“මුතුරාජවෙල” අලුතින් හිතමු! වෙනසට ඉඩදෙමුද?

මුතුරාජවෙල මුතු නොවන අමුතු කතාන්දරය සත්තකින්ම අගනේය. අතීතයේ සරු කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැති වල සඳහන් වේ.

මෙහි සත්‍යය කතාන්දරය ද මුතු මෙන් අගනේය. එය සත්තකින්ම තිත්ත වුවද නමුත් පෙන්වා දියයුතුව ඇත. සමහර පිරිසකට සමහර දෙනාට මෙය රිදෙන්නට හෝ ලැජ්ජාවට පත්වන්නට හේතු සාධක කරුණු කරණා තිබෙන නිසා ඒ අය මෙය ඒ ඇත්තන්ටද වැදගත් වනු ඇත.

මේ රට පාලනය කල හා කරන සමහර නැතිනම් සමහරක් මැති ඇමතියෝද, සමහර පරිසර වේදියෝද, සමහර වෘත්තිය සමිති කාරයෝ ද, සමහර රාජ්‍ය ආයතනද , සමහර මාධ්‍ය වේදීයෝ ද මේහි දී මේ මුතු රාවෙල මුතු මෙන් වටිනා පරිසරයට වින කල බවනම් පළමුවෙන්ම  පැවසිය යුතුව ඇත.

වසර 30,40ක් නොව මෙහි විනාශය කෝට්ටේ යුගය දක්වා ගමන් කරයි.ඉන් පසුව නොනැසි පැවැති මේ වගුර බිම උගුර දක්වාම විනාශ කරමින්  අද දක්වා ම ගණිකා මඩමක් මෙන් වෙසගනක් මෙන් මේ පරිසරය භාවිතා කරනුයේ කිසිදු පරිසර හිතකාමියකුගේ හෝ කිසිදු අදාළ පරිසර බලධාරියකු හෝ මේ විෂයභාර කිසිදු රාජ්‍ය ආයතනයක හෝ අධික්ෂනයෙන් තොරවය.මේ සියලුම අප්පුහාමිලා මේ විනාශයට වගකිවයුතුව ඇත.

ප්‍රදේශයේ    පළාතේ කක්කා සහිත ගලි බවුසර තොග පිටින් මුදා හරින්නේ කොතනටද ඒ වැඩිපුර ප්‍රමාණයක් මුදා හරින්නේ මුතුරාජවෙලටය.අනවසර ඉස්සන් කොවු හා අනවසර මහාපරිමාන කටයුතු රැසක් සිදු වන මුතු රාවෙල නිසළ කසළ දුඟද ගසන කසළ මුදා හරින තෝතැන්කි.අනවසර මත්ද්‍රව්‍ය පෙරන පළාතේ ප්‍රමුකම ස්ථානය මුතුරාජවෙල මේ පරිසර කලාපයයි. මින් ඉවත දමන අපවිත්‍ර ගෝඩා හා විවිධ අපද්‍රව්‍යනිසා ජලයමෙන්ම ජලජ ජීවීන්ද ජලජ සතුන්ද සමස්ත කලාපයේම සරනා සතුන්ට හිරිහැරයකි.

මේය අපටත් වඩා හොදින් ආරක්ෂක අංශ පොලිසිය සුරාබදු නිලධාරිහු සිය අවධානය යොමු කරන  රස රහසකි.අනවසර ඉදිකිරිම් සිදුකරන විට ඇස් පියාගෙන සිටින රාජ්‍ය ආයතන හා මේ රට පාලනය කළ පක්ෂ විපක්ෂ හා දැනට රටකරවන සමහරක් මැති ඇමැති අප්පු හාමිලා ද මේ පරිසරය විනාශය වගකිවයුතුව ඇත.පරිසරය සුරකින බව කියන ලියන හා වගකියන රාජ්‍ය ආයතන වල මහර නිලධාරිනගේ වැඩ නම් සත්තකින්ම අගයකල නොහැකිය.

පරිසර පද්ධතිය පුරාවටම ආක්‍රනික ශාඛ මෙන්ම,කටගැස්මට සතුන් දඩයමේ යෙනෙ පිරිස්ද මස් වැද්න්ගෙන්ද මේ පරිසර සොබා කෙතට කරනු අවණඩුව සුළුපටු නොවේ.තිබෙන ගස් කපන්නටද ගිනි තියන්ටද විටක ගනිකා මඩුවක්ක සිරි උසුලන මේ වගුරුබිම විනාහයෙන් විනාශයට පත්වෙමින් පවති. හත්මුති පරම්පරාවටම මෙය උරුමව තිබුන ද අපේ කාලයේ පරපුරට මෙය අහිමිවෙමින් පවතී.

මේ නිසා මෙය සත්තකින්ම රාජ්‍ය මැදිහත් විම මත සංරක්ෂණය කිරිමට සමගාමීව ආරක්ෂා කිරීමද සංවර්ධනය කල යුතුව ඇත.මෙයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාවට මේ තෙත්බිම ලබා දෙන්නේ නම් ලබා දෙන්නේ නම්  මුතුමෙන් මේ මුතුරාජවෙල තෙත් බිම ආරක්ෂා වන්නේය.ඒ අනුව, රාජ්‍ය දැයකත්වය හා පෞද්ගලික අංශයේද පරිසරයට ආදරය කරන පිරිසකට මෙය සකස් කර සංවර්ධනය කර ආරක්ෂා කරන්නට පියවර ගන්නේ නම් තෙත්බිම මතු පරපුරට තිළිණ කළ හැකිය. නැති නම් මුතුරාජවෙල තෙත්බිම නමට පමණක් යන්න ලංකා ඉතිහාසයට එක්වනු ඇත.

මුතුරාජවෙල,සංරක්ෂණය කිරීම,ජන ජීවිතය සවිබල ගැන්වීම,ඉහල ආදායම්ලාභී ධනවත් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම තෙත් වගුරු බිම සකස් කල යුතුව ඇත.

මුතුරාජවෙල ඉතිහාසය අතරේගත් කළ කෝට්ටේ රාජධනිය සමයේ මුතුරාජවෙල, ජනතාවගේ ප්‍රධාන සහල් ප්‍රභවය විය.කැළණිය රාජධනිය සමයේ මුතුරාජවෙල, කඩොලාන වනාන්තරයක් ලෙස පැවතුණි.ලන්දේසි යුගයේ දී,මුතුරාජවෙල, නගර වැසියන්ට ආහාර සැපයීම සඳහා වගා කිරීම සිදු කෙරිණි.මුතුරාජවෙල හරහා  කිලෝමීටර 16 පමණ දිග ලන්දේසි ඇලවල් ද ඉදි කෙරුණි.ලූණු සහිත ජලයෙන් මුතුරාජවෙල භූමියේ කෙත්වතු ආරක්ෂා කිරීම සඳහා පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සිදු කෙරුණි.

බ්‍රිතාන්‍ය යුගයේදී,බ්‍රිතාන්‍යයන් ඔවුන් යටතේ මුතුරාජවෙල වගාව දියුණු කිරීමට කටයුතු කරන ලදී.අතහැර දමා ඇති කුඹුරු අතීතයේ බොහෝ පාරිසරික වෙනස්කම් වලට භාජනය වී ඇති අතර එය අද දිවයිනේ වැදගත්ම තෙත් බිම බවට පත්ව ඇත.එය අදවන විට විනාශවෙමින් පවිති.

මුතුරාජවෙල ලංකාවට,මෙතරම් වැදගත් ඇයි!ශ්‍රී ලංකාවේ විශාලතම මුහුදු වෙරළ බඩ පීට් බොග් වීම,ජලජ පක්ෂි විශේෂ විශාල සංඛ්‍යාවක් වාසය කිරීම,විවිධ පක්ෂි විශේෂ 130 ක් පමණල බොහෝ දුර්ලභ මත්ස්‍ය විශේෂ සඳහා නිවහනක් ලෙස ක්‍රියා කරයි.සමනලූන් ද නිවහනකි.

වනජීවී දෙපාර්තමේන්තුව,මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් අධීක්ෂණය කරනු ලබන දිවයිනේ එකම  ප්‍රදේශය වන්නේද මෙයයි.1996 ඔක්තෝබර් 31 වන දින වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද රක්ෂිතයක් වීම මෙහිදි සදහන් කළ යුතුව ඇත.

මුතුරාජවෙල විශේෂතා අතරේ ගත් කළ ශාක විශේෂ 194 ට වැඩි ප්‍රමාණයක්  පැවතී.ප්‍රධාන වෘක්ෂලතා වර්ග හතකට පමණ බෙදා දැකිවිය හැකි ආකාරයට මෙය සකස් වී තිබේ.වගුරු බිම්,ලැක්ටික් ශාක,පඳුරු බිම්,බට,වගුරුබිම්,තෘණ බිම්,ඇළ ඉවුර සහ කඩොලාන වනාන්තර ඇතුළත් වු සුන්දර තෙත් බිමකි.

මාළු විශේෂ 40 ක් පමණ පැවතී.ශ්‍රී ලංකාවේ දේශීය මත්ස්‍ය විශේෂවලින් 45% ක් මෙහි දැකිය හැකිය.ආවේණික 5 ක්, ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති 5 ක් සහ විදේශීය විශේෂ 4 ක් ඇතුළත් වේ.උභයජීවීන් සහ උරගයින් ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උභයජීවීන් විශේෂ 14 ක් හා ආවේණික විශේෂ 4 ක් ඇතුළත් වේ.මෙම උභයජීවීන් සහ උරගයින් මුළු උභය ජීවී විශේෂවලින් 26% ක් නියෝජනය කරයි.ක්ෂීරපායින් විශේෂ  22 ක්,පක්ෂීන් විශේෂ 130 ක්  වාසය කරති.එක් ආවේණික පක්ෂියෙක් සහ සංක්‍රමණික පක්ෂීන් 19 දෙනෙකු මෙයට ඇතුළත් වේ.සමනලූන් සහ ඩ්‍රැගන්ෆ්ලයිස් විශේෂ 48 ක් සරණා මෙහි විශේෂ 6 ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

මුතුරාජවෙල සහ මීගමු  කලපු තෙත්බිම් කලාපය යනු ශ්‍රී ලංකාවේ ආර්ථික අගනුවර අසල වේගයෙන් සංවර්ධනය වන නාගරික ප්‍රදේශවල පිහිටා ඇති විවිධාකාර කඩොලාන පරිසර පද්ධතියකි.

මුතුරාජවෙල තෙත්බිම් දූෂණය ද මේ අතුරේගත් කල අදවන විට දැකිය හැකිය.ගොවිපල වලින් අප ජලය ගලා යාම,කෘෂිකාර්මික කටයුතු නිසි පරිදි පවත්වාගෙන නොයෑම,නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය,වෘක්ෂලතා හානි ආක්‍රමික ශාඛ වල් අනෝඳා වැනි ශාඛ ද මෙහි දැකිය හැකිය.දේශීය ශාක සමඟ තරඟ කරන දේශීය නොවන ශාක හඳුන්වාදීම,ගොඩකිරීම්,අප ජල ජලය,මිනිස් අපද්‍රව්‍ය,වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සහ ආවේණික සතුන් දඩයම් කිරීම,මුතුරාජවෙල ජලයේ ගුණාත්මකභාවය අඩාල කරන්නට හේතු වී ඇත.

ජල දූෂණය අතරේගත් කළ,දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව සිදුවන දූෂණය හේතුවෙන් මුතුරාජවෙල ජලයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස පිරිහී ඇත .මේ වන විට මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ පර්යේෂණ සිදුකර ඇත. 2012 දී මුතුරාජවෙලහි  වී නැවත වගා කිරීමට උත්සාහ කළේ ය. 1948 මුතුරාජවෙලහි වී නිෂ්පාදනය සඳහා සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.ඒ අනුව,නිර්දේශ මත පදනම්ව පදිංචිකරුවන්ට අක්කර 2.5 බැගින් ලබා දෙන ලදී.ලූණු වතුර ගලා ඒම වැළැක්වීම සඳහා හරස් ඇලවල් 28 ක් ඉදි කළ අතර එය සාර්ථක නොවීය.1965 මුතුරාජවෙල වගුරු කෘෂිකර්මාන්තයට නුසුදුසු බවත් නිවාස සඳහා හෙක්ටයාර 3,065 ක් පිරවීමටත් කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.

1971 මුතුරාජවෙල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සැලැස්මක් යෝජනා කෙරිණි.සඳහා තවත් කමිටුවක් පත් කරන ලදී .ප්‍රතිඵලය වී වගාව සඳහා කෘෂිකාර්මික ක්‍රමයක් ලෙස මුතුරාජවේල සංවර්ධනය කිරීම හිඟ සම්පත් නාස්තියක් වන අතර එය රටේ වෙනත් තැනක වී නිෂ්පාදනය සඳහා වඩා ලාභදායී ලෙස භාවිතා කළ හැකි බව රජය විසින් ප්‍රකාශ කරන ලදී.

මුතුරාජවෙල සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණ ඩෙල්ෆ් තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් සිදු කෙරිණි.ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජනතාවට සහාය වීම,අවධානය යොමු කර තිබේ.කෘෂිකර්මය,නිවාස කර්මාන්ත මේ ආශ්‍රිතව සිදුකළ හැකි බවයි.වී වගාව කළ නොහැකි අතර,කෘෂිකර්මාන්තය යටතේ කෙසෙල්,පොල්,කෝපි,එළවළු සහ කජු නිර්දේශ කර ඇත.මෙයට අමතරව,සංචාරක හා ධීවර කටයුතු නිර්දේශ කෙරේ.ඉඩම් ගොඩකිරීම නිර්දේශ කරන ලදී. පීට් පිරවීම, වැලි පිරවීම සහ පොම්ප පිරවීම සිදු කළ යුතුබව යන්න මෙහිදී නිරිදේශ කර තිබේ.

මෙයට අමතරව,මුතුරාජවෙල සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණ,මහා කොළඹ ආර්ථික කොමිසම යුරෝකොන්සල්ට් 1991,මුතුරාජාවෙල සහ මීගමු කලපුවේ ප්‍රධාන සැලැස්ම මෙහි දි වැදගත් වනු ඇත.මුතුරාජවේල අග නගරය සඳහා හරිත පෙනහළු ලෙස ක්‍රියා කරන අතර,අවම වශයෙන්  කොළඹ වර්තමාන සහ අනාගත නාගරික ජනගහනය සඳහා වැදගත් භූ දර්ශන පහසුකම් ලෙස සංරක්ෂණය කළ යුතුය.තෙත්බිම් අධ්‍යයනය සහ පර්යේෂණ සඳහා වගුරු හා කලපුව ද වැදගත් ය. මෙහි දී අවධානය යොමු කර ඇත්තේ,සංරක්ෂණ,නිසි පරිදි,ගොඩකිරීම,නැවත ස්ථානගත කිරීම,තිරසාර ධීවර ඵලදයිතාව සහතික කිරීම,කෘෂිකර්මාන්තයේ ඵලදයිතාව වැඩි දියුණු කිරීම,ජනතාවගේ  සෞඛ්‍ය ප්‍රමිතිය වැඩි දියුණු කිරීම ද කළ යුතුව ඇත.

පෙර සඳහන් කළ ආයතන මගින් සිදු කළ පරියෙක්ෂන අනුව,සැලසුම් නිර්දේශ මීගමු කලපුවේ වනජීවී සම්පත් ආරක්ෂා කල යුතුය යන්නයි.සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය අවම වගුරු බිම් සඳහා දැඩි සීමාවන් ලබා දිය නොහැක.වගුරු බිමෙහි උතුරු ප්‍රදේශ දකුණු ප්‍රදේශවලට වඩා පාරිසරික වශයෙන් වැදගත් ය.නොදියුණු ප්‍රදේශ ජීව කොරිඩෝ ලෙස තැබිය යුතුය.ප්‍රදේශ අතර ස්වාරක්ෂක කලාපයක් ඇතුළත් කල යුතුය.වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමේ අවශ්‍යතාවය සහ ශක්‍යතාව සොයා බලා පාරිසරික කළමනාකරණ වැඩසටහනට තෙත්බිම් පර්යේෂණ සඳහා පහසුකම් ඇතුළත් කල යුතුය .

ඉඩම් පරිහරණය සඳහා නිර්දේශය මෙහි කටයුතු සිදුකළ යුතුව ඇත. මෙය හුදෙක් මෙහි ආරක්සාවට ද සංරක්ෂණයටද හෙතු වන නිසාය.ඒ අනුව,උද්‍යාන,ක්‍රීඩා පිටි,ගොල්ෆ් ක්‍රීඩා,නිවාස,සැහැල්ලූ කර්මාන්ත,ගබඩා, ප්‍රවාහන හා කාර්මික සේවා,විශාල ආයතන,කලාපීය හෝ නගර උද්‍යානය, ක්‍රීඩා පිටි, ක්‍රීඩාංගණය, රට සමාජය, ගොල්ෆ් පිටිය, කඳවුරු බැඳීම,මහජන උපයෝගිතා වලට සරිලන පරිදි මෙම මුතුරාජවෙල සකස් කළ යුතුව ඇත.

සංචාරක හා විනෝදාත්මක,දේශීය හා අගනගර අවශ්‍යතා සපුරාලීම සඳහා මුතුරාජවෙල පිහිටි ස්ථානය සලකා බැලිය යුතු අංග,ගෘහස්ථ විනෝදාස්වාද පහසුකම්,හරිත නගර, උද්‍යාන,පිහිනුම් තටාක,ක්‍රීඩා ක්ෂේත්‍ර ක්‍රීඩාංගනය ද විනෝදාස්වාදය සහ ඟ ක්‍රීඩා සඳහා),සත්වෝද්යානය ජා ඇල අසල ජන කලා මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

මුතුරාජවෙල ලබා ගත හැකි විශාල ඉඩම් ප්‍රමාණයෙන් සහ කොළඹට හා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආසන්නව පිහිටීමෙන් වාසි ලබා ගැනීම සඳහා ඩිස්නි ජාත්‍යන්තර තේමා උද්‍යානයක් සංවර්ධනය කිරීමේ අදහසක් දියත් කර තිබේ.

මේ අනුව,තවදුරටත් අනුමත කර ඇත්තේ,ඉඩම් ගොඩකිරීම.මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම සඳහා හයිඩ්‍රොලික් හෙබි ගොඩකිරීම් භාවිතා කිරීමට යෝජනා කර තිබේ. තාක්ෂණික හා පාරිසරික අධ්‍යයන මත පදනම්ව, මෙතරම් විශාල ව්‍යාපෘතියක් කළ හැකි ප්‍රදේශය හා පිළිගත හැකි ප්‍රදේශය, මුතුරාජවෙල වඩාත් සුදුසු වනු ඇත.

මුහුදු වැලි පිරවුම් ද්‍රව්‍ය ලෙස භාවිතා කෙරේ.වෙරළට සාපේක්ෂව කෙටි දුරක් පයිප්ප මගින් වැලි ජල මිශ්‍රණයක් ගෙන යනු ලැබේ.මෙම ක්‍රමවේදය මගින් නැවත ලබා ගත යුතු අවම භූමි ප්‍රමාණය අවම ඒකක පිරිවැය සපුරා ගැනීම සඳහා අක්කර 400 (හෙක්ටයාර 162) කි.

ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණයට සහ කළමනාකරණයට සහාය වීම,ඊට සම්බන්ධ බලධාරීන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම,තෙත්බිම්,තාක්ෂණය ස්වාභාවික සම්පත් කළමනාකරණය අධීක්ෂණය කිරීම,1991 දී වගුරු කලපුව සංකීර්ණය හා අවට ප්‍රධාන සැලැස්මක් සම්පුර්ණ කර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.සවිස්තරාත්මක සංරක්ෂණ කළමනාකරණ සැලැස්මක් සපයන ලදී .

සංරක්ෂණ කළමනාකරණ සැලැස්මේ පරමාර්ථය වැදගත් වනු ඇත.සුසංයෝගී බහු භාවිතයන්ට සහාය වන අතරම පරිසර පද්ධති ව්‍යුහයන් පවත්වාගෙන යාම ද මෙහි දි වැදගත් වනු ඇත. මෙම තෙත් බිමෙහි භාවිතයේ පරාසයට ඇතුළත් වන්නේ,ධීවර,නැංගුරම් සේවා,අපද්‍රව්‍ය   බැහැර කිරීම,විනෝදය,අධ්‍යාපනය,වරාය සේවා ද වේ.

මුතුරාජවෙල සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලට අනුව,(IUCN)  ආසියානු කලාපීය පාරිසරික ආර්ථික විද්‍යා වැඩසටහන සහ (IUCN) ලෝක සංරක්ෂණ සංගමය,ශ්‍රී ලංකා කාර්යාලය මගින්ද මෙහි සංරක්ෂණ හා සංවර්ධනය කළ යුතුය යන්න නිර්දේශ කර තිබේ.තෙත්බිම් සංරක්ෂණයෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමටත් මුතුරාජවෙල තෙත්බිම් හායනය හා අලාභයේ ආර්ථික පිරිවැය  පිළිබඳ තොරතුරු ජනනය කිරීමටත් අරමුණු කර ඇත.

මෙම ප්‍රයෝජනවත් අභ්‍යාසය මීගමු කලපුවේ වටිනාකම ලෙස සැලකේ.කාර්මික කටයුතු  සඳහා කේන්ද්‍රස්ථානයකි.ගෘහස්ථ හා නාගරික අප ද්‍රව්‍ය බැහැර කිරීම,අන්තර් උදම් රල පාලනය හා රඳවා තබා ගැනීමට,නිවාස සඳහා ඉඩම් ප්‍රභවයක් වශයෙන්,කලපුවේ මසුන් ඇල්ලීම,වෙරළ ඉස්සන් සහ කුඩා ජලජ  මසුන් ඇල්ලීම ධීවර කටයුතු සඳහා ස්ථානයක්,සමුද්‍රීය ධීවර යාත්‍රා සඳහා නැංගුරම් පොළක් ලෙස,විනෝදය සඳහා සහ නිවාස ඉඩම් සඳහා මුතුරාජවෙල වගුරු බිම වටිනාකම ද තක්සේරු කරන ලදී.ජෛව විවිධත්ව තක්සේරුවක් ද සිදු කරන ලදී.

දුරදක්නා වැඩ කරන නායකයෙකුගේ දැක්ම යටතේ,තිරසාර පාරිසරික ප්‍රතිපත්තිය යනු පාරිසරික සංරක්ෂණයට පමණක් නොව, තිරසාර සංවර්ධනය සඳහා සමබර සමාජ හා ආර්ථික භාවිතයන් ක්‍රියාත්මක කිරීම බැව්,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී දක්වා තිබේ.

කෙසේ වෙතත්,මුතුරාජවේල ආරක්ෂා කිරීමේ අභියෝග රැසකි.මුතුරාජවෙල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතුය.තෙත් බිම සහ කලපුව අනාගත පරපුර සඳහා සංරක්ෂණය විය යුතුය.ප්‍රදේශයේ හොඳම ආර්ථික ක්‍රියාකාරකම වන්නේ පරිසර සංචාරක ව්‍යාපාරයයි.වසර 27 කට පෙර මුතුරාජවෙල  තෙත් බිම සඳහා 1993 දී මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂඥයන්  විසින් නිර්දේශ කරනු ලැබීය.මුතුරාජවෙල  අවට ජනතාවගේ ජීවන තත්ත්වය  වැඩිදියුණු කරන තුරු මෙම වටිනා තෙත්බිම ආරක්ෂා කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බව අපගේ අධ්‍යයනයේ දී අනාවරණය විය.

සත්තකින්ම මෙම තෙත් බිම ආරක්ෂා කරන්නට නම් අප කළ යුතුව ඇත්තේ, රටට  විදේශ විනිමය ආකර්ෂණය කර ගන්නා තෙත්බිම් සංරක්ෂණය කරන අතරම ජනතාවගේ  ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමයි.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහාද මේවැනි තෙත් බිමක් සංචාරය සඳහා  සුරක්ෂිත තෝතැන්නක් බැව, ලොව පිලිගත් ආයතන රැසක්ම 2019,2020 වර්ෂවල දී නම් කර තිබේ.

මේ අනුව,මුතුරාජවෙල හරිත උද්‍යානයේ පරිසර සංචාරක ව්‍යාපෘතිය යටතේ,සමාගම් හිමිකාරිත්වය යටතේ අක්කර 500 කට වැඩි ප්‍රමාණයක් ඇති මෙල්වත්ත ප්‍රොපර්ටි ඩිවෙලොප්ර්ස් පුද්ගලික සමාගම සංවර්ධකයින් වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාවේ දැඩි අධීක්ෂණය යටතේ මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *