කිරින්දේ කුරිරු රළ පහරට දිවිමගින් සමුගත් සොයුරු පෙමට ලී කවි ගොනුව

                                       හැටන් මනුර සුදත් සෙල්ලහේවා      

කිරින්ද මුහුදේ රල පහාරට හසුව මිය ගිය හැටන් නුවන් ඉන්දික වීජේසුරිය හා ඔහුගේ දියනියන් දෙදෙනා පිලිබද නුවන් මහතාගේ සොයුරු දිලාන් වීජේසුරිය මහතා විසින් ඔහුගේ සිතට නැගුනු සොයුරු පෙම පිලිබදව කවි ගොනුවක් එවා ඇත.

පසුගිය 23වන දින කිරින්ද මුහුදේ රල පහරට හසුව අසාධ්‍ය තත්වයේ පසුවු දෙදරු මව වන හෂිනි වීජේසුරිය මහත්මිය පුද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බව එම මහත්මියගේ ඥතින් පවසති.

නුවරඑළිය පුද්ගලික බැංකුවක සේවය කරන හෂිනි වීජේසුරිය මහත්මිය එම බැංකුව මගින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවකට සිය සැමියා හා දරු දෙදෙනාද සමග ගොස් කිරින්ද මුහුදේ රල පාගමින් සිටියදි රල පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇත.

එම අනතුරින් ඇයගේ ස්වාමියා වන නුවන් වීජේසුරිය හා ඔවුන්ගේ දියනියන් දෙදෙනාවන නෙසත්මා වීජේසුරිය හා හදින්සා නිලෝමි වීජේසුරිය යන තිදෙනා මිය ගිය අතර ඔවුන්ගේ අවසන් කටයුතු අති විශාල ජනතාවකගේ සෝසුසුම් මත හැටන් කුඩාඔය පොදු සුසාන භුමියේදි සිදු කරන ලදි.

එසේ මිය ගිය අයගේ සත් දින ධර්ම දේශනාව 29වන දින හැටන්හි නුවන් මහතාගේ නිවසේ සිදු කලඅතර එම අනතුරින් අසාධ්‍ය තත්වයේ පසුවු හෂිනි විජේසුරිය මහත්මියද මිය ගොස් ඇති බවත් ඇයගේ අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බවත් එම ඥතින් වැඩි දුරටත් පවසන ලදි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *