“හැප්පිලා බලමු මොකද වෙන්නේ කියලා” ආණ්ඩුව වරාය ගැන තීරණය ගතයුතුයි!!

අපි හැප්පිලා බලමු මොකද වෙන්නේ කියලා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ තීරණය හකුලාගන්න මේ සේවකයන්ගේ ඉල්ලීම ඉටුකරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට කොන්ද තිබුණා මේක රැකගන්න අපි වෙහෙසිලා මහන්සිවෙලා රටපුරා ගිහින් ගෙනාපු ජනපතිට ඇයි මේක රැකගන්න බැරි අපි හෙට බලමු මොනවද වෙන්නේ කියලා අපි කැමතියි ආණ්ඩුවත් සමග හැප්පෙන්න කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.එම සමාගම් දෙක කාගේ දැයි කිසිවකු නොදන්නා බවක් ඒවායේ නම් ද සඳහන් කර නැති බවත් ඒවා ජෝන්ස්ටන්ගේද නැත්නම් නාමල්ගේද නැතිනම් පී .බී ජයසුන්දරටද අයිති කියලා අහන්න කැමතියි එකී ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න මැතිවරණයට පෙර සහතික කර පැවසිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

එසේ නොකරන්නේ නම් මුළු කොළඹම අක‍්‍රිය කරන බවත් හැප්පිලා බලමු යයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එහිමියන් තව දුරටත් පැවසූහ.
කොළඹ වරායේ විරෝධතා පැවැත්වෙන ස්ථානයට ගිය උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *