නගමින් තම සැමියා පියා සොයනවා

කලක් තමන්ට සෙනෙහෙබර සැමියෙක් පියෙක්

මේ ඝාතකයා ගැන ආදරවන්තයින් සිතන්නේ එහෙමයි

අපි වෙන කාටත් වඩා ඔවුන් වෙනුවෙන් මේ මොහොතේ කටයුතු කර නොවේද?

පොලිස් නිලධාරියා නිවසින් පලා යාමට පෙර ලියන ලද ලිපිය පිටු හටහරකින් සමන්විත ලිපියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන ලදී එම ලිපිය යයි පවසන ලිපියක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන නිසා එම සංසරණය වන ලිපිය එම පොලිස් ඝාතකයා විසින් ලියන ලද ළිපිය ලෙස සටහන් වුවද නොවූවද එම ලිපියේ හරය සමස්ථ ඝාතන ක්‍රියාවලියේ සැකැස්ම විග්‍රහ කිරීම සදහා පමණක් පල කරන්නෙමු

කොළඹ වේල්ල වීදියේ දමාගිය බෑගය තුල තිබී හමුවූ කාන්තා මළසිරුර

සමාජයේ දැඩි කථා බහක් අපරාධය සොයා පොලිස් කණ්ඩායම් ලහුබදී

පළමු හෝඩුවාව හංවැල්ල බස් නැවතුමේ දමා ගිය ගමන් මල්ලේ

ඝාතනය වූ තරුණියගේ හැදුනුම් පත හමුවෙනවා

පොලිස් කණ්ඩායම් ඝාතනය වූ තරුණිය සොයා ගන්නවා

ඇයත් සමග ඇසුර පැවැත්වූ කෙනාවා හදුනාගන්නවා

ඔහු පොලිස් නිලධාරියෙකු බවට තහවරු වෙනවා

බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන බව සොයා ගන්නවා

ඔහු පොලීසියේ නොමැති බවත් සොයා ගන්නවා

පොලිස් කණ්ඩායම් බඩල්කුඹුරේ නිවස වටලනවා

සැකකාර පොලිස් නිලධාරියා පලා යනවා ඔහු පලා යාමට පෙර බිරිදට ලිපියක් ලියනවා

මේ එලෙස ලියූ බව කියන සමාජ මාධ්‍ය තුල ඇති ලිපියයි

අම්මට

මට සමාවෙන්න ,මගේ ජිවිතේ පන මගේ පවුල ,මොන විදියේ වැඩ කළත් මම එක දුන්නෙ පවුලට .එය එසේ වෙද්දී SI අංකල් ,SI අන්කල් කිය කියා මගේ මිතුරකුගේ දියණියක් මට ළං වුණා .එයා දැනගත්තා මගේ ළමයින්ට මං කොච්චර ආදරේද කියලා .මුලදි ලොකුවට නොවුනට පසුව ඒ ළමයටත් මගේ දරුවකුට වගේම සලකන්න කීවා .එය එහෙම කරන්න මට බෑ .කියපු හැමදේම කරා.ඉල්ලපු හැමදේම දුන්නා.පසුවට ඔයාටයි ළමයින් ටයිත් එක්ක බනින්න ගත්තා .මට එපා උනා .නවත්තපු මේ සම්බන්දෙ කිව්වා .එහෙම බෑ කියලා නොයෙක් දේ කළා .ඒක ඔයා දන්නවා.

ඔයාගේ තරහ කේන්තිය ගෑනියෙක් හැටියට සාධාරණයි .ඒත් දැන් මම නීතියෙ වරදකාරයෙක් වෙලා .කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා .එහෙම වුනොත් මාව හොයා ගන්නකං ඔයාලට පොලීසියෙන් වද දෙයි .ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කරගන්නවා.එතකොට ඔයාලට වද දෙන්නෙ නෑ .අවනම්බුවක් වෙයි ඉවසලා වැඩ කරන්න .

මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා .මම දන්නේ නෑ ලෝකෙ ගැන .නොදැන නෙමෙයි මම මේවට පැටලුණේ .ඒත් දැන් ඉතිරිවෙලා නෑ කිසි දෙයක් .ඔයා හිතින් විඳපු වේදනාව මම මගේ ජීවිතෙන්ම දැන් විඳිනවා .ඒක මගේ වරද .මම නැති වුණාට ඔයාලා බලාගන්න කෙනෙක් ඇති .අවුරුදු ගණන් හිරබත් කන්න වෙයි මට .

මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි.ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුන නම් හොදයි කියල දැන් හිතෙනව.මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න .ටික කාලයක් යනකොට දුක ඇරිල යාවි .

ලෝකයේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒකයි ලෝක ධර්මය .දැනටත් මාව සීඅයිඩී එකෙන් හොයනව .පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වය කියන්න .කාලයක් තිස්සේ වුණ දේ ….. ආදරය කිය කිය ඉදල වෛර කළා …

මට සමාවෙන්න .
තෙරුවන් සරණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *